2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 41 වන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර අද (09) පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 41 වන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර අද (09) පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වුණා.
ඒ අනුව විපක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විවාදයට ගැනීමට කටයුතු කළා.
අනතුරුව සභාවේ සියලු දෙනා එකඟතාව පළ කිරීමෙන් අනතුරුව යෝජනාව ඒකමතිකව සම්මතවූ බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසු විරෝධතාව අතරතුරදී සිසුන් 12 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහිදී විරෝධය විසුරුවා හැරීමට පොලීසිය මරදාන ප්‍රදේශයේදී ජල ප්‍රහාරයක් ද එල්ල කර තිබුණා.
ඊශ්‍රායල – හමාස් ගැටුමෙන් මිය ගිය සුජිත් යටවර බණ්ඩාරගේ දේහය අද (09) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.
දේහය භාරගැනීම සඳහා සුජිත් යටවර බණ්ඩාර මහතාගේ බිරිඳ, දරුවන්, ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල මහ කොමසාරිස් දිනේෂ් ප්‍රියන්ත, හිටපු අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ඇතුළු පිරිසක් පැමිණ තිබූ බවයි සඳහන් වන්නේ.
සුජිත් යටවර බණ්ඩාරගේ අවසන් කටයුතු එළැඹෙන සෙනසුරාදා (11) වෙන්නප්පුව, තුලාවෙල, මඩවලපිටිය පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතයි.
කොළඹ 07 විද්‍යා පාරෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිවිසුම් මාර්ගය වසා දැමීමට කටයුතු කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට ඒකාබද්ධ යෝජනාවද මේ වන විට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙමින් පවතිනවා.
ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට ඒකාබද්ධ යෝජනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුව ඉදිරිපත් කළා.
ඒ අනුව විපක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනාව ආණ්ඩුව විසින් ස්තිර කිරීමද විශේෂත්වයක් වන අතර මේ වන විට විවාදය ආරම්භ වී තිබෙනවා.
ඊට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගියදා ඇති වූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අද (09) දිනයේ අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, සමගි ජන බලවේගයේ සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මන්ත්‍රීවරුන් අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගියදා ඇති වූ සිද්ධිය විමර්ශනය කිරීමට කමිටුවක් පත්කර තිබුණා.
එම කමිටුව අවස්ථා දෙකකදී රැස්වූ අතර අද දිනයේ රැස්වීමෙන් අනතුරුව ඔවුන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට ආවරණය වී ක්‍රීඩා අමාත්‍යවරයා නිවැරදි නොවන, නොමඟ යවන සුලු චෝදනා එල්ල කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පවසන්නේ, 2024 ජනවාරි මාසයේදී ICC 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන බවත් එය සාර්ථක කර ගැනීම සඳහා මේ වනවිට ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් ඇති බවයි.
තරඟාවලිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පැවැත්වීම සහතික කිරීම සඳහා ICC නියෝජිතයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ක්‍රියාකාරීව සහයෝගයෙන් කටයුතු කරන බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.
විශේෂයෙන් මේ දිනවල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය සවි කිරීම සහ එහි අනෙකුත් පහසුකම් වැඩිදියුණු කිරීම 2023 ආසියානු කුසලාන තරගාවලියට සාපේක්ෂ ව ආරම්භ කළ බවත් ආනයන සම්බාධක හේතුවෙන් එහි කටයුතු අපේක්ෂා කළ පරිදි නිම කිරීමට නොහැකි වූ බවද ඔවුන් සඳහන් කරනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විදුලි පහන් ආදේශ කිරීම සඳහා පමණක් රුපියල් බිලියන 1.5 ක් වැය කර ඇති බවට වන චෝදනාව පදනම් විරහිත බවත් ව්‍යාපෘති කළමනාකරණය අනුව, ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ගිවිසුම් අවශ්‍යතා අනුව අතුරු ගෙවීම් සිදුකරන බවද ඔවුන් කර තිබෙනවා.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට ප්‍රබල අකුණු සමඟ වැසි අද (08) රාත්‍රි කාලයේ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට ඒකාබද්ධ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී හෙට (09) විවාදයට ගෙන සම්මත කර ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම යෝජනාව හෙට (09) පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.