ශිෂ්‍යත්ව ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

හයේශිකා ප්‍රනාන්දු විසින් අදාළ තරුණයාට පා පහර එල්ල කළ බවත්, පසුව ඔහුව ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.

සිද්ධියෙන් පසු සැකකාර ගුරුවරිය වන  හයේශිකා ප්‍රනාන්දු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඇයගේ සැමියා හා ඇයගේ කළමනාකරු යන දෙදෙනා කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

එම සැකකරුවන් දෙදෙනා මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර, ප්‍රධාන සැකකාරිය වන හයේශිකා ප්‍රනාන්දු නම් උපකාරක පන්ති ගුරුවරිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකර, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා කටාන පොලීසියට නියෝග කර තිබෙන්නේ.

සිසුවිය සියදිවි නසාගැනීමේ සිද්ධියට අදාළ සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

කොටහේන සිසුවියක සියදිවි නසාගැනීමේ සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා.

ඒ් අනුව, මෙම සිදුවීමට අදාළ පොලිස් B වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බව ඊයේ (09) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටියා.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා ආයතන සංග්‍රහයේ ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළ‍ේ.

මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින බවද, විමර්ශනය වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැර හැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

ජාතික වෙසක් සතිය අද සිට ඇරඹෙයි

ජාතික වෙසක් සතිය අද (10) සිට ඇරඹෙන අතර, එය ලබන 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙයට සමගාමීව, රාජ්‍ය වෙසක් මහෝත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් අද සිට ආරම්භ වෙනවා‍.සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය, ජනාධිපති කාර්යාලය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් සභාව සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය සංවිධානය කරනු ලබන බවයි දැක්වෙන්න‍ේ.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය “කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වෙනවා.

මෙම කාල සීමාව තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දැනට වැඩ නිම නොවූ විහාර සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව ක්‍රියාත්මක කිරීමට ද නියමිතයි.

මේ අතර වෙසක් සතිය නිමිත්තෙන් මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් මාංශ අලෙවිසැල්, රේස් බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

අපේ සංගීතය ලෝකයට ගෙන යා යුතුයි. සංගීත අධ්‍යක්ෂක- ශබ්ද ඉංජිනේරු සංජුල හිමාල

වර්තමානයේ සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන පිරිස කෙමෙන් කෙමෙන් ඉහළ යමින් පවතී. නිසි අධ්‍යයනයක් ඇතිව, පුහුණුවීමක්, දැනුමක් සහිත එන පිරිස අතර සංගීතය පිළිබද කිසිදු දැනුමක් නැතිව එන පිරිසද ඒ අතර වේ. ඇතැම්හු අය තම මව්පියන්ගේ උරුමයෙන් සංගීත ක්ෂේත්‍රයට පා තබති. තවත් පිරිසක් රියැලිටි වැඩසටහන් වලින් සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වෙති. ඇතැමෙක් විනෝදාංශයක් ලෙස එයට යොමු වේ. කුඩා කල සිටම සංගීතයට ඇලුම් කරමින් තම සහජ දක්ෂතාව වර්ධනය කරගනිමින් සංගීත ලෝකයට පිවිසෙන පිරිසක්ද සිටිති.

එවැනි දක්ෂතා වලින් පිරිපුන් තරුණයෙකු පසුගියදා සරසවිය හමුවට පැමිණියේය. ඔහු සංගීත අධ්‍යක්ෂවරයෙකි. ශබ්ද ඉංජිනේරුවරයෙකි. ප්‍රසිද්ධිය පසුපස හඹා නොයා හිමින් සීරුවේ හරවත් දෙයක් සංගීත ලොවට දායාද කිරීම ඔහුගේ එකම අරමුණයි. ඔහු සංජුල හිමාල. ඔහු සංගීත අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම ශබ්ද ඉංජිනේරුවරයෙකි.

කුඩා කල සිට සංගීතයට ඇලුම් කල සංජුල සංගීත අධ්‍යක්ෂකවරයෙක් දක්වා ආ ගමන් මඟ ගැන තොරතුරු සරසවිය හමුවේ මෙසේ අනාවරණය කළේය.

