21වැනි රයිගම් උලලෙළේ හොඳම නළුවා ප්‍රියන්ත සිරිකුමාර හොඳම නිළිය තරින්දි ප්‍රනාන්දු

2024වර්ෂයේ විකාශය වූ ටෙලි නිර්මාණ අගයමින් සිදුකෙරෙන ‘රයිගම් ටෙලීස් 21 වැනි වසන්තය’ ටෙලි නාට්‍යය හා මාධ්‍ය සම්මාන උලෙළ පසුගිය දින ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ,නාට්‍යවේදී , පරාක්‍රම නිරිඇල්ල ගේ ප්‍රධානත්වයෙන්

රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ, රයිගම් සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන් තියඩෝ, රයිගම් සමූහ ව්‍යාපාරයේ ජ්‍යේෂ්ඨ අධ්‍යක්ෂ ගණක අමරසිංහ, අනුග්‍රහකත්වය දැක්වූ ආයතන ප්‍රධානීන් සහ විනිශ්චය මණ්ඩල සභාපති බුද්ධදාස ගලප්පත්ති ඇතුළු සාමාජික සාමාජිකාවන්ගෙන්ද, කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි.

සම්මාන සඳහා නිර්දේශිතයන් තෝරාගැනීමේ ක්‍රියාවලිය සිදුකරන ලද්දේ අයදුම්පත් යොමු කිරීමෙන්ය. නැවත විකාශයන් සහ මුදල් ගෙවා පමණක් නැරැඹිය හැකි රූපවාහිනී චැනල මේ සඳහා සුදුසුකම් නොලැබිය. උලෙළ සඳහා ඉදිරිපත් වන සියලු නිර්මාණ ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගැයීමට ලක් කර ඇත.

කලින් තීරණය කරන ලද ටෙලි නාට්‍ය හා රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සඳහා වන නිර්දේශ හා සම්මානලාභීන් විනිශ්චය මණ්ඩලය විසින් තීරණය කරනු ලබයි. ජනප්‍රිය හා ජනගත සම්මාන ජයග්‍රාහයකින් ප්‍රේක්ෂක මනාපය මත තෝරා ගැනේ. වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය, ටෙලි නාට්‍ය නළුවා සහ නිළිය, ප්‍රේක්ෂක මනාපයෙන් 2025.02.28 දින සිට 2025.03.28 දක්වා තෝරා ගැනිණි. වඩාත්ම ජනගත ටෙලි නාට්‍යය, රූපවාහිනී වැඩසටහන් සහ ප්‍රවෘත්ති විකාශය, දීප ව්‍යාප්ත ජනතා සමීක්ෂණයන් තෝරාගනු ලැබුහ. විශේෂ ප්‍රණාම සම්මාන සඳහා වන නිර්දේශ විශේෂ උපදේශක සභාවක් මඟින් සිදු කෙරිණි .මේ අනුව සම්මාන කුලක හතක් ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන, රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන, ජනප්‍රිය සම්මාන, සඳහා පෙබරවාරි 28 වැනි දින සිට මාර්තු 28 වන දා මධ්‍යම රාත්‍රිය දක්වා මත විමසුමට විවෘතව පැවතිණි. මෙවර ජනගත සම්මාන කුලකය, වඩාත් ජනගත ටෙලි නාට්‍යය, ජනගත රූපවාහිනී වැඩසටහන, ජනගත ප්‍රවෘත්ති විකාශය පෙබරවාරි මස 20 වැනි දිනට පෙර අයදුම්පත් යොමු කළ යුතුව තිබිණි. එයින් සුදුසුකම් ලැබු සියලු දෙනාම එම සම්මානයට සුදුසුකම් ලැබුවෝය. සහතිකපත්, කුසලතා 06ක් සහ ජූරියේ විශේෂ ඇගයුම් සම්මාන 58කින් මෙවර සම්මාන උළෙල පැවැත්විය0. ප්‍රණාම සම්මාන 3ක් මෙවර ප්‍රදානය කළ අතර ජීවිතේ එක් වතාවක් පමණක් ප්‍රදානය කරන ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය සෑම උලෙළකදීම ප්‍රදානය කරන උත්තම සම්මානයයි. මෙවර එම සම්මානය ප්‍රදානය කරනු ලැබුවේ ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පිනී අනෝජා වීරසිංහටයි. රූපවාහිනී නාළිකාව ඇගැයීම සහ කලාකරුවන්ට පිදෙන දහසින් බැඳී පියලි සමඟ සම්මාන මූරය අවසන් විය. වාර්ෂිකව පැවැත්වෙන රයිගම් ටෙලීස් සම්මාන උලෙළ ප්‍රධාන උලෙළ දෙකකින් සමන්විත වේ. ඒ නිර්දේශිත නාම උත්කර්ෂවත් උළෙල සහ අවසාන සම්මාන රාත්‍රියයි. සියලූම සම්මානලාභීන් සඳහා වටිනා මුදල් ත්‍යාග සහ එක් වර්ෂයක් සඳහා බලපාන රුපියල් මිලියනයක ජීවිත රක්ෂණයක් සහ රුපියල් ලක්ෂයක් වටිනා වෛද්‍ය රක්ෂණාවරණයක් සමඟ ඔවුන්ගේ හැකියාව අගය කරමින් වටිනා සහතික පතක් ද පිරිනමනු ලැබිය.

