SL vs ZIM : ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

මේ වන විට කොළඹ දී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී තේරීම් කමිටු සභාපති උපුල් තරංග විසින් එම සංචිතය නිල වශයෙන් නිවේදනය කළා.

කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් හා චරිත් අසලංකගේ උප නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් කර ඇති අතර මීට පෙර නම් කෙරුණු මූලික එක්දින සංචිතයට ඇතුළත්ව සිටි චාමික කරුණාරත්න, චාමික ගුණසේකර, අසිත ප්‍රනාන්දු හා කමිඳු මෙන්ඩිස් අවසන් සංචිතය සදහා නම් කර නොමැති බවයි සඳහන් වන්නේ.

හිටපු නායන දසුන් ශානක එක්දින සංචිතය සදහා නම් කර ඇති අතර, අවිශ්ක ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, ජනිත් ලියනගේ, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩර්සේ හා සහන් ආරච්චිගේ වැනි ක්‍රීඩකයින් එක්දින සංචිතයට කැඳවීමට නව තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

වනිඳු හසරංග සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවුවහොත් පමණක් තරගාවලිය සදහා ක්‍රීඩා කරන බවයි උපුල් තරංග වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලිය ජනවාරි 6 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

අදාළ සංචිතය පහතින්

659533e23df24

අසීරුතා මධ්‍යයේ වුවත් හැකි සෑම සහනයක්ම ඉදිරියේදීත් ජනතාවට ලබා දෙනවා – ජනපති

ඉන්ධන නැති, පොහොර නැති, කඩා වැටුණු ආර්ථිකයක් ඇති යුගයකට රට යළි පත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

දුෂ්කර වුවද මෙම මාර්ගයේ ඉදිරියට යාමෙන් රටේ ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කරගත හැකි බවත්, වැරදි ආර්ථික තීන්දු ගැනීමෙන් සිදුවන්නේ රුපියල නැවත අවප්‍රමාණය වීම බවයි ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ.

ඇතැමුන් පවසන ආකාරයේ ජනප්‍රිය තීන්දු ගෙන රටේ අනාගතය අඳුරු කිරීමට තමන් සූදානම් නොමැති බවත්, අසීරුතා හමුවේ ද ජනතාවට හැකි සෑම සහනයක්ම ලබාදීමට ඉදිරියේද කටයුතු කරන බවයි “ශිල්ප අභිමානී 2023” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

65953e138204epdf_page_3 65953e136e970pdf_page_2 65953e1356eb7pdf_page_1 65953e1340f7cpdf_page_0

ඉතාලියෙන් මෙරටට එවූ හෂීෂ් තොගයක් අත්අඩංගුවට

ඉතාලියේ සිට මෙරටට යොමු කරන ලද රුපියල් කෝටි 6කට වඩා වටිනාකමක් ඇති හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් අඩංගු පාර්සලයක් සීදූව ප්‍රදේශයේ භාණ්ඩ නිෂ්කාශන ආයතනයකින් සොයාගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය ඉතාලියේ සිට හෝමාගම ප්‍රදේශයේ ලිපිනයකට යොමු කරන ලද පාර්සලයක තිබී සොයාගෙන ඇති බවත්, එහි හෂීස්  කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 91ක තොගයක් තිබී ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්කොඩ පැවසුවේ.

අදාල පාර්සලය නිශ්කාශනය කර ගැනීමට පැමිණි නියෝජිතයෙකුද එහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඉදිරි විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය වෙත භාරදුන් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

අධික වර්ෂාව නිසා මැදිරිගිරියේ කුඹුරු අක්කර 1000 ක් විනාශයි

දින ගණනාවක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඹුරු අක්කර 1000 ක් පමණ විනාශ වී තිබෙනවා.

පරාක්‍රම සමුද්‍රය, කවුඩුල්ල, මින්නේරිය හා මොරගහකන්ද යන ජලාශවල වාන් දොරටු විවෘත කිරීමෙන් මහවැලි ගඟ පිටාර ගැලීම නිසා කුඹුරු ජලයෙන් යටවීමෙන් මෙසේ ගොයම විනාශ වී ඇති බවයි ගොවියන් පවසන්නේ.

