චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් එළඹෙන 27 වනදා සිට ඔක්තෝබර් 02 වනදා දක්වා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් කේ සී එන් පෙරේරා සඳහන් කළේ.
එසේම www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට පිවිසීම මගින් මාර්ගගත ක්‍රමය යටතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සැප්තැම්බර් මස 24 මධ්‍යම රාත්‍රියේ සිට ඔක්තෝබර් මස 06 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
සැප්තැම්බර් මස 26 වනදා සිට කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර ඔක්තෝබර් මස 10 වනදා දක්වා දඩ මුදල් ගෙවීමකින් තොරව නැවත ලබාගැනීමට හැකියාව පවතින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත මෑත කාලයේ රජය විසින් ඉදිරිපත් කරන අතිශය භයානක පනතක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් පවසනවා.
ඒ අනුව මෙම අණපනත් ගෙඒම සිදු කරන්නේ ජනතාවගේ අදහස් මර්දනය කිරීමට බවයි අද (25) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
රජය ජනතාවට බියවී ඇති බවත් ඒ හේතුවෙන් මැතිවරණ දිගින් දිගටම කල් දැමීමට කටයුතු කළ බවත් ලබන වසරේ එන ජනාධිපතිවරණය ආණ්ඩුවට කිසි ලෙසකත් කල් දැමීමේ හැකියාවක් නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.
එමනිසා ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජනාධිපතිවරණය ආසන්න වන විට රජයට හිතකර නොවන මත මර්දනය කිරීම සඳහා ප්‍රති ත්‍රස්ත පනත, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව වැනි අණපනත් ගෙනැවිත් ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම මාසය ඉතාමත් තීරණාත්මක මාසයක් වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.
ජන හමුවක් අමතමින් ඔහු පෙන්වා දෙන්නේ, මෙම මාසය තුළ විදෙස් ණය ගෙවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණිය යුතු බවයි.
ඉතිරිව ඇත්තේ තව දින හයක් පමණක් බවත් තවමත් රජය එකඟතාවන්ට පැමිණ නොමැති බවත් එසේ වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලබා ගැනීමට ගැටලු ඇතිවිය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඒ අනුව තවමත් ශ්‍රී ලංකාව ඇත්තේ අවදානම් තත්ත්වයක බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ
කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කෙන්යානු ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව දෝහා සිට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අදාළ කෙන්යානු ජාතිකයා බිස්කට් ටින් 03ක අසුරා තිබු කොකේන් කිලෝග්‍රෑම් 04ක් සමඟ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ කොකේන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 300ක් පමණ වන අතර සැකකරු හා මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය වෙත භාරදීමට නියමිතයි.
රහසිගතව හෙද ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ක්‍රියාමාර්ගයට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට හෙට (26) විරෝධතාවක් සංවිධානය කර ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.
එහි සභාපති එස්.බී. මැදිවත්ත සඳහන් කළේ, හෙද සේවක හිඟය හේතුවෙන් රෝහල් තුළ හටගෙන ඇති අර්බුදය විසඳීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බලධාරීන් හෙද ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ කෙටුම්පතක් රහසිගතව සකස් කර ඇති බවයි.
මේ වනවිට රෝහල් රැසක හෙද පුරප්පාඩු පවතින බවත් මෙම සියලු කරුණුවලට එරෙහිව හෙට (26) දහවල් 11.00 ට හෙද හෙදියන්ගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතාව පැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
සුපිරි වෙළෙඳසැල් ඇතුළු ඕනෑම අලෙවි ආයතනයක සොරකම් හෝ වෙනත් නීතිවිරෝධී ක්‍රියාවක් සිදුවන්නේ නම් එම පාර්ශව ආරක්ෂක නිලධාරීන් හරහා පාලනය කර පොලීසිය දැනුවත් කරන ලෙස පොලීසිය පවසනවා.
ඒ අනුව භාණ්ඩ සොරකම් කළ වරදට, නීතියට පටහැනිව කිසිවෙකුට පහරදීම් සිදුකිරීමට හැකියාවක් නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.
එසේ පහරදීමක් සිදුකළහොත් සැකකරුවන් ලෙස එම ආයතනයේ සේවය කරන පුද්ගලයින්ද අත්අඩංගුවට ගන්නා බවත් ඔවුන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(24) සමත් වුණා.
ඒ දෙවැනි අවසන් පූර්ව තරගයේ දී පාකිස්තානය පරදා කඩුලු 6 ක ජයක් වාර්තා කරමින්.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානයට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 75 ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 16.3 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
අවසන් මහා තරගය හෙට(25) ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත අතර එම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 11.30ට ආරම්භ වීමට නියමිතයි.
මෙම මාසයේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 2,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඒ අනුව පසුගිය දිනවල පැවති වර්ෂාපතනයත් සමඟ එම මාසයේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 2,003 දෙනෙකු වාර්තා වී ඇති බවයි එම ඒකකය සඳහන් කරන්නේ.
මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 63,881 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ඊයේ (23) රාත්‍රීයේ ආරම්භ වුණා.
තරගාවලියේ ක්‍රීඩා 8ක මූලික වටයේ තරග පසුගිය 19 වැනිදා සිට ආරම්භ වූ නමුත් එය නිල වශයෙන් සමාරම්භක උත්සවයක් ද සමඟින් ඊයේ රාත්‍රීයේ ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව තරගාවලිය ඔක්තෝබර් 08 වැනිදා දක්වා චීනයේ Hangzhou හිදි පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.
එමෙන්ම මෙම තරගාවලිය ක්‍රීඩා ඉසව් 9ක් වෙනුවෙන් එළඹෙන 2024 පැරිස් ඔලිම්පික් උළෙල වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් ලෙස ද සැලකෙනවා.
මෙවර ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් 483ක් වෙනුවෙන් තරග කිරීමට නියමිත රටවල් 45ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරට ශ්‍රී ලංකාවෙන් එක් වන තරගකරුවන් ප්‍රමාණය 96ක් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