මගේ ගම මහනුවර. ඉගෙන ගත්තේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ. මම කුඩා කල සිටම සංගීතයට ඇලුම් කළ කෙනෙක්. සංගීතය මුසුවූ වටපිටාවක මම ජීවත් වුණේ. මගේ මව පෙරදිග සංගීත ගුරුවරියක්. මගේ සංගීත දිවියට ඇගෙන් ලැබුණ ආභාසයත් ඉවහල් වුණා. මම පාසැලේදී හැදෑරුවේ බටහිර සංගීතය. පාසැලේ බාහිර වැඩ වල මම ඉතා උනන්දුවෙන් නිරත වුණා. මම වැඩිපුර සවන් දුන්නෙත් බටහිර ගීත වලට. මයිකල් ජැක්සන්, ක්‍රිස් බ්‍රවුන් වැනි ගායකයන්ට මම ඉතා ප්‍රිය කළා. අ.පො.ස. සාමාන්‍ය පෙළ කාලයේදීම තමයි මම සංගීත අධ්‍යක්ෂණය පැත්තට යොමු වුණේ. පාසැල් යන වයසේදීම මම වෘත්තීය මට්ටමේ සිටින සංගීත ශිල්පින් සමඟ වැඩ කළා.

අ.පො.ස උසස් පෙළ නිමවෙනවාත් සමඟම මම ගීතයක් නිර්මාණය කළා ප්‍රදීප් රංගනට. ඔහු රියැලිටි වැඩසටහනකින් ජයග්‍රහණය කළ කෙනෙක්. ඔහුගේ පළමු ගීතයේ සංගීතය නිර්මාණය කරන්න මට අවස්ථාව ලැබුණා. ඉන්පසු 2014 දී ප්‍රදීප් රංගනගේ ” පෙම් සිහිනේ” ගීතයට තනුව යෙදුවා. එය අතිශයින් ජනප්‍රිය ගීතයක් බවට පත්වුණා. ගීත අසන සංගීත ලෝලීන් මාව හඳුනාගත්තේ ප්‍රදීප් රංගනගේ පෙම් සිහිනේ ගීතය නිසා. ඉන්පසු තරුණ ගායක ගායිකාවන් කිහිප දෙනෙකුටම ගී තනු නිර්මාණය කළා.

ජනප්‍රිය යොවුන් ගායක ධනිත් ශ්‍රී ගායනා කරන පන්දම, සඳගනාව, රෝජා, නිවාලන්න මා, ආදරියේ නෞකාව, එහෙම දේවල් නෑ හිතේ මගේ යන ගීත වලට තනු නිර්මාණය කරන්න මට හැකිවුණා. ඒ වගේම වර්තමානයේ ජනප්‍රිය ගායිකාවක් වන කාංචනා අනුරාධිටත් මම ගී තනු නිර්මාණය කර සංගීතවත් කර තිබෙනවා. උදුරාවී, හදිසිද මන්දා, කාලී ඒ මියුරු ගීතයි. ඒ වගේම රහල් අල්විස් ගයන මගේ සෝ සුසුම් සහ දුලාන් ගයන මන්දීරේ හදේ සහ ශෝභාවී යන ගීත නිර්මාණත් කළේ මා විසින්. යොවුන් ගායක ධනිත් ශ්‍රී සඳහා තනුව සහ සංගීතය කළ පන්දම ගීතය 2014 දී අතිශයින් ජනප්‍රිය වුණා.

මම ගීතයකට තනුව සහ සංගීතය කරද්දී විවිධ අත්හදා බැලීම් කරනවා. අපි නිතර අලුත් දේ හඳුන්වා දෙන්න උත්සාහ කළ යුතුයි. කාංචනා අනුරාධී ගයන ‘ කාලී’ කියන ගීතයට මම බෙර, යක් බෙරය වගේ දේශීය වාද්‍ය භාණ්ඩ පාවිච්චි කළා. ඇයගේම තවත් ගීතයක් වන උදුරාවී ගීතයත් ජනප්‍රිය ගීත බවට පත්වුණා. එයට මම ඉන්දියානු ආභාසය මුසු කළා. මම නිර්මාණය කරන කිසිම ගීතයකට වෙන ගීතයක් අනුකරණය කරමින් තනු යොදන්නේ නැහැ. නමුත් විවිධ රටවල භාවිතා කරන සංගීත ශෛලීන් භාවිතා කරනවා. කලින් සඳහන් කළ ධනිත් ශ්‍රීගේ පන්දම ගීතය විවිධ සංගීත ශෛලීන් අනුව නිර්මාණය වූවක්. එයට අපේ දේශීය සංගීතය මෙන්ම පොප් යන ශෛලීන් මිශ්‍ර කළා.

