බංග්ලාදේශයෙන් ගත් ණය සම්පූර්ණයෙන් ගෙවා දමයි

ශ්‍රී ලංකාව විසින් මූල්‍ය හුවමාරු පහසුකමක් ලෙස බංග්ලාදේශයෙන් ලබාගත් සම්පූර්ණ ණය මුදල ගෙවාදමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා (21) ඉතිරිව තිබූ ඩොලර් මිලියන 50 ද ගෙවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාව විසින් මූල්‍ය හුවමාරු පහසුකමක් ලෙස බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 200 ක් ලබාගත් අතර එම ණය මුදල සඳහා වන ඩොලර් මිලියන 4.5ක පොලියද ගෙවා දමා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

සුළඟ නිසා බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහළට දැඩි හානි

අයහපත් කාලගුණය හේතුවෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහළට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

අද පස්වරු 5 පමණ සිට පවතින අධික සුළඟ හා වර්ෂාව හේතුවෙන්  බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහළයට මෙලෙස හානි සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමන සඳහා මෙයිිින් බලපෑමක් සිදු වී නැති අතර සාමාන්‍ය පරිදි ධාවන කටයුතු සිදුවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

650d81da3102a 650d81da25726 650d81da1b78b 650d81da1171d (1) 650d81da06f37

ආනයනික කිරිපිටි බද්ද 10% කින් ඉහළට

ආනයනික කිරිපිටි සඳහා වූ වරාය හා ගුවන් සේවා බද්ද 10% කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

කෙසේ නමුත් මේ හේතුවෙන් වෙළෙඳපොළේ ආනයනික කිරිපිටි මිල ඉහළයාමක් සිදු නොවන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

සමාජ මාධ්‍ය මර්ධනය තුළින් මෙරට ඇතැම් ව්‍යාපාර බිඳ වැටෙන්න පුළුවන් – චිරන්ත අමරසිංහ

අණ පනත් හරහා සමාජ මාධ්‍ය මර්ධනයට උත්සාහ කිරීම තුළ ඇතැම් ව්‍යාපාර බිඳ වැටීමට ලක්විය හැකි බව ‘නිදහස සුරකින්නෝ’ සංවිධානය පවසනවා.

අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති චිරන්ත අමරසිංහ සඳහන් කළේ, එලෙස සමාජ මාධ්‍ය නියාමනයට කටයුතු කළහොත්, අදාළ සමාජ මාධ්‍ය ජාලා ලංකාවෙන් ඉවත්වීමට පවා හැකියාව ඇති බවයි.

සමාජ මාධ්‍ය හරහා දියුණු වෙමින් පවතින ස්වයං රැකියා සහ ව්‍යාපාර රැසක් ඇති බවත්, මෙලෙස සමාජ මාධ්‍ය නියාමනයට කටයුතු කිරීම තුළින් පරිශීලකයන් ඒවායින් ඉවත්වීම හරහා අදාළ ව්‍යාපාර බිඳ වැටීමට ලක්විය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

ශ්‍රීලනිප මහලේකම්ට එරෙහි වාරණය ඔක්තෝබර් 6 වනදා දක්වා දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පත් කෙරුණු සරත් ඒකනායකට එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ඔක්තෝබර් මස 06 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබෙනවා.

දයාසිරි ජයසේකර ඉදිරිපත් කළ නඩුවක් අද (22) යළි කැඳවීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ වාරණ නියෝගය දීර්ඝ කිරීමට තමා විරුද්ධ වන බව විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා දැනුම්දුන් අතර විරෝධතාවලට යටත්ව අදාළ වාරණ නියෝගය ඔක්තෝබර් මස 06 වනදා දක්වා දීර්ඝ කිරීමට ද විනිසුරුවරයා නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ශ්‍රීලනිප මහලේකම්ට එරෙහි වාරණය ඔක්තෝබර් 6 වනදා දක්වා දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පත් කෙරුණු සරත් ඒකනායකට එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ඔක්තෝබර් මස 06 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබෙනවා.

දයාසිරි ජයසේකර ඉදිරිපත් කළ නඩුවක් අද (22) යළි කැඳවීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ වාරණ නියෝගය දීර්ඝ කිරීමට තමා විරුද්ධ වන බව විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා දැනුම්දුන් අතර විරෝධතාවලට යටත්ව අදාළ වාරණ නියෝගය ඔක්තෝබර් මස 06 වනදා දක්වා දීර්ඝ කිරීමට ද විනිසුරුවරයා නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

හෙට (23) පස්වරු 06.00 සිට පැය 12ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට ජල කාප්පාදුව සිදුකරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරණ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා.

Asian Games 2023: ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් පූර්ව වටයට

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තරගය කඩුලු 8 කින් ජය ගැනීමත් සමඟයි.

වර්ෂාව හේතුවෙන් මෙම තරගය පන්දුවාර 15 කට සීමා වුනා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තායිලන්ත කාන්තා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 15 තුළ තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 78 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 10 යි පන්දු 5 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

නිපා වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය විශේෂි​ත පරීක්ෂණ කට්ටල මෙරටට ගෙන්වීමට පියවර

ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකින් වාර්තාවී ඇති ‘නිපා’ වෛරසය හඳුනා ගැනීමේ විශේෂිත පරික්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව ඒවා දින කිහිපයකින් මෙරටට ලැබීමට නියමිත බවයි වෛරස් විද්‍යා විශේෂඥ වෛද්‍ය ජානකී අබේනායක සඳහන් කළේ.

නිපා වෛරසය ආසාදිත රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් හෝ එන්නතක් ගෝලීයව මෙතෙක් නිෂ්පාදනය වී නොමැති බවත්, අදාළ වෛරසය සම්බන්ධයෙන් මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.