‘කපුටු කොහෝ’

සම්මානනීය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක තිර රචනය ගේය පද රචනා කොට අධ්‍යක්ෂණය කළ නවතම සංගීතමය වේදිකා හා සිනමා පර්යේෂණාත්මක නිර්මාණය ‘කපුටු කොහෝ’ මංගල දර්ශනය ර්‍ථඍඅ සිනමා සංකීර්ණයේ පැවැත්වීමත් සමඟ දිවයින පුරා සිනමා ශාලාවල තිරගතවීම ඇරැඹිණි.

සහෝදරත්වය ජාතික සමගිය හා සහජීවනය මූලික කරගනිමින් නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටය ජන සංගීත නාද රටා හා දේශීය නර්තන රටාවලින් සමන්විත වේ. සාම්ප්‍රදායික වේදිකා නාට්‍යය ශෛලිය හා සිනමා තාක්ෂණය සම්මිශ්‍රණය වූ පර්යේෂණාත්මක නිර්මාණයක් ලෙස මෙය දැක්විය හැක.

අමන්ද්‍යා උත්පලී, හර්ෂණ දිසානායක, අභිලාසි සන්තොස්කි, ඩිලාන් වික්‍රමසිංහ, රංගන දායකත්වය ලබාදෙන අතර රඳීන් රන්දිව්, සනුලි දුල්සේයියා, රුසිරු විදුනිත, සමඟ සිහේලී තූර්යා ළමා රංගනයෙන් එක්වෙති. සංගීත අධ්‍යක්ෂණයෙන් මහාචාර්ය සමන් පනාපිටිය, නර්තන අධ්‍යක්ෂණයෙන් චන්දන වික්‍රමසිංහ, කැමරා අධ්‍යක්ෂණයෙන් විශ්වා බාලසුරිය දායකවන අතර නිෂ්පාදන කළමනාකරණය හා නිෂ්පාදනය රේණුකා බාලසූරිය ගෙනි.

බූස්ස බන්ධනාගාරයේදී මිය ගිය රැඳවියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකෙරේ

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේදී මිය ගිය රැඳවියාගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (05) ගාල්ල, කරාපිටිය රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

‍හෙරොයින් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ, 46 හැවිරිදි මෙම රැඳවියා සිර මැදිරිය තුළ තුවාල ලබා වැටී සිටියදී සොයාගත් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිර මැදිරියේ සිටි සෙසු රැඳවියන්ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් තිබෙන බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය ද විමර්ශන ආරම්භ කර තිබෙන බව වැඩිදුරටත් සඳහන්.

රට දැනුවත් නොකර කිසිදු ආකාරයේ ගිවිසුමක් රජය විසින් අත්සන් කරන්නේ නෑ – ටී.බී. සරත්

රටට දැනුවත් නොකර කිසිදු ආකාරයේ ගිවිසුමක් තම රජය විසින් අත්සන් නොතබන බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසනවා.

විනිවිදභාවයකින් යුතුව, අත්සන් කරන සියළුම ගිවිසුම් පිළිබඳව ඊයේ සිටම රජය ප්‍රකාශය‍ට පත් කර ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

මින් පෙර බලයේ සිටි පාර්ශ්වයන් සිදුකළ ආකාරයෙන් යටි ගනුදෙනු, කොමිස් ගැසීම් කිසිවක් තමන් සිදු නොකරන බවත්, ඔවුන්ගේ ඇති පුරුද්ද අනුව ඒවා පිළිබඳව කියවමින් සිටින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටින්නේ.