මම ගායකයෙක් ලෙසත් ගීත කිහිපයක් ගායනා කරල තියෙනවා. රූරා, දැනුණු ආදරේ, මේ වාරේ, ගැට දොඩම්, ආල ලවන් වැනි ගීත මා ගායනා කළා. මම සංගීත ක්ෂේත්‍රයට ඇවිත් වසර 15ක් පමණ වෙනවා. 2021 දී මගේම ගීතයක් වූ රූරා ගීතය ඉතා ජනප්‍රිය ගීතයක් බවට පත්වුණා. ටෙලිනාට්‍ය කිහිපයකටත් මම තේමා ගීතවලට තනුව සහ සංගීතය යොදා තිබෙනවා. ඒවායින් කිහිපයක් තාම විකාශය වුණේ නැහැ. ඒ වගේම කළුහිම චිත්‍රපටයේ ගීත දෙකකට මම සංගීත අධ්‍යක්ෂණය කළා. එහි ගීත ගායනා කළේ ප්‍රදීප් රංගන සහ මීනා ප්‍රසාදිනී. මා සංගීතවත් කළ චිත්‍රපට දෙකක් ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා. ඒ වගේම දකුණු ඉන්දියානු චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණය සඳහා මට ආරාධනා ලැබී තිබෙනවා.

මම මගේ සංගීත කටයුතු කරගෙන යන්නේ මගේම තැනක. අඥචලධද අඥජධපඤඵ නමින් මහනුවර සහ හෝමාගම මගේම ස්ටූඩියෝ දෙකක් පවත්වාගෙන යනවා. මියුසික් වීඩියො ප්‍රඩක්ෂන්, මියුසික් මාකටිං, ආර්ටිස්ට් මැනේජ්මන්ට් වැනි කටයුතු මම කරන්නේ. සංගීත අධ්‍යක්ෂණය වගේම ශබ්ද ඉංජිනේරුවෙක් විදිහටත් මම කටයුතු කරනවා.

අපි සංගීත ක්ෂේත්‍රයට පැමිණි කාලයට වඩා අද තාක්ෂණය දියුණුයි. තමන්ගේ ගීත ජනප්‍රිය කරගන්න සමාජ මාධ්‍ය තියෙනවා. එසේ වුවත් තමන්ගේ ගයන, ගීතයේ ගුණාත්මක බවක් තිබිය යුතුයි. සමහර උදවිය සංගීතය කරන්නේ විනෝදයට. එහෙත් එසේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි සංගීතය කියන්නේ. එය පුළුල් විෂයයක්. එය හැදැරිය යුතු දෙයක්. ඇතැම් අය සල්ලී වියදම් කරල ගීතයක් පටිගත කර ගන්නවා. ඉන්පසු එය කෙසේ හෝ ජනප්‍රිය කරගන්නවා. එහෙත් එය පවතින්නේ ඉතාමත් සුළු කාලයයි. කෙසේ ජනප්‍රිය කර ගත්තත් එහි ගුණාත්මකභාවය නැත්නම් එය පවතින්නේ නැහැ. අසන්නන් ගීතයක් අසා තෘප්තිමත් වෙන්නේ නැත්නම් කොතරම් සල්ලි වියදම් කර ගීතයක් හැදුවත් වැඩක් නැහැ. ක්ෂේත්‍රයේ පවතින්න නම් දක්ෂතාවය තිබිය යුතුමයි.

අද හැදෙන බොහෝ ගීත වලට වීඩියෝවකුත් හැදෙනවා. එය ගීතය ජනප්‍රිය වෙන සාධකයක් බවට පත්වෙලා. ඇතැම් මියුසික් වීඩියෝ ප්‍රමිතියෙන් උසස්. නිර්මාණශීලියි. ඒත් ඇතැම් ගීත මියුසික් වීඩියෝ නැතිවත් ජනප්‍රිය වෙන අවස්ථා තිබෙනවා. අතීතයේ අපේ ප්‍රවීණයන් ගැයූ ගීත අදටත් අපේ මතකයේ රැඳී තිබෙනවා. රූප රචනය කියන්නේ එක් මාධ්‍යයක් පමණයි. එය ගීතයේ රසය මදක් වැඩිවෙන එක පමණයි සිදුවන්නේ. ගීතයක් ගයන්න විතරක් සූදානම් වුණාට මදි. මුලින්ම බලන්න ඕන තමන් ඒ ගැන තෘප්තිමත් ද කියලා.

අද තාක්ෂණය දියුණු නිසා ඕනෑම දෙයක් කළ හැකියි. හඬ පවා අවශ්‍ය විදිහට සකස් කරන්න පුළුවන්. ඉස්සර එවැනි පහසුකම් තිබුණේ නැහැ. එදා තිබුණේ ටේප් රෙකෝඩින්. එක පාර ගීතය පටිගත කළේ. අද වගේ හඬ හදන්න බෑ. එකල සිටි ප්‍රවීණයන් ගීතයක් පටිගත කර ගන්න ලොකු මහන්සියක් ගන්න ඇති. වික්ටර් රත්නායක , එච්. ආර් ජෝතිපාල , අමරසිරි පීරිස්, කරුණාරත්න දිවුල්ගනේ වැනි ගායකයන්ට මම ඉතා ප්‍රිය කරනවා. එදා ලියැවුණ ගීත රචනා පවා අති විශිෂ්ටයි.

