බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරීම ආදී කටයුතු කීපයකදී බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට යෝජනාවක්

බදු පරිපාලනය වැඩිදියුණු කිරීම සහ බදු ප්‍රතිපත්ති සංශෝධන යෝජනා කිහිපයක් මෙවර අයවැය මඟින් ඉදිරිපත් කර තිබෙනවා.

2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතට සංශෝධන රැසක් ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව බදු ගෙවන්නා හඳුනාගැනීමට අංකයක් ඇතුළත් සහතික පිටපතක් ඉදිරිපත් කිරීම අවස්ථා කිහිපයකදී අනිවාර්ය කිරිමටද යෝජනා කර තිබෙනවා.

ඕනෑම බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටෙක ඉල්ලුම්කරු විසින්, මෝටර් රථයක් ලියාපදිංචි කරන බලපත්‍රය අලුත් කරන අවස්ථාවක හිමිකරු විසින් හා ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කරන විටක ගැනුම්කරු විසින් බදු ගෙවන්නා හඳුනාගැනීමට අංකයක් සහිත සහතික පිටපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබෙනවා.

අයවැය කතාව අවසන්

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ 2024 අයවැය කතාව මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.

ඒ අනුව පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 දක්වා කල් තැබීමට කතානායකවරයා කටයුතු කළා.

විසර්ජන පනත් කෙටුම්පත 02 වැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 14 සිට 21 දක්වා පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි දා පැවැත්වීමට නියමිතයි.

නොවැම්බර් 22 සිට දෙසැම්බර් 13 දක්වා අයවැය තුන් වැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර දෙසැම්බර් 13 වැනි දා ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනවා.

මෙම අයවැය රටේ අනාගතය ශක්තිමත් කරන හරිත අයවැයක් – ජනපති

2024 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* රජයේ නිවාඩු නිකේතන සංවර්ධනය කිරිම වෙනුවෙන් රුපියල් මිලියන 600ක් වෙන් කරනවා. පින්නවල – කිතුල්ගල සංචාරක කොරිඩෝවක් ඇති කරනවා.

* තාක්ෂණය හා නවෝත්පාදනය නිර්මාණාත්මක ආර්ථිකයක පදනමයි. ඒ සඳහා සහාය වීමට රජය සූදානම්.

*තාක්ෂණය හා නවෝත්පාදනය නිර්මාණාත්මක ආර්ථිකයක පදනමයි. ඒ සඳහා සහාය වීමට රජය සූදානම්.ගිග් ආර්ථික කටයුතු සැලකිල්ලට ගෙන දේශසීමා ගනුදෙනු හා වාණිජ පහසුකම් ගෙවීම පහසු කිරීමට කටයුතු කරනවා.

* ආහාර සුරක්ෂිතභාව තහවුරු කිරීමටත් එහි යෙදී සිටින සුළු හා මධ්‍යපරිමාණ කර්මාන්ත කරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 250ක් වෙන් කරනවා.

* හරිත ආර්ථිකයක් නිර්මාණය කළ යුතුයි. දේශගුණික විශ්වවිද්‍යාලය වෙනුවෙන් කොත්මලේ ජලාශයට ඉහළින් අක්කර 600ක් වෙන් කර තිබෙනවා. දේශගුණික විපර්යාස ආයතනයක් පිහිටුවනවා.

* ප්‍රශ්නවලට සුන්දර උත්තර නෑ. සමජීවිකථා සංකල්පය නොබිදෙමින් මේ කටයුත්ත සිදු කළ යුතුයි.

* අපි බ්‍රිතාන්‍යයටත් ණය  ලබා දුන්නා. අද අපි ලෝකයෙන් හිඟා කනවා. අපි අනාගතයටත් එය සිදු කළ යුතුද? අනාගත පරම්පරාවට සාඩම්බර රටක් උරුමකරමු.

* රටේ අනාගතය ශක්තිමක් කරන හරිත අයවැයක් ඉදිරිපත් කිරිමට පුළුවන් වුණා.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් රුපියල් බිලියනයක් වෙන්කරනවා – ජනපති

2024 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* රාජ්‍ය ආදායම් වැඩි කරගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර අත්දැකිම් යොදා ගනිමින් නව ආදායම් අධිකාරියක් ස්ථාපිත කරනවා. මෙය සම්බන්ධීකරණය කිරීමට විශේෂ ව්‍යාපෘති කණ්ඩායම් මුදල් අමාත්‍යාංශයේ ස්ථාපිත කරනවා.

* ශ්‍රී ලංකා රේගු නීති නවීකරණයට පියවර ගන්නවා.

