රෝහල්වල පවතින විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය පියවීම සදහා සියලු පහසුකම් ලබා දී හෝ විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජී විජේසූරිය සඳහන් කළේ, කෙටි කාලීන ක්‍රම 03ක් යටතේ ක්ෂණික පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි.
පිට පළාත්වල විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවත් එය මඟ හැරවීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ට වයස 63 දක්වා සේවය කිරීමට පහසුකම් සලසා ඇති බවයි ඔහු සඳහන් කළේ.
යම් රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙක් වයස 63 සම්පූර්ණ කර විශ්‍රාම යාමේදී එම අඩුව පිරවීම සඳහා වෙනත් විශේෂඥ වෛද්‍යවරයෙක් එම ස්ථානයට නොපැමිණෙන්නේ නම් කොන්ත්‍රාත් පදනම යටතේ සියලු පහසුකම් සහිතව තවදුරටත් සේවය කළ හැකි බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.
එසේම දැනට විශ්‍රාම ගොස් සිටින යළිත් සේවය කිරීමට කැමති විශේෂඥ වෛද්‍යවරුන්ට සියලු පහසුකම් සමඟ යළි සේවය කිරීමට අවස්ථාව ලබාදිය හැකි බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජී විජේසූරිය වැඩිදුරටත් සඳහන් කළේ.
කුරුණෑගල ඇතුගල කන්ද නැරඹීමට ගිය යුවළක් දැල්වූ ගිනිකූරකින් ඇතුගල රක්ෂිතයේ අක්කර තුනක පමණ ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.
ඒ අනුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පෙම්වතුන් දෙදෙනා එළඹෙන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.
මෙම යුවළ අද උදෑසන කුරුණෑගල පොලිස් වසමේ ඇතුගල කඳු මුදුනේ පිහිටි බුදුපිළිමය නැරඹීමට පැමිණ ඇති අතර ඔවුන්ගේ පළමු හමුවීමද එය බවයි සඳහන් වන්නේ.
තරුණයාගේ සාක්කුවෙන් ගිනිපෙට්ටියක් හමුවීමත් සමග තරුණිය ඒ පිළිබඳ ප්‍රශ්න කර ඇති බවත් පසුව තරුණිය ගිනිපෙට්ටියේ තිබූ ගිනිකූරු දෙක දල්වා රක්ෂිතයට විසිකිරීම හේතුවෙන් එහි ගින්නක් හටගෙන තිබු බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමඟ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පානීය ජල හිඟයක් හටගෙන ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා.
ඒ අනුව බලපෑම් එල්ලවී ඇති පවුල් 3867 කට අයත් පුද්ගලයන් 17,372 කට බවුසර මඟින් ජලය සැපයීමට පියවර ගෙන ඇති බවයි හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එව්.පී සුමනසේකර සඳහන් කළේ.
බෙලිඅත්ත, තංගල්ල, ලුණුගම්වෙහෙර, තිස්සමහාරාම, හම්බන්තොට දිස්ත්‍රික්කවලට බවුසර මඟින් ජලය ලබාදීමට කටයුතු කරමින් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
තාමත් රට දුවන්නේ ණය වලින්, ඉන් මිදෙන්න තාම ආණ්ඩුවට වැඩපිළිවෙළක් නෑ – තිස්ස
හම්බන්තොට – පොල්පිටිය අධිවෝල්ටීය නව රැහැන් මාර්ගය අවට කලාපයේ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ලංකා විදුලි බල මණ්ඩලය එම ප්‍රදේශයේ ජනතාවට දැනුම්දෙනවා.
දකුණු පළාතට විදුලිය සම්ප්‍රේෂණය කරන එම රැහැන් මාර්ගයේ ඉදිකිරිම් මේ වනවිට අවසන් අදියරේ පවතින බැවින් විදුලි රැහැන්වල සරුංගල් පැටලීමෙන් වන අනතුරු වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවද ඔවුන් පවසනවා.
https://youtube.com/watch?v=ZEP0Jt0thMg
රත්‍රං තොගයක් නීති විරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුගේ ශරීරය තුළ සූක්ෂ්ම ලෙස සඟවා තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 1කට අධික ප්‍රමාණයක් සොයා ගත් බවයි රේගුව සඳහන් කළේ.
ඉදිරියේ දී කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,200 ක මිලකට අලෙවි කළ හැකි බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය නිවේදනය කරනවා.
බඩඉරිඟු සඳහා වන ආනයන බද්ද අඩු කිරීමට රජය පියවර ගැනීම හේතුවෙන් මෙලෙස කුකුළු මස් මිල අඩු කළ හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
විදෙස් රටවල වෛද්‍යවරුන් ලෙස සේවය කිරීමට සුදුසුකම් සපුරා ඇති වෛද්‍යවරුන් 5,000ක පිරිසක් රැකියා අවස්ථාවක් ලද සැණින් මෙරට හැර යාමට සූදානමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
5,000 ක් යනු මෙරට සිටින වෛද්‍යවරුන්ගෙන් හතරෙන් එකක ප්‍රමාණයක් බවත්, එබැවින් මෙම ගැටළුවේ බරපතලභාවය ඉදිරියේදී තවත් වැඩි වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මෙම තත්ත්වයට හේතු වූ කාරණා හඳුනාගෙන ඒවා මඟහරවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය කඩිනම් වැඩපිළිවළක් සකස් කළයුතු බව ඔවුන් අවධාරණය කරනවා.
2023 මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ දුම්රිය කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව අගෝස්තු 26 වනදා සිට 31 වනදා දක්වා මෙම විශේෂ දුම්රිය සැලැස්ම ක්‍රියාත්මක වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
අදාළ දුම්රිය කාලසටහන පහතින්.
