මාතර ප්‍රදේශ කිහිපයකට ගංවතුර සම්බන්ධයෙන් රතු නිවේදනයක් නිකුත් කෙරේ

ඉදිරි පැය 24 තුළ නිල්වලා ගං ද්‍රෝණියට ගංවතුර තත්ත්වයක් සම්බන්ධයෙන් රතු නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

නිල්වලා ගං ද්‍රෝණියට ඉදිරි පැය 24 ක කාලය තුළ මිලිමීටර 100 කට වඩා වැඩි තද වැසි ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවා ඇති අතර එසේ වැසි තත්ත්වයක් ඇති වුවහොත් නිල්වලා  ඟඟේ විශාල ගංවතුර ආරක්ෂණ බැමි ඇතැම් ස්ථානවලින් උතුරා යා හැකි බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් මාතර කඹුරුපිටිය, මාලිම්බඩ, තිහගොඩ, අතුරලිය සහ අකුරැස්ස යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වලට විශාල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවිත් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

652000f8211ffpdf_page_2 652000f811b3fpdf_page_1 652000f7aba68pdf_page_0

තරුෂි කරුණාරත්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මූල්‍ය ත්‍යාගයක්

තරුෂි කරුණාරත්නට මූල්‍ය ත්‍යාගයක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව තරුෂි කරුණාරත්නට මිලියන 10ක මූල්‍ය ත්‍යාගයක් ලබාදීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට්  විධායක කමිටුව තීරණය කර ඇත්තේ.

වසර 21කට පසුව ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දිනාගැනීමට ඊයේ (04) තරුෂි කරුණාරත්න සමත් වුණා.

ඉදිරි කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

නිරිත දිග මෝසම සක්‍රීයවීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 කට වඩා වැඩි තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

651ffae1c69d6

ඉන්දික තොටවත්ත අත්අඩංගුවට

ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආගමික ඇදහිලි සහ විශ්වාසයන්ට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඩුප්ලිකේෂන් පාර යළි විවෘත කෙරේ

කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් මාර්ගය වාහන ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා.

කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීම හේතුවෙන් ඩුප්ලිකේෂන් මාර්ගය වසා දැමීමට කටයුතු කර තිබුණා.

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15 ක ජල කප්පාදුවක්

හෙට (07) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව හෙට (07) දිනයේ කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට පස්වරු 5.00 සිට ඉරිදා (08) උදෑසන 8.00 දක්වා පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි සඳහන් වන්නේ.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකෙරෙන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කොල්ලුපිටි​ය බස් ර​ථ අනතුරෙන් පුද්ගලයින් 5 ක් මරුට

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී මගී බස් රථයකට ගසක් කඩාවැටී සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.

අද (06) කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී මගී බස් රථයකට ගසක් කඩාවැටී අනතුරක් සිදුවූ අතර එම අනතුරෙන් බස් රථයේ ගමන්ගත් පිරිස තුවාල ලැබුවා.

පසුව ඔවුන් කඩිනමින් රෝහල් ගත කිරීමට පොලීසිය කටයුතු කර තිබුණා.

ඩුප්ලිකේෂන් මාර්ගය තාවකාලිකව වසා දැමේ

කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් එම මාර්ගය සම්පූර්ණයෙන් අවහිරවී තිබෙනවා.

මේ හේතුවෙන් ඩුප්ලිකේෂන් මාර්ගය සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

කොල්ලුපිටියේදී බස් රථයක් මතට ගසක් කඩා වැටේ

අද (06) කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී මගී බස් රථයකට ගසක් කඩාවැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඒ අනුව මේ වන විට අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් රෝහල්ගත කරමින් සිටින බවයි සඳහන් වන්නේ.

අනතුර හේතුවෙන් මේ වනවිට එම මාර්ගය අවහිර වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

651f7d4337fb3 651f7d42d29b2

Asian Games : අර්ධ අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකාවට පරාජයක්

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර විස්සයි විස්ස පිරිමි ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකාව ඇෆ්ඝනිස්තානය හමුවේ ලකුණු 8කින් පරාජයට පත්ව තිබෙනවා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය පන්දුවාර 18.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 116 ක් ලබා ගැනීමට සමත් වුණා.

නූර් අලී සඩ්‍රාන් ලකුණු 51(52) ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී නුවන් තුෂාර ලකුණු 17 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 19.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 108 ක් පමණයි.

ආරම්භක පිතිකරුවන් වූ ශෙවෝන් ඩැනියල් ලකුණු 9කටත්, ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 16 කටත් දැවී ගිය අතර නුවනිදු ප්‍රනාන්දු රැස් කළේ ලකුණු 5ක් පමණයි. නායක සහන් ආරච්චිගේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 22 ක් ලබා ගත්තා.

ඒ අනුව මේ වන විට ඉන්දියාව, පාකිස්තානය හා ඇෆ්ඝනිස්තානය යන රටවල් අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා තිබෙනවා.