උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාර​යේ විමර්ශන CIDයට

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථය ඉලක්ක කර එල්ල වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන බව පොලීසිය පවසනවා.

ඒ අනුව පොලිස්පතිවරයාගේ නියමයෙන් අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අද ඇරඹෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අද (18) අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම යන තේමාවෙන් යටතේ මෙවර සමුළුව පැවැත්වීමට නියමතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබන 21 වැනිදා සැසිවාරය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ඉලක්ක කර ඊයේ (17) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලිසිය පවසනවා.

අනුරාධපුර, ගුවන් තොටුපොළ පාරේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදී මන්ත්‍රීවරයා මෝටර් රථයෙන් බැස, ගේට්ටුවෙන් නිවසට ඇතුලුවන අවස්ථාවේදී වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර ඉන් මන්ත්‍රීවරයාට කිසිදු හානියක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.

පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම කර ඇති බවද, සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසීය විමර්ශන ආරම්භ කර ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

ක්‍රීඩාංගන සේවකයින්ට $50,000 ක මූල්‍ය ත්‍යාගයක් පිරිනැමේ

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ හා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ තණතීරු භාරකරුවන්ට හා ක්‍රීඩාංගන සේවකයින්ට මූල්‍ය ත්‍යාග පිරිනැමීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ආසියානු ක්‍රිකට් කවුන්සලය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඇමෙරිකානු ඩොලර් 50,000 ක මූල්‍ය ත්‍යාගයක් මෙලෙස ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර තරගාවලියේ තරග රැසකට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, එහිදී තරග පැවැත්වීම වෙනුවෙන් ක්‍රීඩාංගන සේවකයින් දැක් වූ දායකත්වය පාර්ශව රැසක ඇගයීමට ලක්වුණා.

Asia cup 2023 Final : ආසියානු කුසලානය ඉන්දියාවට

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (17) සමත් වුණා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවති අවසන් මහා තරගය කඩුලු 10 කින් ජය ගැනීමත් සමඟයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 50 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 17 ක් හා දුෂාන් හේමන්ත ලකුණු 13 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Jasprit Bumrah එක් කඩුල්ල ක් හා Mohammed Siraj කඩුලු 6 ක්, Hardik Pandya කඩුලු 3 ක්  දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම 7 වන පන්දුවාරයේදී කිසිඳු කඩුල්ලක් නොදැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

ඒ අනුව 2023 ආසියානු කුසලානය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා

Asia cup 2023 Final : ඉන්දියාවට ලකුණු 51 ක ඉලක්කයක්

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව හා ඉන්දීයාව අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 50 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 17 ක් හා දුෂාන් හේමන්ත ලකුණු 13 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Jasprit Bumrah එක් කඩුල්ල ක් හා Mohammed Siraj කඩුලු 6 ක්, Hardik Pandya කඩුලු 3 ක්  දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 51 ක්.

Asia cup 2023 Final : කුසල් මෙන්ඩිස් දැවී යයි – 39/7

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව හා ඉන්දීයාව අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 7 ක් දැවී ලකුණු 39 ක් ලබා සිටිනවා.

කුසල් ජනතිත් පෙරේරා, පැතුම් නිස්සංක, චරිත් අසලංක, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, දසුන් ශානක හා කුසල් මෙන්ඩිස් දැවී ගිය අතර ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Jasprit Bumrah එක් කඩුල්ල ක් හා Mohammed Siraj කඩුලු 6 ක් දවා ගැනීමට සමත් වුණා.

Asia cup 2023 Final : ශ්‍රී ලංකාවේ තවත් කඩුලු 2 ක් දැවී යයි – 17/6

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව හා ඉන්දීයාව අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 6 ක් දැවී ලකුණු 17 ක් ලබා සිටිනවා.

කුසල් ජනතිත් පෙරේරා, පැතුම් නිස්සංක, චරිත් අසලංක, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා හා දසුන් ශානක දැවී ගිය අතර ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Jasprit Bumrah එක් කඩුල්ල ක් හා Mohammed Siraj කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වුණා.

Asia cup 2023 Final : ශ්‍රී ලංකාවේ පළමු කඩුලු 4 ක් දැවී යයි – 8/4

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව හා ඉන්දීයාව අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 8 ක් ලබා සිටිනවා.

කුසල් ජනතිත් පෙරේරා, පැතුම් නිස්සංක සධීර සමරවික්‍රම, චරිත් අසලංක දැවී ගිය අතර ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Jasprit Bumrah එක් කඩුල්ල ක් හා Mohammed Siraj කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා.

ආසියානු කුසලාන අවසන් තරගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක්

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය අද (17) ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම අතර කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ඛෙත්තාරාම ක්‍රීඩා පිටිය ආසන්නයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

තරගය නැරඹීම සඳහා වාහනවලින් පැමිණෙන පුද්ගලයින් ඛෙත්තාරාම මංසන්ධියේ දී වාහනවලින් බැසීමට සිදුවන බවත් ඉන්පසුව අදාළ ස්ථානවල රථගාල් 10 ක් පමණ ඇති අතර මෙම රථගාල්වල වාහන නතරකිරීමේ හැකියාව ඇති බවයි ඔහු සඳහන් කළේ.

අදාළ රථගාල්වල කිසිඳු මුදලක් අය නොකරන බවත් තැරැව්කරුවන්ටද මුදල් ලබාදීමෙන් වළකින ලෙසයි පොලීසිය මහජනතාවට දැනුම්දෙන්නේ.

තරගය නැරඹීම සඳහා වීදුරු වතුර බෝතල්, ගිනිපෙට්ටි, නලා, පෝස්ටර්, ලයිටර් හෝ ගෑස් අඩංගු දෑ සහ ආරක්ෂාවට බාධා වන කිසිදු දෙයක් ගෙනයාමට නොහැකි බවත් හෙල්මට් හෝ ජැකට් ගෙනයාමේ හැකියාවක් නොමැති නිසා ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසයි වැඩිදුරටත් දැනුම්දෙන්නේ.