IMF වාර්ෂික සමුළුව අද ආරම්භ වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අද (09) මොරොක්කෝවේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මේ සඳහා රටවල් රැසක මුදල් අමාත්‍යවරුන්, මහ බැංකු අධිපතිවරුන් ඇතුළු නිලධාරීන් රැසක් එක්වීමට නියමිතයි.

සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු පිරිසක් සහභාගීවීමට නියමිතව තිබෙනවා.

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අද (09) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු රිය අනතුරකට ලක්ව මාස 14 ක් පමණ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.

මිය යන විට ඔහු 65 වන වියේ පසු වුණා.

ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල පාසල් දින දෙකක් වසා දැ​මීමට තීරණයක්

පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලූම පාසල් දින දෙකක් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළැඹෙන ඔක්තෝබර් මස 9 වන සඳුදා දින හා 10 වන අඟහරුවාදා දිනවල එම දිස්ත්‍රික්කවල සියලූම පාසල් වසා තැබීමට නියමිතයි.

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඊශ්‍රායලය හා පලස්තීනය අතර යළිත් දරුණු ගැටුම් ඇතිවෙයි

ඊශ්‍රායලය හා පලස්තීනය අතර යළිත් දරුණු ගැටුමක් හටගෙන තිබෙනවා.

ඒ අනුව ගාසා තීරයේ වෙසෙන සාමාන්‍ය වැසියන් වහාම සිය වාසස්ථාන වලින් ඉවත් කරන්නැයි ඊශ්‍රායලය අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

හමාස් සටන්කාමීන් ඉලක්ක කර දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සූදානම්වන බැවින් ඊට පෙර ආරක්ෂිත ස්ථාන කර යොමුවන ලෙසයි ඊශ්‍රෘයලය ගාසා වැසියන්ට දැනුම් දී ඇත්තේ.

ඊයේ දිනයේදීද ඊශ්‍රායලය ගාසා තීරය ඉලක්ක කර ප්‍රහාර මාලාවක් එල්ල කළ අතර ඉන් ගාසා වැසියන් 230කට අධික පිරිසක් මිය ගොස් තිබෙන අතර තවත් 2,000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එසේම ඊශ්‍රායලය ඉලක්ක කර හමාස් සටන් කාමීන් අනපේක්ෂිත ලෙස එල්ල කළ ප්‍රහාර හමුවේ මිය ගිය ඊශ්‍රායල වැසියන්  සංඛ්‍යාව 250 ඉක්මවා ඇති අතර තවත් දහසකට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වන්නේ.

මේ අතර, හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයේ ටෙල්අව්යු නුවරට රොකට් ප්‍රහාර 150ක් පමණ එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

දේශසීමා හරහා ඇතුලු වුණු හමාස් සටන් කාමීන් සිය ගණනක් ඊශ්‍රායලයේ ස්ථාන 22ක පමණ තවදුරටත් රැඳී සිටින බවත් ඔවුන් සොයා ඊශ්‍රායල හමුදාව ප්‍රභල මෙහෙයුමක් දියත් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

ගිංගඟ ආශ්‍රිත පවුල් 276ක් ආරක්ෂිත ස්ථානවලට යොමු කෙරේ

බද්දේගම ප්‍රදේශයේ ගිංගඟ ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන පවුල් 276ක් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා.

ගිංගඟේ ජල මට්ටම බද්දේගම ප්‍රදේශයෙන් ඉහළ ගොස් ඇති බැවින් පහත් බිම් ප්‍රදේශ යට වීමේ අවදානම හේතුවෙන් ඊයේ (07) රාත්‍රියේ අදාළ ජනතාවට ඉවත් වන ලෙසට දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ දැනුම්දී තිබුණා.

එසේම නිල්වලා ගඟ මාතර ගල් බැම්ම ප්‍රදේශයෙන් පිටාර ගලමින් පවතින අතර, මේ හේතුවෙන් මාතර නගරය ඇතුළු ග්‍රාමසේවා වසම් 16කට පමණ බලපෑම් එල්ල විය හැකි බව මාතර දිස්ත්‍රික් ලේකම් වයි.වික්‍රමසිරි සඳහන් කළා.

මාතර දිස්ත්‍රික්කයේ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයන් 65,000ක පමණ පිරිසක් පීඩාවට පත් ව සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මාස දහයක් තුළ අනතුරු 1,638 ක් වාර්තා වෙයි

ගෙවුණු මාස 10 තුළ රිය අනතුරු 1,638ක් සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

එම අනතුරුවලින් මරණ 1,733 ක් මියගොස් ඇති අතර වාර්තා වූ මරණවලින් වැඩිම සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ පදිකයින් වන අතර එම ගණන 540ක් බවද ඔහු සඳහන් කළා.

එසේම යතුරුපැදිකරුවන් 543ක් මියගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඒ අනුව රියදුරන්ගෙන් සහ පදිකයන්ගෙන් මාර්ගයේ ගමන් කරන විට අවධානයෙන් ගමන් කරන ලෙස ඉල්ලා සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව වැඩිදුරටත් සඳහන් කළේ.

SL vs SA: පන්දුවාර 20 ක් අවසානයේ දකුණු අප්‍රිකා ලකුණු පුවරුව – 118/1

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ සිව්වන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායමට අතර මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 20 ක් අවසනයේ  එක් කඩුල්ලක් දැවී ලකුණු 118 ලබා සිටිනවා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිල්ෂාන් මදුෂංක එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

SL vs SA: කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ සිව්වන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායමට අතර අද (07) පැවැත්වෙනවා.

ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

තරගයේ සජීවී විකාශය හෙළකුරු ඔස්සේ නැරඹීමටද දැන් ඔබට හැකියාව පවතිනවා.

කණ්ඩායම් දෙකේ සංචිත පහතින්,

65211438c0d87

ICC CWC 2023 : ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ‍තරගය අද

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද (07) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ මෙම තරගය පැවැත්වීමට නියමිත අතර තරගය දිල්ලි හිදී අද පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතයි.

තරඟයේ ජංගම දුරකථන සජීවී විකාශය හෙළකුරු ඔස්සේ නැරඹිය හැකියි.

සනත් නිශාන්ත කඩිමුඩියේ නාමල්ගේ විදුලි බිල ගෙව්වේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් නිසා – නලීන් හේවගේ

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ විවාහ මංගල්‍යයට අදාළ විදුලි බිල සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා විසින් හදිස්සයේ ගෙවන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති නඩුවක් නිසා බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලීන් හේවගේ පවසනවා.

නීතිඥවරයෙකු විසින් ගොනු කර ඇති අදාළ නඩුව ලබන මස 06 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයේ විමසීමට භාජනය කිරීමට නියමිත බවද, එම නිසා ඊට පෙර බිල ගෙවා දැමූ බවද ඔහු පෙන්වා දෙනවා.

එම නඩුවට අදාළ සිතාසි මේ වන විට නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ඇතුළු මෙම වංචාවට සම්බන්ධ සැමට මේ වන විට යවා ඇති බවද ඔහු සඳහන් කරනවා.