වර්ජනයක් හේතුවෙන් අද දුම්රිය ප්‍රමාදයක්

දුම්රිය විදුලි කාර්මික ශිල්පීන් යළිත් අද (24) දිනයේ හදිසි වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් දුම්රිය ධාවනය ප්‍රමාදවිය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

සක්විති තවත් රුපියල් ලක්ෂ 50ක් අධිකරණය හමුවේ තැන්පත් කරයි

මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් මහජනතාවගේ මුදල් ලබාගෙන එය සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනාවට වරද පිළිගත් සක්විති රණසිංහ මහතා විසින් අද (24) තවත් රුපියල් ලක්ෂ 50ක මුදලක් කොළඹ මහාධිකරණය හමුවේ තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ චෝදනාවට වරද පිළිගත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ විසින් තැන්පත්කරුවන්ගෙන් ලබා ගත් මුදල්, රුපියල් ලක්ෂ 50 බැගින් වූ වාරික 20කින් ගෙවා අවසන් කරන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබුණා.

ඉකුත් නඩු දිනයේ දී සක්විති රණසිංහ රුපියල් ලක්ෂ 50ක මුදලක් අධිකරණය හමුවේ තැන්පත් කළ අතර නඩුව අද යළි කැඳවූ අවස්ථාවේ දී එහි දෙවන වාරිකය වන තවත් රුපියල් ලක්ෂ 50ක මුදලක් විත්තිකරු විසින් අධිකරණය හමුවේ තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව නඩුවට අදාළ මීළඟ වාරිකය ගෙවීම සඳහා නඩුව නැවත සැප්තැම්බර් මස 22 වනදා කැඳවන ලෙසයි කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබෙන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් රිජ්වේ ආර්යා ළමා රෝහලට

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට අද (24) එක්වී තිබෙනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතිය සඳහා සහයෝගය දැක්වීමේ අරමුණින් මෙම චාරිකාව සිදු කළ බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

මෙම චාරිකාවේ දී ක්‍රීඩකයින් රෝහලේ හෘද රෝග වාට්ටු ද නිරීක්ෂණය සදහා එක් වූ අතර ක්‍රීඩකයින්ට අමතරව පුහුණුකරුවන් හා කණ්ඩායම් කලමණාකාරීත්වයද මෙම චාරිකාව සඳහා එක්ව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 100 ක මුදලක් ද පරිත්‍යාග කර තිබුණා.

64e73f2e8f2d8 64e73f2e7abe9 64e73f2e70c93 64e73f2e60248

පවතින සහල් තොග එළැඹෙන මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු ප්‍රමාණවත් – කෘෂිකර්ම ඇමති

පවතින සහල් තොග එළැඹෙන මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු ප්‍රමාණවත් බැවින් පිටරටින් සහල් ගෙන්වීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ගොවියන්ට අවශ්‍ය පොහොර වර්ග තුනම නිසි වේලාවට ලබාදීම සහ මූල්‍ය සහන ලබා දීම හේතුවෙන් පසුගිය මහ කන්නය සාර්ථක වූ බවත්, නියඟය නොමැති අනෙක් පළාත්වලින් ඉහළ අස්වැන්නක් ලැබුණු බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

“කෘෂි කාර්මික අංශය නවීකරණය කිරීම සහ එහි අභියෝග”  මැයෙන් ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අංශය විසින් ඊයේ (23) ජනාධිපති කාර්යාලයේදී සංවිධානය කර තිබූ විද්වත් හමුව අමතමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මේ බව සඳහන් කළා.

පොල්පිටිය – හම්බන්තොට සම්ප්‍රේෂණ මාර්ගය ජාතික පද්ධතියට එක් කෙරේ

අලුතින් රැහැන් අදිනු ලැබූ පොල්පිටිය – හම්බන්තොට සම්ප්‍රේෂණ මාර්ගය මගින් දකුණු පළාත ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර තිබෙනවා.

ඒ අනුව මේ තුළින් දකුණු පළාතට මෙගාවොට් 800 ක විදුලි ධාරිතාවක් සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව පවතින බවයි ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කළේ.

MTFE තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක් බව මහ බැංකුව තීරණය කරයි

MTFE නමින් පවත්වාගෙන ගිය ආයතන හතරක් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ගෙන ගිය ආයතන බවට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව MTFE App, MTFE SL Group, MTFE Success Lanka (Pvt) Ltd සහ MTFE DSCC Group (Pvt) Ltd යන ආයතන මෙරට පවත්වාගෙන ගිය තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ලැයිස්තුවට මහ බැංකුව විසින් ඇතුළත් කර තිබෙනවා.

තහනම් කරන ලද ආකාරයේ පීරමීඩ යෝජනා ක්‍රම ආරම්භ කිරීම, පිරිනැමීම, ප්‍රවර්ධනය, ප්‍රචාරණය, මෙහෙයවීම හෝ ඊට සහභාගී වීම දඬුවම් ලැබිය හැකි වරදක් බවද මහ බැංකුව මහජනතාව වෙත නිවේදනය කරනවා.

අදාළ නිවේදනය පහතින්.

64e6e715821e9

SJB අය එකතු වෙන්න කැමති නැහැ කියලා නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කියන්නේ කා ගැනද ?

https://youtube.com/watch?v=TVkywn8FflE

මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සභාවෙන් ඉවතට

උණුසුම් තත්ත්වයක් හේතුවෙන් 10කට කල් තැබුණු පාර්ලිමේන්තුව යළි කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් යළි ආරම්භ වුණා.

ඒ අනුව පාර්ලිමෙන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පාර්ලිමේන්තු සභාවෙන් අද (23) දිනයට ඉවත් කිරීමට කථානායකවරයා නියෝග කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් විනාඩි 10 කට කල් තබයි

අද (23) පාර්ලිමේන්තුවේ විවාදාත්මක තත්ත්වයක් මතුවීම හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10 කට කල් තැබීමට නියෝජ්‍ය කතානායකවරයා තීරණය කළා.

විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න විමසීමට අවස්ථාව ලබාදෙන ලෙස බල කරමින් විරෝධය දැක්වීම හේතුවෙන් මෙලෙස පාර්ලිමේන්තුව කල් තැබීමට කටයුතු කළා.

IMF කණ්ඩායම පැමි‍ණෙන විට බදු ප්‍රතිපත්තියට එරෙහි විරෝධතා තීව්‍ර කරනවා – වෘත්තීයවේදීන්

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව ඉදිරියේදී දැවැන්ත විරෝධතා පැවැත්වීමට පියවර ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව සැප්තැම්බර් 14 වනදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පැමිණෙන විට විරෝධතා තීව්‍ර කරන බවයි එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ.

වෘත්තීකයින්ගේ ඉවසීම වැරදි ලෙස පාවිච්චි කර ප්‍රශ්න විසඳීමකින් තොරව ඒවා යට ගැසීමට කටයුතු කරන්නේ නම් වෘත්තීයවේදීන් එයට ඉඩ ලබා නොදෙන බවයි ඔහු සඳහන් කළේ.