අද කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (08) දිනයේ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව අද (08) දින තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 467.26 ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඊයේ (07) දිනයේ දී ඒකක 15,000 සීමාවෙන් පහළට පැමිණි සියලු කොටස් මිල දර්ශකය, අද (08) දිනයේ දී නැවත වරක් එම සීමාව ඉක්මවා යාමට සමත් වූ අතර, දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,127.71 ක් ලෙස සටහන් වී තිබුණා.

එසේම අද දින රු. බිලියන 2.89 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

නව හැඳුනුම්පත් සෑදීමට මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිලියන 15ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත‌ ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (e-NIC) මඟින් හඳුන්වා දී ඇති නව ක්‍රමවේදය යටතේ, වයස අවුරුදු 15 සම්පූර්ණ වූ සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පතක් නිකුත් කළ යුතු අතර, ශ්‍රී ලාංකික පුරවැසියන් නැවත ලියාපදිංචි කර නව හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා කාඩ්පත් මිලියන 17ක පමණ අවශ්‍යතාවක් පවතින බව හඳුනා ගනු ලැබ ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව, එම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින්, පොලිකාබනේට් කාඩ්පත් මිලියන 15ක් මිල දී ගැනීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

news images

රාජ්‍ය සේවයට අලුතින් තරුණ තරුණියන් 30,000ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරීන් සහ තරුණ තරුණියන් 30,000ක් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව දේශපාලන බලපෑම්වලින් තොරව, කුසලතා සහ සුදුසුකම් මත පමණක් පදනම්ව රාජ්‍ය අංශය සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට රජය තීරණය කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් හා මෑතකාලීන ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් රැකියා විරහිත උපාධිධාරීන් සහ තරුණ තරුණියන් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබීමත්, පවතින රාජ්‍ය මූල්‍ය අවකාශයත් සැලකිල්ලට ගනිමින්, රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා මෙම බඳවා ගැනීම් සිදුවනු ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ සඳහා 2025 අයවැය තුළින් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන් කිරීම පිණිස මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

news images

ආන්ඩුවේ අපූරු ලොජික් ගැන ස.ජ.බ මන්ත්‍රී හර්ෂ ද සිල්වා කියන කතාව…..

https://www.youtube.com/embed/2lfCp4n3tl4?si=zSnUwhfqNgbndtlg” title=

කවුරුත් නොදන්නවා කියන අත්සන් කල ආරක්ෂක ගිවිසුම නිසා වෙන්න යන දේ ගැන කියන පුබුදු ජයගොඩ……

https://www.youtube.com/embed/4Uoj8JbONDk?si=4LVKEE1sQxCOiSzt” title=

කියපු දේවල් කර ගන්න බැරි කුහකත්වයෙන් වෛරයෙන් බොරු කියපු නිසයි – නාමල් රාජපක්ෂ….

https://www.youtube.com/embed/YyKQ1a2zFyk?si=cZPeIBi-hnr2bANM” title=

රට පාවා දෙනවා කියලා අවලාද කියන අයට ජ.වි.පේ ලේකම් ටිල්වින් සිල්වා උත්තර දෙයි…

https://www.youtube.com/embed/nbUaHbojUvI?si=iUPzoH1wpkkFs4kf” title=

අපි මේ ගැටලුවට මුහුණ දියයුතු වන්නේ ජාතියක් හැටියට – ජනපති

අමෙරිකානු තීරුබදු පැනවීමෙන් උද්ගත වන ගැටලුවට පක්ෂ භේදයකින් තොරව සියලුදෙනා රටක් ලෙස එක්ව මුහුණ දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

භූ දේශපාලනයේ මේ මොහොතේ අහිතකර තත්ත්වයක් නිර්මාණයවී ඇති බවත් මෙරට අපනයනවලට යම් බලපෑමක් වෙන තීන්දු තීරණවලට එළැඹී තිබෙන බවයි අද (07) ගාල්ල ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

එය විසඳාගැනීම සඳහා උත්සහා සහ සාකච්ඡා කරමින් සිටින බවත් එවැනි අභියෝගයකට මුහුණ දී, අපේ රටේ ආර්ථිකය නැවත අර්බුදකාරී තත්ත්වයකට අත්පත් නොවන ආකාරයෙන් ඊට මුහුණ දෙන්නේ කෙසේදැයි සැලසුම් සකස් කරමින් ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

මෙය අපේක්ෂා නොකරන ලද තත්ත්වයක් බවත් මෙම ප්‍රශ්නයට අපි මුහුණ දියයුතු වන්නේ ජාතියක් ලෙස බවත් එවැනි ප්‍රශ්නයක් ඇතිවීම වැළැක්වීම සඳහා උපරිම මැදිහත් වන අතර එවැනි ප්‍රශ්නයකට මුහුණදීම සඳහා ජාතියක් ලෙස සූදානම් වියයුතු බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අමෙරිකාව පැන වූ තීරු බදු ගැන සාකච්ඡා කිරීමට අමාත්‍ය විජිත හේරත් ජුලි ජන්ග් හමුවෙයි

අමෙරිකාව පැනවූ තීරු බදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග් හමුවී තිබෙනවා.

එහිදී අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තියට රටක් ලෙස මුහුණ දෙන ආකාරය පිළිබඳව අමාත්‍යවරයා අමෙරිකානු තානාපතිනිය සමග සාකච්ඡා කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවත්නා වෙළෙඳ සබඳතා සහ අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට බලපෑ හැකි අන්දම දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා.

2022 වර්ෂයේ ශ්‍රී ලංකාව මුහුණ පෑ දරුණු ආර්ථික අර්බුදයෙන් මිදීමේ ක්‍රියාවලිය මෙන්ම දැනට ක්‍රියාවට නංවා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ගැටලුවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කරගැනීමේ අවශ්‍යතාව මෙහි දී අවධාරණය කෙරුණු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

news images