https://www.youtube.com/embed/rTcxWuC0bVc?si=NAl1QTUK-bAG7rHW” title=
Author: Supun
අනුරාධපුර වෛද්‍යවරියගේ සිදුවීමේ ප්‍රධාන සැකකරු අප්‍රේල් 21 දක්වා රිමාන්ඩ් කෙරේ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අප්‍රේල් 21 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
සැකකරු අද (10) යළි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙම සැකකරු විසින් අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට පසුගිය මාර්තු 10 වනදා අතවර කර තිබුණු අතර, පසුව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කර, රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.
එක්දින ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පැය 24 සේවාව දින තුනක් අත්හිටුවයි
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ එක්දින ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක සේවාව අප්‍රේල් 15, 16 සහ 17 යන දිනවල අත්හිටුවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එක්දින සහ සාමාන්‍ය සේවාවන් සැපයීම සඳහා ටෝකන් පත් එම දිනවල දහවල් 12 දක්වා නිකුත් කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
විදෙස් සංචාරකයින් සඳහා කොළඹට Night Market එකක්
කොළඹ නගරය තුළ සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමේ අරමුණින් මැයි මාසයේ අවසානයේ සිට Marine Drive ආශ්‍රිතව රාත්‍රී වෙළඳපොළක් විවෘත කිරීමට මේ වන විට සැලසුම් සකස් කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් පවසනවා.
ඒ අනුව සමහර සංචාරක කේන්ද්‍රස්ථානවල විශේෂ පහසුකම් දියුණු කිරීමට බලාපොරොත්තු වන බවත්, කොළඹ නගරය තුළ සංචාරක ආකර්ෂණයන් වැඩි කිරීම සහ සංචාරකයන්ට කළ හැකි කටයුතු වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
කොළඹ නගරය සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් වලින් සපිරි නගරයක් බවත්, නමුත් සංචාරකයන්ට විනෝදවිය හැකි උත්සව හෝ වෙනත් අවස්ථාවල අඩුවක් කොළඹ නගරයේ පවතින බවද ඔහු සඳහන් කළා.
එයට පිළියමක් ලෙස කොළඹ නගරයේ Marine Drive ආශ්‍රිතව රාත්‍රී වෙළඳපොළක් (Night Market) විවෘත කිරීමට සැලසුම් කර ඇති බවත්, මැයි මාසය අවසානයේ සිට එය ක්‍රියාත්මක කරන බවයි බුද්ධික හේවාවසම් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
COPE කමිටුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවක
කෝප් සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීරගේ මුලිකත්වයෙන් ඊයේ කෝප් කාරක සභාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ස්ථානීය පරීක්ෂණයක නිරත වී තිබෙනවා.
මෙහිදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියට අදාළව දුරස්ථව පිහිටි ගුවන් යානා හැසිරවීමේ කොටස හා ටැක්සි මාර්ගය (Remote Apron and Taxiways) ඉදිකිරීමේ කටයුතු මගින් ගුවන් තොටුපොළ සතුව පවතින ගුවන්යානා නැවතුම් සංඛ්‍යාව වැඩි කිරීමට අපේක්ෂා කර තිබූ බවත්, එහෙත් සැලසුම් හා උපදේශන සේවා ලබාගැනීම සඳහා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම විසින් සේවා ලබා ගත් ජපන් හවුල් සමාගමත්, සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමත් විසින් කිසිඳු තාක්ෂණික හෝ මෙහෙයුම් විග්‍රහයකින් තොරව මෙම කටයුතු සිදුකර තිබෙන බැවින්, අපේක්ෂිත අරමුණු ප්‍රායෝගිව සාක්ෂාත් කරගැනීම අභියෝගයක්ව තිබෙන බවට මෙහිදී නිරීක්ෂණය වී ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙම නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කළ කාරක සභා සාමාජිකයින්, ඉදිරි සංවර්ධන කටයුතු සැලසුම් කිරිමේදී දැනට මතුව ඇති ගැටලු පිළිබඳව අවධානය යොමු නොකිරීමෙන් මහජන මුදල් තවදුරටත් අවභාවිතා විය හැකි බවත්, එබැවින් ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නිලධාරීන්ට නිර්දේශ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
කොළඹ කොටස් වෙළෙඳපොළේ මිල දර්ශකවල දැවැන්ත වර්ධනයක්
අද (10) දිනයේදී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක දැවැන්ත වර්ධනයක් වාර්තා කර තිබෙනවා.
ඒ අනුව කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 4.7% ක එනම් ඒකක 704.88ක දැවැන්ත වර්ධනයක් වාර්තා කර ඇති අතර, දිනය අවසානයේ දී එහි අගය ඒකක 15,580.83 ක් ලෙසින් සටහන් වුනා.
එසේම S&P SL20 දර්ශකය ඒකක 290.94 කින් දිනය තුළ ඉහළ ගිය අතර, දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 4,643.63 ක් ලෙසින් සටහන්ව තිබුණා.
එසේම, රු. බිලියන 6.97 ක සමස්ත පිරිවැටුමක් අද දිනයේ වාර්තා වූ බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.