ඉන්දීය අගමැති‍ගේ ශ්‍ර්‍රී ලංකා සංචාරයට සමගාමීව, ද්වි-පාර්ශ්වික ගිවිසුම් අත්සන් තැබීම සහ ව්‍යාපෘති රැසක් විවෘත කිරීම සිදුකෙරේ

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්වි-පාර්ශ්වික ගිවිසුම්වලට අත්සන් තැබීම අද දහවල් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවුණා.

ඒ අනුව, ආරක්ෂක, සෞඛ්‍ය, ඩිජිටල් තාක්ෂණය, ආර්ථික යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එම ද්වි-පාර්ශ්වික ගිවිසුම් අත්සන් කර ඇති බවයි සඳහන් වන්නේ.

මීට අමතරව, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් මෙගාවොට් 120ක සාම්පූර් සුර්ය බල විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු මාර්ගගත ආකාරයෙන් ආරම්භ කිරීම ද මෙහිදී සිදුවුණා.

එසේම දඹුල්ලේ ඉදිකෙරුණු කෘෂි ශීතාගාර සංකීර්ණය ද, ආගමික ස්ථාන 5000 ක වහල මත ඉදිකෙරුණු සූර්ය පැනල ව්‍යාපෘති ද මාර්ගගතව විවෘත කිරීම ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි විසින් සිදුකෙරුණා.

නරේන්ද්‍ර මෝදි හා ජනපති අනුර අතර නිල සාකච්ඡා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙයි

දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා ජනාධිපති අනුර කුමාර දිසානායක අතර නිල හමුව අද (05) පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

ඉන් අනතුරුව දෙරටේ රාජ්‍ය නායකයන් දෙපළ හා නියෝජිත පිරිස ද්වි-පාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබූ අතර, ඉන් පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගි වන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පවත්වනු ලැබුවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිල වශයෙන් පිළිගැනීමේ රාජ්‍ය උත්සවය අද උදෑසන කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදි පවත්වනු ලැබුවා.

ආනයන බදු ගැන අමෙරිකාව සමග සාකච්ඡා කිරීමට රජය සූදානම් බවට නිවේදනයක්

වෙළඳ අසමතුලිතතා විසඳා ගැනීමට සහ ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමට එක්සත් ජනපදය සමඟ කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය සූදානම් බව මුදල් අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

2023 මාර්තු මාසයේ සිට IMF විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ සිටින ශ්‍රී ලංකාව, ආර්ථික ප්‍රකෘතිමත් වීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උත්සාහයන් සඳහා එක්සත් ජනපද සහයෝගයේ වැදගත්කම අවධාරණය කරන බවත්, 2024 දී ආර්ථිකය ස්ථාවර වෙමින් 5% කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇති පසුබිමක ගෝලීය ඉල්ලුම මන්දගාමී වීම එහි ප්‍රගතියට බලපෑ හැකි බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

නව අවස්ථා විවෘත කිරීම සහ ඇමරිකා එක්සත් ජනපදය සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් වෙළඳ බාධක අඩු කිරීමට සහ ව්‍යාපාර කිරීමේ පහසුව වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකාව දක්වන කැපවී සිටින බවයි මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ අන්තරේ විරෝධතාවයකට අධිකරණයෙන් නියෝගයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (05) පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාවයකට එරෙහිව පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබෙනවා.

ඒ අනුව, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයෙහි සාමාජිකයින්ට කොළඹ කොටුව සහ ගාලු මුවදොර යන ප්‍රදේශවලට ඇතුළුවීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම අධිකරණ නියෝගය ලබා දුන් බවයි පොලිසිය පවසන්නේ.

දුමින්ද නාගමුව කියන ජනතාව හා ජන මතය පාවාදෙ ආණ්ඩුව අත්සන් කරන්න යන ගිවිසුම්…

https://www.youtube.com/embed/3Eudwnvor9M?si=g6OkH5G6W_XIlFbK” title=

හිටපු මන්ත්‍රී විමල් වීරවංශට ඇමති හදුන්නෙත්තිගෙන් ලැබුන සැර උත්තරය….

https://www.youtube.com/embed/HhaFpGwtLFM?si=F6VgO2A1XBCWeXzb” title=