VAT විවාදය අතරතුර පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය නැතිවී පාර්ලිමේන්තුව කල් තබයි

අද (10) විවාදය පැවැත්වෙන අවස්ථාවේ පාර්ලිමේතුවේ ඝන පූර්ණය නොමැතිවී ඇති බවට විපක්ෂය විසින් විරෝධතාවක් මතු කළා.

ඒ අනුව මන්ත්‍රීවරුන් කැඳවීමට නියෝජ්‍ය කතානායකවරයා විසින් සීනුව නාද කිරීමට කටයුතු කර අතර පසුව පාර්ලිමේන්තුව හෙට (11) දක්වා කල් තැබීමට කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

පෙට්‍රල් සහ ඩීසල් VAT බද්ද යටතට

පෙට්‍රල් සහ ඩීසල් සඳහාද එකතු කළ අගය මත බද්ද අය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව පාර්ලිමේන්තුවේදී VAT නොහොත් එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, බොරතෙල් වශයෙන් ගෙන එන ඉන්ධනවලට අය නොකරන බවයි.

රජයට මෙය සැඟවීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ස්ථාවර දුරකථනවලින් යවන SMS පණිවිඩත් VAT බද්ද යටතට

ස්ථාවර දුරකථනවලින් යොමු කරන කෙටි පණිවිඩ සඳහාද එකතු කළ අගය මත බද්ද අය කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අද (10) පාර්ලිමේන්තුවේදී VAT නොහොත් එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

VAT නොහොත් එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

බස්නාහිර පළාතේ ඇතැම් ස්ථානවල විදුලි සැපයුම යථා තත්ත්වයට

ලක්ෂපාන සමනලවැව සහ කොත්මලේ විදුලි බලාගාර යළි සක්‍රීය කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ අනුව බස්නාහිර පළාතේ ඇතැම් ස්ථානවලට මේ වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

එසේම කොළඹ සහ ඒ අවට ඇති සියලුම රෝහල්වල විදුලි සැපයුමද යථා තත්ත්වයට පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

දුම්රිය ධාවනයට බාධාවක් නැහැ – දුම්රිය දෙපාර්තමේන්තුව

විදුලිය විසන්ධි වීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධාවක් එල්ලවී නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සාමානය පරිදි දුම්රිය ධාවනය සිදුවන බවයි වැඩිදුරටත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඇතැම් ප්‍රදේශවල ජල සැපයුමට බාධා ඇතිවිය හැකියි – NWSDB

ඇතුම් ප්‍රදේශ ජල සැපයුමට බාධා ඇතිවිය හැකි බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

ඒ අනුව විදුලි සැපයුම විසන්ඳි වීම හේතුවෙන් මෙලෙස ජල සැපයුමට බාධා එල්ලවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට තව පැය 2 ක් පමණ ගතවෙයි – CEB

මේ වන විට ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල මණ්ඩය පවසනවා.

කොත්මලේ බියගම සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ දෝෂයක් මෙම බිඳවැටීමට හේතුවී ඇති බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත සඳහන් කළේ.

ඒ අනුව කොටස් වශයෙන් විදුලි සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් ඇති බවත් ඒ සඳහා පැය 2 ක් පමණ ගතවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

විදුලි පද්ධතිය ඉක්මනින් යථා තත්ත්වයට පත්කරනවා – CEB

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත පවසනවා.

පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් මෙලෙස විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බවයි ඔහු සඳහන් කළේ.

පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විට නිලධාරීන් කඩිනමින් කටයුතු කරමින් සිටින බවයි එසැණ වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීමක්

 

මේ වන විට කොළඹ, ගාල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකට හදිසි විදුලි බිඳ වැටීමක් සිදුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්තගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් තව සුළු මොහොතකින් නිකුත් කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සුරාසැල් විවෘතව තැබෙන වේලාවන් වෙනස් කරයි

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසැල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව කාණ්ඩ 17 ක් යටතේ වේලාවන් සංශෝධනය කර ඇති අතර සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1 උප වගන්තියේ බලතල ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පැනවීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

ඇතැම් සුරාසැල් රාත්‍රී 12.00 ක් තෙක් විවෘතව තැබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ වේලාවන් පහතින්.

6572ff7e75566