ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර – සජීවී විකාශය

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (25) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද රාත්‍රී 7.02 ට පෙරහැර දළදා වීථිය,  යටිනුවර වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට ගමන් කර පෙරහර ශ්‍රී දළදා මාළිගාවට ගෙවදීමට නියමිතයි.

සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතුවල නිරත ගුරුවරුන්ට දැනුම්දීමක්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඇගැයීම් කටයුතු සඳහා සහභාගී වූ විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට රාජකාරි නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව අගෝස්තු 18 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඇගැයීම් කටයුතු සඳහා සෘජුවම සම්බන්ධ වූ සියලුම විදුහල්පතිවරුන් හා ගුරුවරුන් සඳහා දින දෙකක රාජකාරි නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා.

එම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සඳහා 2023-08-28 හා 29 යන දිනයන්වල රාජකාරි නිවාඩු ලබා දීමට නියමිත අතර මෙම රාජකාරි නිවාඩු අනුමත කර ගැනීම සඳහා උක්ත නිලධාරීන් විසින් ඇගයීම් කටයුතුවලට සහභාගි වූ බවට තම පැමිණිමේ සහතික අදාළ අනුමත කිරීමේ බලධාරීන්ට ඉදිරිපත් කළ යුතු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

තලංගම වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

අද උදෑසන තලංගමදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

අද උදෑසන තලංගම රොබට් ගුණවර්ධන මාවතේ කොරාඹේ ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම පුද්ගලයාට වෙඩිතබා පළාගොස් තිබෙන බවයි සඳහන් වන්නේ.

අල්ලස් ගත් ලංගම නිලධාරියෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දියසෙන්පුර ඩිපෝව භාර නිලධාරියා අල්ලස් චෝදනාවක් මත අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව එම නිලධාරියා දියසෙන්පුර ඩිපෝවේ බස්රථ කොන්දොස්තරවරයෙකුගෙන් රුපියල් 60,000ක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේදී ඊයේ (24) මැදිරිගිරිය විහාර මාවතේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

බස්රථ කොන්දොස්තරවරයා විසින් මගීන්ට ප්‍රවේශපත් නොදීමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී ඔහුව නිදහස් කිරීම සඳහා මෙලෙස අල්ලස් මුදලක් ලබාගැනීමට කටයුතු කර තිබෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පිළිනොගැනීමට GMOA ඒකමතික තීරණයක්

ඉදිරි කටයුතුවලදී වෛද්‍ය ජී. විජේසුරිය නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස පිළිනොගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම තීරණය එළඹෙන සතියේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත දැනුම්දීමට නියමිත බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ.

එහිදී වෛද්‍ය ජී. විජේසුරියට එරෙහිව පැමිණිල්ලක් ද සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ වැඩිදුරටත් සඳහන් කළේ.

දුම්රිය විදුලි කාර්මික සේවකයින් සමඟ අද විශේෂ සාකච්ඡාවක්

දුම්රිය විදුලි කාර්මික සේවකයින් සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද (25) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

දුම්රිය නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධියකදී දුම්රිය විදුලි කාර්මිකයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් විදුලි කාර්මිකයින් පිරිසක් හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ඊයේ (24) සවස දෙවන දිනටත් ආරම්භ කළා.

ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා හමුවී සාකච්ඡා කිරීමට දුම්රිය විදුලි කාර්මික සේවකයින් තීරණය කර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

පොලී අනුපාති​ක අඩු කිරීම සඳහා අද මහ බැංකුවෙන් චක්‍රලේඛයක්

ප්‍රතිපත්ති පොලී අනුපාතයන්ට ගැළපෙන ආකාරයෙන් සෙසු පොලී අනුපාතිකයන් ද සාමාන්‍යකරණය කිරීම සඳහා අද (25) චක්‍රලේඛයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව සියලුම බලපත්‍රලාභී බැංකුවල උකස් පහසුකම් මත වාර්ෂිකව 18% ක්, පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා මත වාර්ෂිකව 23% ක්, ණය කාඩ්පත් මත වාර්ෂිකව 28% ක් ලෙස උපරිම පොලී අනුපාතික සීමා පැනවීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇති බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

ප්‍රතිපත්ති පොලී අනුපාතයන්ට ගැළපෙන ආකාරයෙන් බැංකු විසින් පොලී අනුපාත පහළ හෙළීමට කටයුතු නොකිරීම නිසා මෙලෙස නියාමන ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

ප්‍රදේශ කිහිපයක අද උණුසුම් කාලගුණ තත්ත්වයක්

අද (25) ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව උතුරු – මැද, නැගෙනහිර යන පළාත් සහ වවුනියා, මුලතිව්, සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

එම ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

64e7ff7a32b0f 64e7ff7a272d4

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය අද උදෑසන අවසන් වෙයි

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය ක්‍රියාත්මක කර ඇති දීප ව්‍යාප්ත සංකේත වර්ජනය අද (25) පෙරවරු 8.00 ට අවසන් කරන බව එහි කැදවුම්කරු රවී කුමුදේශ් පවසනවා.

ඒ අනුව ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් ඊයේ (24) උදෑසන 8.00 සිට පැය 24ක කාලයක් වැඩවර්ජනයක් ආරම්භ කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් තීරණය කර තිබුණා.

මෙම වර්ජනය සඳහා විකිරණ තාක්ෂණවේදීන්, රසායනාගාර විද්‍යාඥ වෘත්තීකයන්, ඖෂධවේදීන්, භෞත චිකිත්සකවරුන් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති 5 ක් එක්ව සහය දක්වා තිබුණා.

හොරණ හිටපු නගරාධිපතිගේ නිවසට බීමත්ව හා නිරැවත්ව පැමිනි පුද්ගලයෙකුගෙන් ප්‍රහාරයක් එල්ලවෙයි…

https://youtube.com/watch?v=_12DjCUIq-c%3Fsi%3DtRDr-qCId9qks7ut