* රාජ්‍ය මූල්‍ය කළමනාකරණය යහපාලන මූලධර්ම වැඩි දියුණු කිරීම සඳහා නව නීති ගෙන එනවා. එමෙන්ම ආර්ථික සංවර්ධනය සඳහා ඉඩම් උපරිම අයුරින් ප්‍රයෝජනයට ගැනීමට නව නීති සම්පාදනය කරනවා.

* ඉන්දියාව සමඟ ආර්ථික තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක්.

* තායිලන්තය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, චීනය සමග නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමට කටයුතු කරනවා. ප්‍රධාන ගෝලීය වෙළඳපොළවලට තරගකාරීව ඇතුළත්වීමේ හැකියාව ලැබෙනවා.

* තාක්ෂණික නවෝත්පාදන සභාවක් ඇති කිරීමට කටයුතු කරනවා.

* පළාත් සංචාරක මණ්ඩලය ශක්තිමත් කරනවා. රුපියල් මිලියන 750ක් වෙන්කරනවා.

* සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම දිගු කාලයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. වසරකට මිලියන 5ක සංචාරකයක් ගෙන්වා ගත යුතුයි. සංචාරක ක්ෂේත්‍රයට නව නීතියක් සකස් කරනවා. මේ වෙනුවෙන් රුපියල් බිලියනයක් වෙන් කරනවා.

ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3450 කින් වැඩි කිරීමට අපේක්ෂා කරනවා – ජනපති

2024 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය 2023 වසරේදී 95% ක් දක්වා අඩු කිරිමට අපේක්ෂා කෙරෙනවා.

* බැංකු පද්ධතියේ ප්‍රාග්ධන වැඩි කිරිමට රුපියල් බිලියන 450 ක්.

* රාජ්‍ය බැංකු දෙකේ කොටස්වලින් 20% ක් උපායමාර්ගික ආයෝජකයන්ට හෝ ජනතාවට ලබාදීමට යෝජනා කරනවා.

* ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3450 කින් වැඩි කිරීමට අපේක්ෂා කරනවා.

* රාජ්‍ය මූල්‍ය කළමණාකරණයේ යහපාලන මූලධර්ම වැඩි දියුණු කිරීමට නව නීති.

* ආර්ථික සංවර්ධනයට ඉඩම් උපරිම ප්‍රයෝජන ගැනීමට නව නීති ගෙන ඒමට කටයුතු කරනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ කටයුතු චීනය සමඟ එක්ව ආරම්භ කරනවා – ජනපති

2024 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* අයවැය අරමුණු සඳහා වියදම් කරන මුදල් වෙනුවෙන් පළාත් සභාවන් පාර්ලිමේන්තුවට වගකිය යුතුයි.

* රාජ්‍ය අයවැය ක්‍රියාත්මක කිරීමේදී දැඩි මූල්‍ය විනය ක්‍රියාත්මක කළ යුතුයි.

* පිටකොටුව, ගාල්ල, මාතර, අනුරාධපුර, යාපනය වැනි මහා නගර ආශ්‍රිතව දුම්රිය ස්ථාන නගර ඉදිකිරීම සඳහා දෙස් විදෙස් ආයෝජන කැඳවීමට යෝජනා.

* 2025 වර්ෂයේ සිට පළාත් සභා ආදායමෙන් 50 % ක් පුණරාවර්තන වියදම් ලෙස යොදවා අමතර ආදායම් ප්‍රාග්ධන වියදම් ලෙස යෙදවීම යෝජන කරනවා.

* පළාත් පාලන ආයතන දිරිමත් කිරීමේ පළමු පියවර ලෙස 2024 ජනවාරි 01 වනදා සිට මහ නගර සභාවල වැටුප් ගෙවීම සඳහා 80% ක මූල්‍යයනයක් ලබාදීම.

* ජාතික හා ජන සභා සම්බන්ධීකරණ කිරීම සඳහා ජන සභා ලේකම් කාර්යාලයක් පිහිටුවීමට රුපියල් මිලියන 700 ක් වෙන් කරයි.

* මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ කටයුතු චීනය සමඟ එක්ව ආරම්භ කරයි.

ක්‍රිකට් සංවර්ධනයට රුපියල් බිලියන 1.5 ක් වෙන් කරයි

2024 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට රුපියල් මිලියන 250 ක් වෙන් කරයි.

* පහල මල්වතු ඔය ව්‍යාපෘතිය සඳහා තවත් මිලියන 2500 ක් වෙන් කිරීමට කටයුතු කරනවා.

* අනුරාධපුර මහා විහාරය ලොව පුරා ථෙරවාද බුදුදහම ව්‍යාප්ත කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළා. ඒ කරුණු සලකා බලමින් මහා විහාර විශ්ව විද්‍යාලයක් ඉදිකිරීමට යෝජනා කළා. එහි මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 450 ක් වෙන් කරනවා.

