දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ විදුලි උත්පාදන කටයුතු අත්හිටුවා තිබෙනවා.
අනුව මෙගාවොට් 270ක විදුලිබල ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමිවනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ
දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ විදුලි උත්පාදන කටයුතු අත්හිටුවා තිබෙනවා.
අනුව මෙගාවොට් 270ක විදුලිබල ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමිවනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ
කඳාන ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගබඩාවක අද (08) පෙරවරුවේ හටගත් ගින්නත් සමඟ ඇතිවූ දුම ආඝ්‍රාණය වීමෙන් අවට පාසල් 3 ක සිසු සිසුවියන් 60කට අධික පිරිසක් රෝගී වී රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
කඳාන දැවතොටුපල පාර ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකට අයත් ගබඩාවක අද උදෑසන 7.30ට පමණ මෙම ගින්න හටගෙන තිබුණා.
ගින්න හටගන්නා අවස්ථාවේ එක් පුද්ගලයෙක් පමණක් කර්මාන්ත ශාලාවේ සිට ඇති අතර ගින්නට හසුවීමෙන් ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.
කර්මාන්ත ශාලාවේ හටගත් ගින්නෙන් පසු එහි දුම ප්‍රදේශය පුරා පැතිර ගොස් තිබූ අතර කර්මාන්ත ශාලාවට නුදුරින් පිහිටි පාසල් 3කටද දුම ව්‍යාප්ත වී සිසුන් 60කට අධික පිරිසකට ස්වසන අපහසුතා ඇති වී රාගම රෝහල වෙත ඇතුළත් කර තිබුණා.
සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ සේවක අර්ථසාධක අරමුදල සතු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රශස්තකරණයට ලක් වීම තුළින් එම අරමුදලේ සාමාජිකයින්ගේ විශ්‍රාමික ගෙවීම් සහ ප්‍රතිලාභවලට බලපෑමක් නොවන අයුරින් එකී ගෙවීම් සහ ප්‍රතිලාභ තහවුරු කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙන ඇති බවද අදාළ කැබිනට් තීරණයේ දැක්වෙනවා.
පසුගිය වසර පහක කාලය තුළ සේවක අර්ථසාධක අරමුදලෙහි සාමාජිකයින් සඳහා ගෙවනු ලැබූ වාර්ෂික පොලී ප්‍රතිලාභ ප්‍රතිශතයන් සැලකිල්ලට ගෙන 2023 – 2026 කාලය දක්වා ඉදිරි වසර හතරක (04) කාලය තුළ දායකත්ව මුදල් මත හිමි වන වාර්ෂික පොලි අනුපාතය අවම වශයෙන් 9%ක් විය යුතු බවට නියම කෙරෙන පරිදි 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්.

රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කර ඇති බවත් ඉදිරියේ දී විදුලි කප්පාදුවක් සඳහා කිසිදු සැලසුමක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව පැය 24 පුරා අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යෑමට අවශ්‍ය අතිරේක විදුලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් සපයා ගන්නා බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
අදාළ Twitter පණිවිඩය පහතින්.

බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුළු පිරිස අතරින් පුද්ගලයින් 09 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුළු වී විරෝධතාවක නිරතවූ අතර එහිදී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණා.
අගෝස්තු 15 වනදා සිට දකුණු පළාතට අඛණ්ඩ විදුලිබල සැපයුමක් ලබාදීමට විදුලිය මිලදී ගැනීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව දකුණු පළාතට විදුලිය මිලදී ගැනීමට ඇත්තේ බලාගාර 3 ක් පමණක් බවත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළින් එය සිදු කිරිමට බලාපොරොත්තු වන බවයි අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
පවතින ජල ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කළා.
කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කරන ජල ධාරිතාව සමනළ වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
ජාතික විදුලි බල අවශ්‍යතාවය සඳහා විකල්ප ක්‍රමවේද සෙවීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ජනමාධ්‍ය සඳහන් කරන ආකාරයේ විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව සිය Twitter ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ, රජයේ ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජනවාරි මාසයේදී සහ ජූලි මාසයේදී විදුලි ගාස්තු සංශෝධනය සිදුවන බවයි.
මේ අතර විදුලි කප්පාදුවකින් තොරව වසර පුරා අඛණ්ඩව දිවයින පුරා විදුලිය සැපයීමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර ඇති බවත් දැනට පවතින බලාගාරවල සම්පූර්ණ ධාරිතාවය විදුලිය උත්පාදනය සඳහා භාවිතා වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අදාළ Twitter පණිවිඩය පහතින්.

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Colombo Strikers කණ්ඩායම හා Galle Titans කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් Colombo Strikers කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Galle Titans කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 188 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී Galle Titans කණ්ඩායම වෙනුවෙන් ලසිත් කෲස්පුල්ලේ ලකුණු 36 ක්, ශෙවෝන් ඩැනියල් ලකුණු 49 ක්, භානුක රාජපක්ෂ ලකුණු 30 ක් හා නොදැවී පන්දුවට පහරදුන් Tim Seifert ලකුණු 54 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී Colombo Strikers කණ්ඩායම වෙනුවෙන් Naseem Shah, රමේෂ් මෙන්ඩිස් හා ලක්ෂාන් සඳකැන් එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
ජයග්‍රහණය සඳහා Colombo Strikers කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 189 ක්.
ලකුණු පුවරුව පහතින්.

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Colombo Strikers කණ්ඩායම හා Galle Titans කණ්ඩායම අතර තරගය අද (07) පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට Colombo Strikers කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
තරගය පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි.