ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු හා උතුරුමැද පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ගිගුරුම් සහිත වැසි හා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සවස් භාගයේ ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, ඒ අනුව ඉහත ප්‍රදේශවල සිටින ජනතාවට සැලකිලිමත් වන ලෙසත් එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

news images

කාශ්මීර ගැටලුව හමුවේ උපරිම සංයමයෙන් කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ඉල්ලයි

කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ, උපරිම සංයමයෙන් ක්‍රියාකරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ඉල්ලා තිබෙනවා.

මේ වනවිට ඇති වී තිබෙන තත්ත්වය තවදුරටත් පිරිහීමට ලක් නොවීමට වග බලාගත යුතු බවයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසා සිටියේ.

පකිස්ථානය සහ ඉන්දියාව අතර ඕනෑම ගැටලුවක්, අන්‍යෝන්‍ය මැදිහත්වීමකින් සාමකාමීව විසඳා ගැනීමට හැකි බවට විශ්වාස කරන බවයි මෙම නොසන්සුන්කාරී තත්ත්වය පිළිබද අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර තිබෙන්නේ.

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු ලබන 30 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (25) අවසර ලබාදී තිබෙනවා.

මිරිහාන විශේෂ විමර්ශන ඒකකය මඟින් මෙම සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් කළ අතර, ඉන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

අත්සන් කරපු ගිවිසුම් පාර්ලිමේන්තුවට දෙන්න ඉන්දියාවේ අවසර මොකටද ? පුබුදු ජයගොඩ ප්‍රශ්න කරයි.

https://www.youtube.com/embed/oLgBnb5kfeA?si=76u3CqCisPrxo4ae” title=

රිදීගම පාසලේම වැඩිමහල් සිසුන්ගේ ප්‍රහාර නිසා මියගිය 15 හැවිරිදි පාසැල් සිසුවා ගැන ඥාතින් හෙලි කරපු .

https://www.youtube.com/embed/tRUjHJDlV1o?si=nP_-Y0eQKmnBhx7g” title=

ගිනිගත් ගෙවල් ගැන ගත්ත වන්දි ගැන තවත් කතාවක් එලියට එයි…CID ය ඉදිරියේ කමන්ත තුෂාර කියපු දේ…..

https://www.youtube.com/embed/ZAOlsNvcO8k?si=IQPifzapAVatgFYY” title=

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳව ශෝකය පළ කිරීමට ජනපති වතිකානු තානාපති කාර්යාලයට

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (24) දහවල් වතිකානු තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳව සිය ශෝකය පළ කර තිබෙනවා.

තානාපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයාව ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අග රදගුරු Brian N. Udaigwe හිමිපාණන් විසින් පිළිගනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අනතුරුව, උන්වහන්සේ සමඟ කෙටි කතාබහක නිරත වූ ජනාධිපතිවරයා එහි තැන්පත් කර තිබූ ශෝක සටහන් පොතේ සටහනක් ද තබා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

පළාත් පාලන මැතිවරණයට අදාළව පාසල් නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ කටයුතු සඳහා යොදා ගන්නා පාසල් ගොඩනැගිලි හා අනෙකුත් අධ්‍යාපන ආයතන සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, දිවයිනේ සියලුම පාසල් මැයි 05 වැනිදා නිවාඩු ලබා දෙන අතර, මැයි 07 පාසල් නැවත ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ.

ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් 2025.05.04 දින අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කළ යුතු බවද එම නිවේදනයේ දැක්වෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ ඉල්ලීම මත ඡන්ද පෙට්ටි හා අනෙකුත් බඩු බාහිරාදිය ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් වෙත නිකුත් කරන හා ආපසු භාර ගන්නා මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා ඇමුණුම් 01 හි සඳහන් පාසල් එම ලේඛනයේ සඳහන් පරිදි ඒ ඒ පාසලට අදාළ කාල වකවානුව තුළ පමණක් නිවාඩු ලබා දීමට කටයුතු කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

news images

news images

ජනාධිපති කුසලාන රග්බි තරග හෙට සිට ආරම්භ වෙයි

මෙරට රග්බි ක්‍රීඩාවේ නිරත වන පළමු කොටසේ විදුහල් 16 තරග වදින, ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය හෙට (25) සිට ආරම්භ වනවා.

ඒ අනුව තරගාවලිය ආරම්භ කරමින් මූලික වටයේ තරග 02 ක් පැවැත්වීමට නියමිතව ඇති අතර, එහිදී මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව කොළඹ ඩී.එස්. සේනානායක විදුහල කොළඹ CR & FC ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතයි.

එසේම, කොළඹ වෙස්ලි විදුහලට එරෙහිව මරදාන ශාන්ත ජෝෂප් විදුහල කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී හෙට තරග වැදීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

ජනාධිපති කුසලාන සඳහා වන පළමු අවසන් පූර්ව තරගය මැයි මස 09 වැනිදා රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී ද, දෙවැනි අවසන් පූර්ව තරගය මැයි මස 11 වැනිදා හැව්ලොක් පිටියේදී ද පැවැත්වෙන අතර, අවසන් මහා තරගය මැයි 18 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති නිල වාහන සහ මාසික ඉන්ධන කෝටාව අඩු කෙරේ

හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති නිල වාහන සහ මාසික ඉන්ධන කෝටාව අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ඊට අදාළව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ චක්‍රලේඛය අනුව හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාදෙන වාහන ගණන දෙකකට සීමා කර ඇති අතර, අමතර සියලු වාහන යළි ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදෙන ලෙස හිටපු ජනාධිපතිවරුන්ට දැනුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම හිටපු ජනාධිපතිවරයෙකුට මාසිකව ලබාදුන් ලීටර් 2250ක ඉන්ධන කෝටාව ලීටර් 900 කට සීමා කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.