SL vs AFG 3rd ODI : ශ්‍රී ලංකාවට ලකුණු 117 ක ඉලක්කයක්

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 22 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 116 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් Mohammad Nabi ලකුණු 23 ක් හා Ibrahim Zadran ලකුණු 22 ක් ලබා ගත්තා

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුලු 4 ක් හා වනිඳු හසරංග කඩුලු 3 ක් හා ළහිරු කුමාර කඩුලු 2 ක් හා මහීෂ් තීක්ෂණ එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 117 ක්.

SL vs AFG 3rd ODI : පන්දුවාර 16 ක් අවසානයේ ඇෆ්ගනිස්තාන ලකුණු පුවරුව – (80/7)

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන ඇෆ්ගනිස්තාන කණ්ඩායම 16 වන පන්දු වාරය අවසන් වන විට කඩුලුු 7 ක් දැවී ලකුණු 80ක් ලබා සිටිනවා.

ක්‍රියාත්මක වන්නේ තරගයේ 17 වන පන්දු වාරයයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුලු 4 ක් හා ළහිරු කුමාර කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

SL vs AFG 3rd ODI : කාසියේ වාසිය ඇෆ්ගනිස්තාන කණ්ඩායමට

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය අද ආරම්භ වෙයි

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය අද (07) ආරම්භ වනවා.

ඒ අනුව ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00 ට The Oval ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලිය තරග 2 – 1 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

දෙරට අතර පැවති එක්දින තරගාවලියේ තෙවන හා අවසන් එක්දින තරගය අද (07) පැවැත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 22 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 116 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් Mohammad Nabi ලකුණු 23 ක් හා Ibrahim Zadran ලකුණු 22 ක් ලබා ගත්තා

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුලු 4 ක්, වනිඳු හසරංග කඩුලු 3 ක්, ළහිරු කුමාර කඩුලු 2 ක් හා මහීෂ් තීක්ෂණ එක් කඩුල්ලක් බැගින් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 51 ක් ලබාගත් අතර, දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 56 ක් හා කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 11 ලබා ගත්තා.

ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය තරග 2 – 1 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

සති අග තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ඉවතට

තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා මෙම සතිය අග ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මේ වන විට ආනයන සීමා කර ඇති භාණ්ඩ ලැයිස්තුව 1216 ක් දක්වා අඩුවී ඇති බවයි අද (07) පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

රජය ගත් තීන්දු තීරණවල ප්‍රතිඵල මේ වන විටත් ලැබෙමින් පවතින බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.

අන්තරේ විරෝධතාවට කඳුළු ගෑස් ප්‍රහාරයක්

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (07) විරෝධතාවක් සංවිධානය කර තිබුණා.

රාජාංගනයේ සද්ධාරතන හිමි යළි රිමාන්ඩ් කිරීමට නියෝග

රාජාංගනයේ සද්ධාරතන හිමියන් ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් රාජාංගනයේ සද්ධාරතන හිමියන් පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධාගාරගත කර සිටියා.

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයට හර්ෂ ද සිල්වා පත්කෙරේ

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පත්කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

ජනාධිපතිවරයා සහ රාජ්‍ය මුදල් කාරක සභාවේ සාමාජිකයින් අතර හමුවක් අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පැවති අතර එහිදී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ නම ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති බවයි සඳහන් වන්නේ.

නතාෂා සහ බෘ​නෝ යළි රිමාන්ඩ් කිරීමට නියෝග

නතාෂා එදිරිසූරිය සහ බෘනෝ දිවාකර ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

ඔවුන්ට එරෙහි නඩුව අද (07) කැඳවූ අවස්ථාවේදී කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් එම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.