රම්ප්ගේ තීරු බද්දෙන් දුරකථන, පරිගණක ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ නිදහස් කරයි

එක්සත් ජනපදයට ආනයනය කරන ඉලෙක්ට්‍රොනික උපකරණ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරු බද්දෙන් ඉවත් කර තිබෙනවා.

නිදහස් කරන ලද නිෂ්පාදන අතර ස්මාර්ට්ෆෝන්, පරිගණක මොනිටර සහ විවිධ ඉලෙක්ට්‍රොනික කොටස් ඇතුළත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ට්‍රම්ප් පරිපාලනය එක්සත් ජනපදයට ආනයනය කරන චීන භාණ්ඩ 145% ක තීරුබදු අනුපාතයක් පැනවීමෙන් පසුව මෙම පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

පද්ධති ස්ථායිතාව ආරක්ෂා කර ගැනීමට වහල මත සූර්ය බලශක්තිය තාවකාලිකව අක්‍රීය කරන ලෙස ඉල්ලීමක්

අප්‍රේල් 13 වනදා සිට 21 දක්වා සෑම දිනකම දිවා කාලයේ පස්වරු 3.00 දක්වා තම නිවෙස්වල ඇති සූර්ය පද්ධතිය අක්‍රීය කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව අවුරුදු සමය තුළ විදුලි ඉල්ලුම අවම මට්ටකම පැවතීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන ඉහළ විචල්‍යතාවයකින් යුතු පුනර්ජනනීය බලශක්ති දායකත්වය ජාතික පද්ධතියට අසාමාන්‍ය ආතතියක් ඇති කරන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

එහි ප්‍රතිඵලයක් ලෙස පද්ධතියේ අවස්ථාතිය තියුණු ලෙස පහත වැටී ඇති අතර එය ඉතා සුළු උච්ඡාවචනයකදී පවා අර්ධ වශයෙන් ඇණහිටීමට හෝ රට පුරා විදුලිය විසන්ධිවීමක් ඇති කරන මට්ටමකට පැමිණීමේ අවධානමක් පවතින බවයි ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

ජාතික දේශපාලනය මෙන්ම, ගමේ දේශපාලනය ද පිරිසිදු කළ යුතුයි – ජනපති

රට සංවර්ධනය කිරීමට නම් ගමේ පාලනය ද දූෂණයෙන් තොර විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

සමන්තුරෙයි ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

ජාතික දේශපාලනය මෙන්ම, ගමේ දේශපාලනය ද පිරිසිදු කළ යුතු බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේ.

ජාතික දේශපාලනය මෙන්ම, ගමේ දේශපාලනය ද පිරිසිදු කළ යුතුයි – ජනපති

රට සංවර්ධනය කිරීමට නම් ගමේ පාලනය ද දූෂණයෙන් තොර විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

සමන්තුරෙයි ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

ජාතික දේශපාලනය මෙන්ම, ගමේ දේශපාලනය ද පිරිසිදු කළ යුතු බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේ.

දෙවිනුවර ද්විත්ව ඝාතනයට යොදා ගත් බවට සැක කෙරෙන ගිනි අවිය අත්අඩංගුවට

දෙවිනුවර ද්විත්ව ඝාතනයට යොදා ගත් බවට සැක කෙරෙන ගිනි අවිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගියදා දෙවිනුවර දේවාලයේ වාහල්කඩ ඉදිරිපිට දී තරුණයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත මෙම ගිනි අවිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, යටියන පාර, කැකුනදුර ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරිමේ දි T-56 වර්ගයේ ගිනි අවියක් හා මැගසිනයක් සොයා ගෙන තිබෙන අතර, එය අදාළ වෙඩි තැබීම සඳහා යොදා ගත් ගිනි අවිය යැයි සැක කෙරෙන බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

පිල්ලෙයාන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් දින 90ක රැඳවුම් නියෝගයක් ලබාගෙන තිබෙනවා.

2006 වර්ෂයේ නැගෙනහිර පළාතේදී විශ්ව විද්‍යාල උපකුලපතිවරයෙකු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව, පසුගිය 08 වැනිදා මඩකලපුවේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

උත්සව සමයේ හදිසි අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේදී  සිදුවන හදිසි අනතුරු වළක්වා ගැනීම සඳහා කටයුතු කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය ජනතාවට දැනුම් දෙනවා.

සෑම වසරකම අවුරුදු සතිය තුළදී පුද්ගලයින් 28,000 – 30,000 අතර සංඛ්‍යාවක් අනතුරු හේතුවෙන් රෝහල්ගත වන බවයි එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග පවසන්නේ.

එසේම අවුරුදු සතිය තුළ සිදුවන අනතුරු හේතුවෙන් පුද්ගලයින් 75 – 100 අතර සංඛ්‍යාවක් මියයන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000 ක් වාර්තා වෙනවා – සෞඛ්‍ය ඇමති

වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000කට ආසන්න ප්‍රමාණයක් මෙරටින් හඳුනාගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඉන් බහුතරය මුඛ පිළිකා සහිත පිරිමි පාර්ශ්වය වන බවත්, කාන්තාවන් අතර පියයුරු පිළිකාව ප්‍රධාන තැනක් ගන්නා බවත් ඔහු සඳහන් කරනවා.

පිළිකා රෝගී තත්ත්වයන් හේතුවෙන් වසරකට 19,000 කට ආසන්න පිරිසකගේ ජීවිත අහිමි වන බව සෞඛ්‍ය දත්ත මගින් පෙන්වා දෙන බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

පිළිකා රෝගය මර්දනය කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමට සාධනීය විශේෂ වැඩසටහන් සැලසුම් කරමින්, ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අමාත්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කර සිටිනවා.

කොස්ගමදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී දෙදෙනෙකුට බරපතළ තුවාල

අද (12) උදෑසන අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ත්‍රිරෝද රථයක් ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

කොස්ගම, අළුත් අම්බලම දුම්රිය හරස් මාර්ගයේදී සිදු වූ මෙම අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි දෙදෙනෙකු බරපතළ තුවාල ලබා අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පැවසෙන්නේ.

ත්‍රිරෝද රථය දුම්රිය හරස් මාර්ගය පසු කරනවාත් සමග දුම්රියේ ගැටී ඇති අතර, අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි හානි සිදු වී තිබෙනවා.

මෙම අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ  රියදුරු හා පසුපස අසුනේ තවත් පුද්ගලයෙක් ගමන් කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

ලක්ෂ 22ක නීතිවිරෝධී විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම දුම්වැටි තොගය රැගෙන ආ ගුවන් මගියා ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවයි පැවසෙන්නේ.

ඔහු අද අලුයම 05.00 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙන බව සඳහන්.

ඔහු රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 15,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 75 ක් සඟවා තිබූ බවත්, එහි වටිනාකම රුපියල් විසි දෙලක්ෂ පනස් දහසක් පමණ වන බවයි දැක්වෙන්නේ.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.