ජනපති කැඳවූ පක්ෂ නායක හමුව සාර්ථකව අවසන් වෙයි
ඇමෙරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම සහ ඒ හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමේ පක්ෂ නායක හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (10) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
ජනාධිපතිවරයා මුණ ගැසී, මේ පිළිබඳව සාකච්ඡා කළ යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කළ ඉල්ලීම පරිදි, ජනාධිපතිවරයා විසින් මෙම හමුව කැඳවා තිබූ අතර, ඇමෙරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය හමුවේ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව මෙන්ම, මෙම තත්ත්වය හමුවේ රජය මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී පක්ෂ නායකයන් දැනුවත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
අදාළ කමිටුව විසින් ඉදිරිපත් කළ කරුණු සහ මීට අදාළව විපක්ෂය නියෝජනය කරන පක්ෂ විසින් ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, ඇමෙරිකානු රජය සමඟ සාකච්ඡා කිරීමට අදාළ යෝජනා සකස් කිරිම පිළිබඳවත්, අපනයන ගමනාන්ත විවිධාංගීකරණය පිළිබඳවත් පුළුල් ලෙස සාකච්ඡාවට ලක්වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

දළදා ප්‍රදර්ශනය ගැන දැනුම් දීමක්
ශ්‍රී දළදා වහන්සේ වන්දනා කර ගැනීමට අවශ්‍ය කටයුතු සියල්ල මේ වන විට සූදානම් කර ඇති බව මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල පවසනවා.
ඒ අනුව පෝලිම් තුනකින් ජනතාව එකතු කරගැනීමට බලාපොරොත්තු වන බවත්, ඒ අනුව, වැව රවුම වටා පෝලිම් දෙකක් සහ ඩී.එස්. සේනානායක වීථිය ඔස්සේ තවත් පෝලිමක් යොදවන බවයි අද (10) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කර සිටියේ.
මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය, ශ්‍රීලංගම සහ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව විශේෂ පුවාහන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවත්, නගරයට වාහන බොහෝ ප්‍රමාණයක් ඇතුළු වුවහොත්, නගරයට පෙර එම වාහන නවත්වා, ඒ පිරිස් විශේෂ බස්රථවලින් ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා ඇති බවත් ඔහු පවසා සිටියා.
එසේම, ආබාධ සහිත, මහලු හා වැඩිහිටි අයට අවශ්‍යතාවයක් වුවහොත් නවාතැන් ගැනීමට, කැප්පෙටිපොළ විදුහල සහ විවේකානන්ද විදුහල සුදානම් කර ඇති බවද ඔහු සඳහන් කළා.
එසේම දළදා වහන්සේට පුජා කරන පුජා භාණ්ඩ හැර අන් කිසිවක් මාළිගාව තුළට රැගෙන යෑමට අවස්ථාවක් නොමැති බවත්, ජංගම දුරකථන රැගෙන ඒම තහනම් කර නොමැති වුවත්, එය ක්‍රියා විරහිත කර තබා ගත යුතු බවත්, කිසිවිටෙකත් ඡායාරූප ලබා ගැනීමට අවස්ථාවක් නොදෙන බවයි පොලිස් අධිකාරි ඩී.සී.ඩී. ඉලංගකෝන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 වැනිදා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර 27 වැනිදා දක්වා දින දහයක් දළදා ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි.
රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට
රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2018 වසරේදී වව්නතිව් පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරින් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව මෙම සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
අත්අඩංගුවට ගත් මෙම පොලිස් නිලධාරියා, එම ඝාතන සිද්ධියට අදාළ විමර්ශණ නොමග යවන ආකාරයෙන් කටයුතු කළ බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
දේශපාලනමය වශයෙන් වංචාව හා දූෂණය ලංකාවෙන් සම්පූර්ණයෙන්ම අවසන් කර තිබෙනවා – හඳුන්නෙත්ති
ශ්‍රී ලංකාව තුළ දේශපාලනමය වශයෙන් වංචාව හා දූෂණය සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
නුදුරේදීම රාජ්‍ය අංශය ඇතුළුව අනිකුත් සෑම ක්ෂේත්‍රයක් තුළම මේ තත්ත්වය ඇති කරන බැවින් විශේෂයෙන්ම විදේශ ආයෝජකයන්ට ශ්‍රී ලංකාව ඉතාමත් හොඳ ව්‍යාපාරික ස්ථානයක් වන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
කැනඩාවේ ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා මහ කොමසාරිස් Eric Walsh සමග පැමිණි කැනේඩියානු ව්‍යාපාරික දූත පිරිසක් හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ අදහස් පළකළා.
මෙහිදී මේ වන විට නව රජය විසින් විදේශීය ආයෝජකයන්ට සපයා ඇති පහසුකම් පිළිබඳව දූත පිරිස දැනුවත් කළ සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ඛනිජ වැලි හා ග්‍රැෆයිට් කර්මාන්ත ක්ෂේත්‍රවල අගය එකතු කිරීමට තාක්ෂණික සහාය ලබාගැනීම සඳහාත්, එම ක්ෂේත්‍රවල ආයෝජනය සඳහාත් කැනේඩියානු ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