* මහනුවර බෞද්ධ ශිෂ්ටාචාර කෞතුකාගාරය සඳහා ඉදිරි වසර සඳහා මිලියන දෙසීයක් යොදවනවා.

* ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අර්බුදයකට මුහුණ දී තිබෙනවා. පාසල් සහ පළාත් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීම සඳහා සඳහා බිලියන 1.5 ක් වෙන් කරනවා. අඩුපාඩු ඇති පළාත් සහ පාසල් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙනවා.

කොළඹ වතු ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි කිරීම සඳහා නව වැඩසටහනක් – ජනපති

2024 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* කොළඹ වතු ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි කිරීම සඳහා නව වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. එම වතු ඉඩම් වල නිවාස සංකීර්ණ සහ වෙළඳ සංකීර්ණ ඉදිකිරීමට කටයුතු කරනවා.

* ඉදිකිරීම් සමාගම්වලට එම ඉඩම් ලබාදෙන අතර එහි පදිංචිකරුවන්ට එම නිවාස සංකීර්ණ වලින් හෝ වෙනත් තැනක නව නිවාස ලබාදිය යුතු වෙනවා.

* සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ජාතික සන්නාමකරණ වැඩසටහනක් සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කරයි.

* ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් අයවැයකරණය හඳුන්වාදීම හා ඊට අදාළ නීති සම්පාදනයට යෝජනා කෙරේ.

* අවතැන්වූවන් නැවත පදිංචි කිරීමට රුපියල් මිලියන 2000 ක් වෙන් කිරීමට කටයුතු කරනවා.

* අතුරුදහන් වූවන් වෙනුවෙන් වන්දි ගෙවීම කඩිනම් කිරිම සඳහා තවත් රුපියල් මිලියන 1000 ක් වෙන් කරයි.

* පූනරින් නගරය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 500 ක් ලබා දෙනවා.

* යාපනයේ ජල ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සඳහා මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 250ක් ලබා දෙනවා.

සටකපට නරි නාඩගමක් වැනි සිල්ලර අයවැයක් – සජිත්

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් “සටකපට නරි නාඩගමක් වැනි සිල්ලර අයවැයක්” ඉදිරිපත් කර රටේ ජනතාව රැවැට්ටවීමට උත්සාහ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මෙම අයවැය මාධ්‍ය සංදර්ශනයක් බවටද, රටේ ජනතාව නොමග යැවීම සඳහා උපයෝගී කරගෙන ඇති බවටද අයවැයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළා.

වැඩ කරන ජනතාවගේ ජන ජීවිතය ශක්තිමත් කිරීමට මෙවර අයවැය තුළ ඇති සාධනීය වැඩ පිළිවෙළ කුමක්ද සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බවද ඔහු සඳහන් කළා.

මේ සඳහා කවුරුන් රැවටුනත්, රටේ පොදු මහජනතාව මෙම අයවැයට නොරැවටෙන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළේ.

2024 අයවැයෙන් පැරණි අසාර්ථක ගමනටම නැවතත් අපේ රටත් ආර්ථිකයත් තල්ලු කරනවා – අනුර

රට තුළ ඇතිවී ඇති ගැඹුරු ආර්ථික අර්බුදයන්ට විසඳුම් සොයනවා වෙනුවට පැරණි අසාර්ථක ගමනටම රටත් ආර්ථිකයත් තල්ලු කිරීම ජනාධිපතිවරයාගේ ආර්ථික ගමන වී ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

අයවැයේ මුල් පරිච්ජේදයේ සඳහන්ව තිබුණේ, ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් දීර්ඝ කාලයක් රට පත්කර ඇති ආර්ථික විනාශය සම්බන්ධයෙන් පාපොච්චාරණයක් බවයි අයවැයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

වසර 75 ක් තුළ මාරුවෙන් මාරුවට ඔවුන්ගේ ආර්ථික ගමන වී ඇත්තේ ණය ගැනීම, මුදල් මුද්‍රණය කිරීම හා විකිණීම බවත් නමුත් මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති සමස්ත යොජනාම සමන්විත වී ඇත්තේ, ණය ගැනීම විකිණීම යන මාර්ගයම බවද ඔහු සඳහන් කළා.

අයවැය තුළින් ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3400 කින් පමණ ඉහළ දැමීම තුළින් ඔහු ඉදිරිපත් කළ ආර්ථික ඛේදවාචකයේ පාපොච්චාරණයේ දිගුවක් අයවැය යෝජනා තුළ සමන්විත වී ඇති බවයි අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.