2024 වසරේ සංචාරකයින් ලක්ෂ 23 ක් ගෙන්වා ගැනීමට සැලසුම්

මෙම වසරේදී මෙරටට සංචාරකයින් ලක්ෂ 23 ක් ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව ඒ හරහා ඇමෙරිකානු ඩොලර් බිලියන 4.6 ක ආදායමක් ඉපැයීම අපේක්ෂාව බවයි එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේ.

පසුගිය වසරේදී සංචාරකයින් ලක්ෂ 15 ක් ගෙන්වා ගැනීමට සැලසුම් කර තිබූ අතර එම වසරේදී සංචාරකයින් 1,487,303 ක් පැමිණ තිබුණා.

තවමත් මහ වැව් වාන්දමයි

ගලෙන්බිදුණුවැවට අද දින වර්ෂාපතනයක් නොලැබුනද තවමත් ගලෙන්බිදුණුවැව වාර්මාර්ග දේපාර්ථමෙන්තුව යටතේ පවතින හුරුළුවැව සහ අලුත් දිවුල්වැව වාන්දමමින් පවතින බව ගලෙන්බිදුණුවැව වාරි ඉංජිනේරු කාර්යාලය පවසයි.

මේ වන විට හුරුළුවැවෙන් වාන් ජලය ගණඅඩි 626 ක් ප්‍රමානයක් යාං ඔයට මුදාහැරෙන අතර අලුත් දිවුල්වැවේ දොරටු හතරක් අඩියක ප්‍රමානයකින් ජලය යාංඔයට මුදාහැරීමට කටයුතු යොදා ඇති බව හුරුලු වැව හා අලුත් දිවුල්වැව භාර වාරි ඉංජිනේරු දසුන් තිලකරත්න මහතා අප කල විමසීමකදී පැවසීය .මේ අතර ගලෙන්බිදුණුවැව කුඩා වැව් බොහොමයක් මේ වන විටත් පිටාර දමමින් පවතී.

2024.01.02 දින පැය 0030 සිට 2024.01.03 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

2024.01.02 දින පැය 0030 සිට 2024.01.03 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.
හෙරොයින් 287g
අයිස් 246g
ගංජා 05kg 400 g
ගංජා පැල 19,052 ක්
මාවා 104g
ඈෂ් 95 g
මත්පෙති 119 ක්
මෙහෙයුමේදී මුලු සැකකරුවන් 1182 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 44 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
එසේම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 47 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.
එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 138 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.

මහා පරිමාණ ව්‍යාපාරිකයින් බදු දැලට හසු කරගැනීමට වෙනම ඒකකයක් ස්ථාපනය කළා – මුදල් අමාත්‍යාංශ ලේකම්

මහා පරිමාණ ව්‍යාපාරිකයින්, ධන කුවේරයින් බදු දැලට හසු කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙනම ඒකකයක් මෑතක දී ස්ථාපිත කළ බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන පවසනවා.

Large tax Payer Unit ලෙස දැනටමත් දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඒකකයක් ඇති බවත්, මෑතකදී High Net-worth Costumers Unit ලෙස නව ඒකකයක් ස්ථාපිත කළ බවයි මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ.

එයට මහා පරිමාණ ව්‍යාපාරිකයින්, ධන කුවේරයින් ඇතුළු පිරිස් අයත් වන බවත් ඔවුන්ගෙන් ලැබිය යුතු බද්ද, රටට ඒ ආකාරයෙන් ලැබෙනවාද යන්න තහවුරු කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් ඇති බවයි භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

ජපානයේ ගුවන් යානයක ගින්නක්

ජපාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ටෝකියෝ හි හනෙඩා ගුවන් තොටුපළේ ධාවන පථයකට ගොඩබස්වන විට ගිනිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය 379 දෙනා ඉවත් කර ඇති බවයි ගුවන් සේවය උපුටා දක්වමින් ජපාන මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ වන විට ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරමින් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

2024 වසර සුබ වසරක් වන බව පැහැදිළියි – එස්.එම්. චන්ද්‍රසේ​න

2024 වසරේ ජනතාවට සහන ලබාදීමට හැකි පසුබිමක් ගොඩනැගෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පවසනවා.

ඒ අනුව 2024 වසර සුබ වසරක් වනු ඇති පැහැදිළි බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඉන්ධන සහ වැට් බද්ද වැඩිවීම නිසා ජනතාව අපහසුතාවට පත්ව ඇති බවත්, මෙය සදාකාලිකවම පවතින දෙයක් නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.