ඉන්දියාවේ දුම්රිය තුනක් එකිනෙක ගැටී පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් මරුට

ඉන්දියාවේ දුම්රිය තුනක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඔඩීෂා ප්‍රාන්තයේ බලසෝර් නගරයේ දී මගී දුම්රිය දෙකක් සහ භාණ්ඩ දුම්රියක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

මෙම අනතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 207 දෙනෙකු මිය ගොස් 900 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට රාජ්‍ය ආපදා කළමනාකරණ ඒජන්සිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කෙළේ.

තවදුරටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

SL vs AFG 1st ODI : ඇෆ්ගනිස්තානයට කඩුලු 6 ක ජයක්

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 6 ක ජයක් ලැබීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ සියලුදෙනා දැවී ලකුණු 268 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 91 ක්, ධනංජය ද සිල්වා ලකුණු 51 ක්, පැතුම් නිස්සංක ලකුණු 38 ක් හා දුෂාන් හේමන්ත ලකුණු 22 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් Fazalhaq Farooqi හා Fareed Ahmad කඩුලු 2 බැඟින් බිඳ හෙළිමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුලු 4 ක් දැවී සිටියදී 47 වන පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉල්ලක්කය පසුකර යාමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් Ibrahim Zadran ලකුණු 98 ක් හා Rahmat Shah ලකුණු 55 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත කඩුලු 2 ක් හා ළහිරු කුමාර, මතීෂ පතිරණ එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ගුරු ස්ථාන මාරු ගැන දැනුම්දීමක්

2021/12/31 වන දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලුම ගුරුවරු ජූනි මස 12 වනදා වන විට සේවා ස්ථානයට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

යම් ගුරුවරයෙකුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්, සේවයට වාර්තා කිරීමෙන් පසු විදුහල්පති මඟින් අභියාචනය ගුරු මාරු අංශයට යොමු කළ හැකි බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.

මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මාරු අංශයට පෞද්ගලිකව පැමිණීම අවශ්‍ය නොවන බවත් අභියාචනයට යොමු කළ අයදුම්පත් පිළිබඳ අභියාචනා තීරණය කඩිනමින් දැනුම් දෙන බවත් අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

සති අන්තයේත් ඉන්ධන බෙදාහැරීම් සිදුකරන ලෙස බලශක්ති ඇමතිගෙන් උපදෙස්

සියලුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් තොග සැපයීම සඳහා මෙම සතියේ සෙනසුරාදා සහ ඉරිදා දිනවලද ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දී ඇති බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අතිකාල වියදම් අඩු කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථා තොග ගබඩා පර්යන්තයේ පසුගිය මාස 4 තුළ ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල ක්‍රියාත්මක නොවූ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මිල අඩුවීමක් අපේක්ෂාවෙන් පසුගිය සෙනසුරාදා සිට ඉන්ධන පිරවුම්හල් මගින් ඇණවුම් ලබා නොදීම, අවම තොග පවත්වා නොගැනීම, මිල සංශෝධන සහ කෝටා වැඩි කිරීමෙන් පසු පාරිභෝගිකයන්ගේ ක්ෂණික ඉල්ලුම වැඩිවීම නිසා ඉන්ධන පිරවුම්හල්වල හිඟයක් නිර්මාණය වී ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

c3d8d2dd38b2c77306ea09cb05cee595

ඇෆ්ගනිස්තානයට ලකුණු‍ 269 ක ඉලක්කයක්

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරඟය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ සියලුදෙනා දැවී ලකුණු 268 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 91 ක්, ධනංජය ද සිල්වා ලකුණු 51 ක්, පැතුම් නිස්සංක ලකුණු 38 ක් හා දුෂාන් හේමන්ත ලකුණු 22 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් Fazalhaq Farooqi හා Fareed Ahmad කඩුලු 2 බැඟින් බිඳ හෙළිමට සමත් වුණා.

ඒ අනුව ඇෆ්ගනිස්තාන කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 269 ක්.

මිහින්තලය රජමහ විහාරයට පුණ්‍යාධාර ලබාදීම සඳහා QR කේතයක් හඳුන්වා දෙයි

පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලය රජමහ විහාරය සංවිධානය කර ඇති පුණ්‍ය වැඩසටහන් සඳහා පුණ්‍යාධාර ලබාදීමට QR කේතයක් හඳුන්වා දී තිබෙනවා.

QR හරහා මුදල් ගෙවීම් සිදු කළ හැකි ඕනෑම ඇප් එකක් මඟින් මෙම QR කේතය ස්කෑන් කිරීමෙන් ආරක්ෂිතව පුණ්‍යාධාර සිදුකළ හැකි බව, එය හඳුන්වා දී ඇති RDB බැංකුව පවසනවා.

අදාළ QR කේතය පහතින්.

2e4d1975cd6f62c12e59b6ab8eaa8a58

SL vs AFG 1st ODI : චරිත් සහ ධනංජයගෙන් අර්ධ ශතක

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරඟයේදී අර්ධ ශතක දෙකක් වාර්තා කිරීමට චරිත් අසලංක හා ධනංජය ද සිල්වා සමත් වුණා.

ඒ අනුව චරිත් අසලංක සිය අර්ධ ශතකය සඳහා හතරේ පහර 8 ක් ඇතුළත් වූ අතර ධනංජය ද සිල්වාගේ අර්ධ ශතකය සඳහා හතරේ පහර 5 ක් ඇතුළත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 183 ක් ලබා සිටිනවා.

ලකුණු 51 ක් ලබා සිටියදි ධනංජය ද සිල්වා දැවී ගියා.

SL vs AFG 1st ODI : පන්දු ඕවර 31 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 144/4

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරඟය අද (02) පැවැත්වෙනවා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 143 ක් ලබාගෙන තිබෙනවා.

ක්‍රියාත්මක වන්නේ තරගයේ 32 වන පන්දුවාරයයි.

පන්දුවට පහරදෙමින් සිටින චරිත් අසලංක ලකුණු 38 ක් හා ධනංජය ද සිල්වා ලකුණු 29 ක් ලබා සිටිනවා.

භාණ්ඩ රැස​ක ආනයනය සීමා ලබන සතියේ සිට ලිහිල් කරනවා – මුදල් රාජ්‍ය ඇමති

ආනයන කරනු ලබන භාණ්ඩ 300ත් 400ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් කිරීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව ලබන සතියේ සිට එම ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.

මෙරට විදේශ සංචිත ප්‍රමාණය ශක්තිමත් කරගෙන ඇති බවත් මේ වන විට ඩොලර් බිලියන 3 ක පමණ විදෙස් සංචිතයක් ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

SL vs AFG 1st ODI : පන්දු ඕවර 17 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 70/3

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරඟය අද (02) පැවැත්වෙනවා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 70 ක් ලබාගෙන තිබෙනවා.

ක්‍රියාත්මක වන්නේ තරගයේ 18 වන පන්දුවාරයයි.

පන්දුවට පහරදෙමින් සිටින පැතුම් නිස්සංක ලකුණු 29 ක් හා චරිත් අසලංක ලකුණු 02 ක් ලබා සිටිනවා.