මදයාකඩ කන්දට කුණු දැමිල්ලෙන් ගෙවල් දොරවල් එපාවුන ගමේ ජනතාව…..

https://www.youtube.com/embed/P8Ss0TgEvGc?si=MefTgVjqZCD-Z6Vr” title=

කුවේට් ඉදන් ලංකාවට ආපු ශ්‍රී ලාංකිකයින්ට ගුවන් තොටුපලේදී මුහුන දෙන්න සිද්දවුනා කියන කරදරය…….

https://www.youtube.com/embed/kzwCv86InPs?si=IYenWj3j41u6T289″ title=

ජීවිතයක් අහිමිවුන යතුරුපැදි අනතුරෙන් පසුව පුද්ගලයින් පිරිසක් යතුරු පැදියට ගිනි තබයි….

https://www.youtube.com/embed/iZVzZm6IkKA?si=RLdGtIDEsxreXaw5″ title=

ජී.එල්ලා ගොඩහේවාලා ස.ජ.බයේ සන්ධානයට එකතුවීම ගැන අනුර දිසානයකට හිතුනදේ..

https://www.youtube.com/embed/WdHtA2qTaJo?si=Xm4E4DEVVT0I6Xa6″ title=

ගම්පහ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

ගම්පහ කටුගස්තර ප්‍රදේශයේ අද (08) සවස සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අද පස්වරු 4.00 ට පමණ නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් තිබෙනවා.

කොම්පඤ්ඤවීදිය ද්විත්ව ගුවන් පාලම ජනතා අයිතියට

කොම්පඤ්ඤවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ද්විත්ව ගුවන් පාලම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (08) ජනතා අයිතියට පත්කර තිබෙනවා.

රජයේ කාර්යාල, රෝහල්, ආගමික ස්ථාන, ආපනශාලා, චිත්‍රපට ශාලා ඇතුළු විවිධ ආයතනයන්ගෙන් සමන්විත ඉතා කාර්යබහුල වාණිජ නගරයක් වන කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි  දුම්රිය හරස් මාර්ගය හේතුවෙන් දෛනිකව පැය 3කට ආසන්න කාලයක් අපතේ යන බවට නිරීක්ෂණය වී ඇති  බවයි වාර්තා වෙන්නේ.

එම ප්‍රමාදය මඟහරවා ගැනීම ඉලක්ක කර  මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන මෙම ව්‍යාපෘතිය සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

6613ce50ee8e2pdf_page_0

හරක් කටාට කොට්ටයක් සහ මෙට්ටයක් ලබාදීමට අවසර

නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැති විත්තිකරුට පහසුකම් කීපයක් සලසාදීමට පැමිණිල්ල අද (08) කොළඹ මහාධිකරණය හමුවේ එකඟතාව පළකර තිබෙනවා.

අත්අඩංගුවේ පසුවන තමන්ට නීතිඥවරු හමුවීම සඳහා මේ වනවිට ලබාදෙන විනාඩි 15ක කාලය පැයක් දක්වා දීර්ඝ කරන නියෝගයක් නිකුත් කරන මෙන් හරක් කටා සිය මෝසමෙන් ඉල්ලා තිබූ අතර එයට ප්‍රතිචාර දැක්වූ රජයේ නීතීඥවරයා සඳහන් කළේ, එම කාලය පැය භාගයක් දක්වා දීර්ඝ කළ හැකි බවයි.

ඔහුගේ ආරක්ෂාව සඳහා CCTV පද්ධතියක් ක්‍රියාත්මක වන්නේද යන්න සිය මෝසම මඟින් විමසා තිබූ අතර එයට ප්‍රතිචාර දැක්වූ රජයේ නීතීඥවරයා සඳහන් කළේ, ඔහුගේ ආරක්ෂාව සඳහා ත්‍රස්ත මර්දන කාර්යාංශයේ නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ ඇතුළු නාවික හමුදා නිලධාරීන් යොදවා ඇති බවයි.

මීට අමතරව පියා හමුවීම සඳහා දැනට ලබාදී ඇති විනාඩි 15 කාලය විනාඩි 30 දක්වා දීර්ඝ කරන ලෙස කර තිබුණූ ඉල්ලීමට එකඟතාව ලබාදී ඇති අතර, විදේශයක සිටින තම දරුවාට දුරකථනයෙන් කතා කිරීමේ පහසුකම් ලබාදෙන ලෙසද හරක් කටා සිය මෝසමෙන් ඉල්ලා තිබූ අතර එවැනි පහසුකමක් ලබාදීමේ හැකියාවක් නොමැති බවයි එයට ප්‍රතිචාර දැක්වූ රජයේ නීතිඥවරයා සඳහන් කළේ.

එසේම තංගල්ල රෝහලේ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමත්, ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය විත්තිකරුට කොට්ටයක් සහ මෙට්ටයක් ලබා දීමටද අවසර ලබාදී ඇති අතර නඩුව යළි අප්‍රේල් 26 කැඳවීමට නියමිතයි.