අසිරිමත් නත්තල් දිනය අදයි

ජේසුස් ක්‍රිස්තු සමිඳාණන්ගේ අසිරිමත් උපත සිදුවූ නත්තල් දිනය (25) අදට යෙදී තිබෙනවා.

ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත කිතුණුවෝ පමණක් නොව සාමය මානව දයාව, අනුනට උදව් කිරීම, ප්‍රේමය යනාදී ගුණයහපත්කම් අගයන ලෝකවාසීන් මෙම අසිරිමත් දිනය සමරනු ලබනවා.

දිළිඳු ගවලෙනක, සීතල උඳුවප් මහේ උපත ලද ජේසුස් ක්‍රිස්තුන් සමිඳාණෝ, අවිදු අඳුරු නිමවා ලෝක සාමය උදාකිරීම සඳහා සිය ජීවිත කාලය ම කැප කළ අයුරු සිහිපත් කරමින් ශ්‍රී ලාංකික කිතුනු ජනයාද මෙම සැමරුමට එක්වනුයේ එකිනෙකා කෙරෙහි හදවතේ උපන් ගෞරවය, සෙනෙහස, සතුටු සිත් පෙරටු කරගෙනයි.

නත්තල වෙනුවෙන් මෙරට ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කටාන හල්පේ දෙව් මැදුරේදී ඊයේ (24) මැදියම් රැයේදී පැවැත් වුණා.

ගලෙන්බිඳුනුවැව බල ප්‍රදේශයේ අනුරාධපුර ගලෙන්බිඳුනුවැව මාර්ගයේ වැලැනගම හංදියේදි 2023.12.22 වන දින පැය 19.00 ට පමණ අනතුරක් සිදු වි ඇත

ගලෙන්බිඳුනුවැව බල ප්‍රදේශයේ අනුරාධපුර ගලෙන්බිඳුනුවැව මාර්ගයේ වැලැනගම හංදියේදි 2023.12.22 වන දින පැය 19.00 ට පමණ අනතුරක් සිදු වි ඇත.
.
ගලෙන්බිඳුනුවැව දෙස සිට අංක NC ViD3453දරන ස්කුටර් වර්ගයේ යතුරැපැදිය උපුල්දෙනිය දෙසට ගමන් කරන අවස්ථාවෙ දි අනුරාධපුර දෙස සිට ගලෙන්බිඳුනුවැව දෙසට ගමන් ගත් අංක BHR 9467 ඇපාචි වර්ගයේ යතුරු පැදිය සමග ගැටි රියඅනතුරක් සිදුවි ඇත.

එම ස්කුටර් වර්ගයේ යතුරු පැදිය පැදවු කන්තාව හා ඇයගේ වයස අවු 14ක් වු පිරිමි දරැවා හා වයස අවු 08ක් වු ගැහැනු දරැවාගොස් ඇති අතර අංක VID 3453 දරණ යතුරු පැදිකරැ හා තවත් එක්පුද්ගලයකු පමින අත.අනතුරින් පසු තුවාලකරුවන් ගලෙන්බිඳුනුවැව රෝහලටඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා ස්කුටර් වර්ගයේ යතුරැපැදියේ ගමන්ගත් තිදෙනා අනුරාධපුර රෝහලට රැගෙන ගොස් ඇති.අතර එම රෝහලේ පුතිකාර ලබමින් සිටියදි ස්කුටර් වර්ගයේ යතුරැපැදියේ ගමන්ගත් වයස අවු 08 ක පාසල් සිසුවිය වන වැලැනගම උපුල්දෙනිය ලිපිනයේ පදිංචි මිනුලි සෙවුමිණි දිසානායක යන අය මිය⁣ගොස් ඇති බවත් එම යතුරු පැදියේ පැදවු මිිය අයගේ මව හා සොාහායුරා අනුරාධපුර රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ පුතිකාර ලබයි.එම යතුරු පැදිය පදවා ඇත්තේ වැලැනගම උපුල්දෙනිය ලිපිනයේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ හර්ෂණි මධුමාලි යන අයයි.
ඇපාචි වර්ගයේ යතුරැපැදිය පැදවු කැකිරාව පාර ගලෙන්බිඳුනුවැව ලිපිනයේ පදිංචි R.P.M ඉර්සාත් නැමති මුස්ලිම් ජාතිකයකු වන අතර එම යතුරු පැදියේ තවත් එක් පුද්ගලයකු පැමිණ ඇත .

WhatsApp Image 2023-12-24 at 17.10.34 (1) WhatsApp Image 2023-12-24 at 17.10.34

උත්සව සමයේ සියලුම ඉන්ධන පිරවුම්හල්වල 50% ක ඉන්ධන තොග පවත්වාගත යුතු බවට දැනුම්දීමක්

උත්සව සමයේදී කිසිඳු ඉන්ධන හිඟයක් ඇති නොවීමට සියලුම ඉන්ධන හල් වගබලා ගතයුතු බව විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය දැනුම්දී තිබෙනවා.

