අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල්ලස් කොමිසමට කැඳවීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ඔහු විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, චාමර සම්පත් හිටපු අමාත්‍යවරයා ගැන තමා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ක්‍රියා කර තිබෙන අතිශය වේගවත් ස්වරූපය පුදුමය දනවන බවයි හිටපු ජනාධිපතිවරයා එම නිවේදනය මගින් පෙන්වා දෙන්නේ.

තමා අදාළ ප්‍රකාශය කර පැය 18 ක් ගතවීමට පෙර අල්ලස් කොමිසමෙන් කැඳවීම ලැබුණු බවත්, රාජකාරි පැය තුනක පමණ ඉතා කෙටි කාලයකදී එය සිදු කිරීම ලෝක වාර්තාවක් තැබීමට සමාන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

එසේම, තමා කැඳවීමට දින ලබා දී ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු සමය තුළ බවත්, මෙම කාලසීමාවේදී ඔහු ද, ඔහුගේ නීතීඥයින් ද කොළඹ රැඳී නොසිටින බැවින් වෙනත් දිනයක් ඉල්ලා සිටීමට පියවර ගෙන ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එම නිවේදනය පහතින්.

news images

මැයි 01 වැනිදා සිට සියලුම අධිවේගී මාර්ගවලට කාඩ්පත්වලින් ගනුදෙනු කිරීමේ අවස්ථාව

මෙරට සියලුම අධිවේගී මාර්ග සඳහා බැංකු කාඩ්පත් මඟින් ගෙවීම් කිරීමේ පහසුකම මැයි 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ඒ අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස එය මේ වන විට කොට්ටාව සහ කඩවත අන්තර් හුවමාරුවලදී ආරම්භ කර ඇති බවයි අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම ව්‍යාපෘතිය හරහා කාඩ්පත්වලට අමතරව QR මඟින්ද ගෙවීමේ සිදු කිරීමේ හැකියාව පවතින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

GovPay හරහා පොලිස් දඩ මුදල් ගෙවීමේ නියමු ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ වෙයි

ශ්‍රී ලංකා පොලීසිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස GovPay හරහා රථවාහන වැරදි සඳහා ක්ෂණික දඩ මුදල් Online ගෙවීමේ නියමු ව්‍යාපෘතිය අද (11) ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අද සිට ලබන 30 වනදා දක්වා කුරුණෑගල, දොරටියාව, මැල්සිරිපුර, ගොකරැල්ල, ගලේවෙල, දඹුල්ල, මඩාටුගම, මරදන්කඩවල, කැකිරාව, තිරිප්පනේ, කවරක්කුලම හා අනුරාධපුර යන ප්‍රදේශවල මාර්ග ආවරණය වන පරිදි මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා.

මෙම නියමු ව්‍යාපෘතිය තුළින් සිදුවන අපහසුතා හා අඩුපාඩු හඳුනාගෙන ඒවා සකස්කර ගැනීමෙන් අනතුරුව දිවයින පුරා මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.

මේ හරහා Online ක්‍රමයට දඩ මුදල් ගෙවූ පසු ඒ පිළිබඳ ලැබෙන SMS පණිවිඩයකින් අදාළ පොලිස් නිලධාරීයා තහවුරු කර ගැනීමෙන් අනතුරුව, එම අවස්ථාවේදීම රියදුරු බලපත්‍රය මුදාහරින බැවින් මහජනතාවට අපහසුතාවකින් තොරව සේවාව ලබාදීමට හැකි බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබ දැන් භාවිතා කරමින් සිටින හෙළකුරු ඇප් එකේ ඇති රාජ්‍ය ගෙවීම් සේවය හරහාද දැන් ඔබට මෙලෙස දඩ ගෙවීමේ හැකියාව පවතිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

රනිල් 17 වැනිදා අල්ලස් කොමිසමට කැඳවයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් මස 17 වනදා උදෑසන 9.30 ට අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවදියේ සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙලෙස කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

චීනය ඇමරිකානු භාණ්ඩ සඳහා තීරුබදු 125% දක්වා ඉහළ නංවයි

චීනය ඇමරිකානු ආනයන සඳහා නව 125% ක තීරු බදු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව අමෙරිකාව පැනවූ 125% ක බද්දට සමාන වන අයුරින් චීනයද මෙලෙස 125%ක බද්දක් පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ගෝලීය කම්පනයන්ගෙන් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම තක්සේරු කිරීමට තවත් කාලය අවශ්‍යයි – IMF

ගෝලීය කම්පනයන්ගෙන් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම තක්සේරු කිරීමට තවත් කාලය අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී Evan Papageorgiou පවසනවා.

මෑත කාලීන බාහිර කම්පනයන් සහ දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ගෝලීය අවිනිශ්චිතතාවයන් හමුවේ, තවමත් යථා තත්ත්වයට පත්වෙමින් පවතින ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අවිනිශ්චිතතාවක් ඇති කරමින් පවතින බවයි ශ්‍රී ලංකා සංචාරය නිමා කර නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ.

මෙම අවිනිශ්චිත අවස්ථාවේදී, දුප්පතුන් සහ අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීම සඳහා රජයට වැදගත් වගකීමක් තිබෙන බවත්, උද්ධමනය අඩු මට්ටමක පවතින අතර, තිරසාර මිල ස්ථායිතාව සහතික කිරීම සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වයට සහාය වීම සඳහා අඛණ්ඩ අධීක්ෂණය අවශ්‍ය බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායම 2025 අප්‍රේල් 03 සිට අප්‍රේල් 11 දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණා.

අවුරුදු 99 ක ඉඩම් බදු දීමක් ගැන කැබිනට් මාධ්‍ය හමුවේදී මතුවුන ප්‍රශ්නය….

https://www.youtube.com/embed/7ogpoUQfyc8?si=eEmWjXlV4sD-58i3″ title=

ඔය බාප්පලා ගැන පුළුවන් නම් නමත් එක්ක කියන්න පොහොට්ටුවේ ලේකම්වරයාගෙන් ආපු අභියෝගය….

https://www.youtube.com/embed/Eo39zX6eAYE?si=07LVNmIwmqj3C0zb” title=

බන්ධනාගාර බස් එකේම මන්ත්‍රී චාමර සම්පත් පාර්ලිමේන්තුවට එයි…..

https://www.youtube.com/embed/gRJgOYQwj_o?si=8Jz6F1YlbVkcGvFl” title=