පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ චෝදනා එල්ලවී ඇති සැකකරුවන්ට නඩු නීතිපතිවරයා විසින් නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව එම ඝාතන සිද්ධියට චෝදනා එල්ලවී ඇති සැකකරුවන් 42කට එරෙහිව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
Author: Supun
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔහු විසින් ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකර ඇති බවයි අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කළේ.
මෙරට පුද්ගලයින් ලක්ෂ 75කට ආසන්න සංඛ්‍යාවක් දැඩි ආහාර අර්බුදයක – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල
මෙරට පුද්ගලයින් ලක්ෂ 75කට ආසන්න සංඛ්‍යාවක් දැඩි ආහාර අර්බුදයකට මුහුණපා ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා.
එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් කළ අධ්‍යනයකින් එම තොරතුරු අනාවරණය වී ඇති බවයි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකාව තුළ වෙසෙන සමස්ත පවුල් සංඛ්‍යාව ලක්ෂ 57 කට අධික අතර ඉන් 33%ක් මේ වනවිට දැඩි ආහාර අර්බුදයකට මුහුණ පා ඇතැයි එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් කළ නවතම අධ්‍යනයෙන් පෙන්වා දී තිබෙනවා.
මෙරට පවුල් ලක්ෂ 37 ක් රජයෙන් සහන ඉල්ලා ඇති බවද අදාළ අධ්‍යනයෙන් හෙළිව ඇති බවත් එය සමස්ත පවුල් සංඛ්‍යාවෙන් 65%ක් බවත් මෙය බරපතළ තත්ත්වයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ආසියානූ පැසිෆික් කලාපයේ ආහාර අනාරක්ෂිත රටවල් 23 අතරින් ශ්‍රී ලංකාව 20 වැනි ස්ථානයේ පසුවන බවයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල වැඩිදුරටත් සඳහන් කළේ.
මැතිවරණ නැති සමාජයක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් නෙමෙයි – ජී.එල් පීරිස්
මැතිවරණයක් නොමැති සමාජයක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ලෙස හැඳින්වීමේ හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරීස් පවසනවා.
දේශපාලන සංස්කෘතිය සම්බන්ධයෙන් බරපතළම ප්‍රකාශය පසුගිය සතියේ ජනාධිපතිවරයා විසින් සිදුකළ බවත් ජනාධිපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශයේ හරය වන්නේ, මැතිවරණයක් ගැන ජනතාවට උනන්දුවක් නොමැති බවත් මැතිවරණ කිසිසේත් වැදගත් නොවන දෙයක් බවයි ජී.එල් පීරීස් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ඒ අනුව මැතිවරණ එපා බවට සඳහන් කරන පාලකයා ජනතාවගේ මතයට ගරු කරන පාලකයෙක් නොවන බවයි අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
ජනතාවගේ අනුමැතියකින් තොරව රට පාලනය කරනවා නම් එය ඒකාධිපති පාලනයක් බවත් රජය දිගින් දිගටම වැඩ කළ ආකාරය මැතිවරණ අපිට වැදගත් නොවන බවට සඳහන් කරමින් පසුගියදා වචනයෙන්ම ප්‍රකාශ කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරීස් වැඩිදුරටත් සඳහන් කළේ.
ඩොලරය පහළ යන්නේ ආර්ථික ක්‍රියාවලියේ පරිවර්තනයක් නිසා නොවෙයි – අනුර කුමාර දිසානායක
ඩොලරයේ මිල පහත වැටුනද භාණ්ඩ මිල පහත වැටීමක් සිදු නොවන්නේ ඩොලරය පහත වැටීම සිදුවන්නේ ආර්ථික ක්‍රියාවලියේ සිදුවූ පරිවර්තනයක ප්‍රතිඵලයක් නොවන නිසා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ හේතුවෙන් ඩොලරය 350 ක ප්‍රමාණයේ තිබෙනවාට වඩා අද ඩොලරය 300 ට පැමිණි විට ජීවත්වීමට අපහසු තත්ත්වයක් පැමිණ ඇති බවයි ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ.
ආර්ථිකය හැකිලීම මඟින් මිලදී ගැනීමේ හැකියාව අඩුවන බවත් ඉල්ලුම අඩුවන විට උද්ධමනය ඉබේටම පහත බැසීම සිදුවන අතර ආනයන වියදමද අඩුවීමක් සිදුවූ බවද ඔහු සඳහන් කළා.
එසේම මේ වනවිට විදෙස් ණය ගෙවීමක් සිදුනොවන බවත් ණය ගෙවීමට හෝ භාණ්ඩ ගෙන්වීමට ඩොලර් වැය නොවන නිසා බැංකුවල ඩොලර් ඉතිරි වූ බවත් මේ හේතුවෙන් ඩොලරයට තිබූ ඉල්ලුම පහත බැසීම හේතුවෙන් පසුගිය දිනවල අස්වාභාවික ලෙස ඩොලරය පහත වැටුනු බවයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.
2023 අවසාන කාර්තුව වනවිට ධන ආර්ථිකයක් කරා රට ගමන් කරාවි – මුදල් රාජ්‍ය ඇමති
මේ වසරේ අවසාන කාර්තුව වනවිට ධන ආර්ථිකයක් කරා රට ගමන් කරනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
උද්ධමනය මෙතරම් ඉක්මනින් අඩුවනු ඇති බවට ජාත්‍යන්තරව කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
2024 වසරේ රට ධන ආර්ථිකයක් කරා යන බවට ශ්‍රී ලංකා මහ බැංකුව , ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද ප්‍රකාශ කර ඇති බවත් ඒ සඳහා ශ්‍රී ලංකාව වෙතින් ඉටුවිය යුතු කොටස සිදු කිරීමට අධිෂ්ඨාන කරගත යුතු බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.
හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (13) පැය 20ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව හෙට (13) උදෑසන 10.00 සිට අනිද්දා (14) උදෑසන 6.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.
මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ, ගොරකපිටිය, සිද්ධමුල්ල, ඇරැව්වල, රත්මල්දෙණිය, මහරගම – පිළියන්දල මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, බෝකුන්දර පාර සහ ඊට යාබද සියලු අතුරු මාර්ගවලටයි.
මුළු ඩෙංගු රෝගීන්ගෙන් 25% ක් දරුවන් – ජාතික ඩෙංගු මර්දන ඒකකය
මෙරට මුළු ඩෙංගු රෝගීන්ගෙන් 25% ක් දරුවන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඒ අනුව එම ඒකකයේ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න සඳහන් කළේ, පාසල් තුළින් ඩෙංගු පැතිරීම වළක්වා ගැනීමට සියලු කටයුතු ගතයුතු බවයි.
එසේම වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරට ඩෙංගු රෝගීන් 42,000 සීමාව පසුකර ඇති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරන්නේ, ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තාවන වසර බවට මේ වසර පත්විය හැකි බවයි.
නවීන් දිසානායකට ලබන සතියේ ආණ්ඩුකාර ධූරයක් හිමිවීමට නියමිතයි – රුවන් විජේවර්ධන
හිටපු අමාත්‍යවරයෙකු වන නවීන් දිසානායකට ලබන සතිය තුළ දී ආණ්ඩුකාර ධුරයක් ලබාදීමට නියමිතව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසනවා.
ඒ අනුව ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් රුවන් විජේවර්ධන මේ බව සඳහන් කළා.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ලබන අඟහරුවාදා දිනයේ ඔහුට එම ධූරය හිමිවනු ඇති බවයි.
තද වැසි සම්බන්ධයෙන් කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තද වැසි සම්බන්ධයෙන් නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.
ඒ අනුව දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