ඒ අනුව අවම වශයෙන් 50%ක ඉන්ධන තොගයක් පවත්වාගෙන යෑමට සියලුම ඉන්ධනහල් කටයුතු කළ යුතු බවට උපදෙස් ලබාදී ඇති බවයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක සඳහන් කළේ.

සිපෙට්කෝ, ලංකා IOC සහ සයිනොපෙක් ඉන්ධන හල් වෙත එම දැනුම්දීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා.

මියයන විට ඒ මහතා 85 වන වියේ පසු වුණා.

ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබාදී ඇති ඔහු සිංහල සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට නව පණක් දුන් සහ කෘතහස්ත රංගන ශිල්පියෙක් ලෙස ජනාදරයට පාත්‍රවී තිබෙනවා.

රක්තා, මුවන්පැලැස්ස 1, 2, 3, උතුමාණෙනි, කොටි වලිගය, අහිමි දඩමං, හුලවාලි, චන්දිරා, සංඛපාලි, මරුවා සමග වාසේ ඔහු රඟපෑ චිත්‍රපට අතරින් කිහිපයක්.

අධිවේගී මාර්ගවල රාජකාරීවලින් STF ඉවත් කර ගැනීමට අවධානය

මෙරට අධිවේගී මාර්ගයන්හි දැනට රාජකාරියේ යොදවා ඇති ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකාය ඉටුකරනු ලබන කාර්යයන්  සහ එහිදී මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගයන්හි හදිසි අනතුරු, ගිනිගැනීම් වැනි අවස්ථාවලදී  සහ අපරාධ මැඩලීම සඳහා දැනට ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකාය ක්‍රියාත්මක වන අතර එම කාර්යයන්වලින් පොලිස් විශේෂ කාර්ය බළකාය ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ඔවුන් මෙතෙක් ඉටුකළා මෙන් එම කාර්යයන් විධිමත්ව ඉටු කිරීමේ වගකීම පැවරීම සඳහා විකල්ප ක්‍රමවේදයක් ඇති කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

6587b3a5478bapdf_page_0

මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියන් පිරිසක් රෝහල් ගත කරේ

මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියන් 8 දෙනෙකුට උණ රෝගී ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඊයේ (23) රාත්‍රියේ රෝහල්ගත කර තිබෙනවා.

ඒ අනුව මාතර මහ රෝහලේ දැනට රෝගින් 16 දෙනෙක් නේවාසික ප්‍රතිකාර ලබන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඉන් දෙදෙනෙක් තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

නත්තල් දිනයදා අවසරලත් තරු පන්ති හෝටලවල මත්පැන් විකිණීමට අවසර

එළඹෙන 25 වනදා දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීමට තීරණය කර තිබෙනවා.

කෙසේ නමුත් සංචාරකයන්ගේ පහසුව උදෙසා, මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද තරු පන්ති වර්ගීකරණයට යටත් හෝටල සම්බන්ධයෙන් එම නියෝගය බල නොපැවැත්වෙන බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

මේ අතර 26 වැනිදාට යෙදී ඇති උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද සියලුම ආයතන සම්බන්ධයෙන් අදාළ නියෝගය බලපැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

යුක්තිය මෙහෙයුම තාවකාලිකව නතර කෙරේ

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ක්‍රියාත්මක කරන යුක්තිය මෙහෙයුම දින කිහිපයක් තාවකාලිකව නතර කිරීමට නීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (24) හෙට සහ අනිද්දා දිනවල මෙම මෙහෙයුම ක්‍රියාත්මක නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

උත්සව සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන් විශේෂ රාජකාරී කටයුතු සඳහා යෙදවීමට අවශ්‍ය බැවින් මෙලෙස මෙම මෙහෙයුම තාවකාලිකව නතර කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ගතවූ පැය 24 තුළ සැකකරුවන් 1534 ක් අත්අඩංගුවට

ගතවූ පැය 24 ක කාලය තුළ සැකකරුවන් 1534 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසනවා.

ඒ අතරින් පුද්ගලයින් 23 දෙනෙකුගේ දේපොළ සහ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

එසේම තවත් පුද්ගලයින් 99 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

යුක්ති – සමස්ථ වාර්තාව (දින හතක වාර්තාව)

යුක්ති – සමස්ථ වාර්තාව (දින හතක වාර්තාව)

2023.12.17 දින සිට 2023.12.24 වන දින පැය 0030 දක්වා කාලය තුල “යුක්ති මෙහෙයුමට” යටතේ දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුම් වලදී පහත පරිදි සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 09kg 82g
අයිස් 04kg 679g
ගංජා 272kg 967 g
ගංජා පැල 944,651
මාවා 117kg 312g
ඈෂ් 35kg 752g
හෂීෂ් 989g
තූල් 03kg 154g
කුෂ් 520g
මත්පෙති 65,924

මෙම මෙහෙයුමේ වලදී මුලු සැකකරුවන් 13,666 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 717 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

එසේම, සැකකරුවන් 174 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 1097 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ඇත.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 4665 දෙනෙකු අතුරින් මේ වන විට සැකකරුවන් 1107 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.