මම ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොලට තනුවක් යොදා ගීතයක් නිර්මාණය කළා. “සංසාර මාවතේ ” කියන ගීතය. ඒක යුග ගීයක්. මහාචාර්‍ය නිමල් සේනානායක ඇයට සහය ගායනයෙන් සම්බන්ධ වුණා.

මම සංගීත කටයුතු සඳහා නිතර විදෙස් ගතවන කෙනෙක්. ලෝකයේ විවිධ රටවලට මම යනවා. විවිධ මිනිසුන් මට මුණගැසෙනවා. ඔවුන් ලංකාවේ සංගීතය ගැන මා සමඟ කතා කරනවා. පසුගිය කාලයේ ජර්මනියේ ජීවත්වන ශී‍්‍ර ලාංකික ගායිකාවක් වන අනලී අතුරුගිරියට මම ගීතයක් නිර්මාණය කළා. මන්ද මෙසේ නමින්. ඒ ගීතය ජර්මනියේ රසිකයන් අතර ඉතා ජනප්‍රිය වුණා. ඇයට ජර්මනියේ තිබෙන විශාලම රංග ශාලාවක එම ගීතය ගයන්න අවස්ථාව ලැබුණා. විසිදාහක පමණ පිරිසක් එයට සහභාගී වී තිබුණා.

අපේ රටේ ඉන්නවා ඇත්තටම දක්ෂ පිරිසක්. පුදුම හිතෙන දක්ෂතා පෙන්වන කුඩා ළමුන් පවා ඉන්නවා. මම දැක තිබෙනවා සමාජ මාධ්‍යවල එවැනි දරුවන්ගේ දක්ෂතා හුවමාරු වෙනවා. සංගීතය නොමැතිව ඉතාමත් ලයාන්විතව ගායනා කරන කුඩා දරුවන් ඉන්නවා. ඔවුන්ට නිසි මඟ පෙන්වීමක් කළානම් ඔවුන්ට සංගීත ක්ෂේත්‍රයේ ඉහළටම යා හැකියි.

එක රාමුවකට කොටු නොවී විවිධ අත්හදා කිරීම් කරමින් සංගීත ක්ෂේත්‍රයේ කටයුතු කළොත් අපේ සංගීතයට අන්තර් ජාතික මට්ටමේ පිළිගැනීමක් ලැබෙනවා.

ඉන්දියාවේ සිනමාව, සංගීතය කර්මාන්තයක් විදිහට පවත්වාගෙන යනවා. ඒත් අපේ රටේ තාමත් ඒ තත්වය උදාවෙලා නැහැ. ගායක ගායිකාවන්, ගී පද රචකයන්, සංගීත අධ්‍යක්ෂකවරයන් අතර ප්‍රශ්න ඇතිවෙන්නේ නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවීම නිසා. අලුතින් ක්ෂේත්‍රයට එන ඇතැම් තරුණ ගායක ගායිකාවන් ජනප්‍රිය වෙන්නේ ප්‍රවීණයන්ගේ ගීත ගායනා කිරීමෙන්. ඔවුන් ඒ මඟින් මුදල් උපයනවා. ඒ නිසාත් සංගීත ක්ෂේත්‍රයේ විවිධාකාර ගැටලු මතුවී තිබෙන්නේ. පිටරටවල නම් ඒවාට නීති මාලාවක් තිබෙනවා. එමනිසා අපේ රටේත් නිසි ක්‍රමවේදයකට අනුව කටයුතු සිදුවෙනවා නම් අපේ රටේ ගීත කලාව මීට වඩා දියුණුයි.

අපේ සිනමා සංගීතයේත් වෙනසක් ඇතිවිය යුතුයි කියල මම හිතනවා. හොලිවුඩ් , බොලිවුඩ් සිනමාවේ සංගීතය ඉතා ඉහළ මට්ටමක තිබෙනවා. අපිටත් පුළුවන් ඒ මට්ටමට පැමිණෙන්න. ලංකාවේ ඉන්නවා දක්ෂ තරුණ ශිල්පීන් රැසක්. සිනමා සංගීතය කියන්නේ වෙනස්ම රිද්මයක්. උත්සාහ කළොත් අපිට පුළුවන් ප්‍රමිතියෙන් උසස් සංගීතයක් සිනමාව සඳහා භාවිතා කරන්න.

මම නිතරම උත්සාහ කරන්නේ මා සතු දැනුමෙන් සහ මා ඉගෙන ගත් දෙයින් සංගීත ක්ෂේත්‍රයට අර්ථවත් දෙයක් ලබා දෙන්න.

මට පසුගිය මාසයේ උතුම් වැඩ කටයුත්තකට දායක වෙන්න ලැබුණා. පසුගිය මාසයේ රටේ මහජනතාවට ශ්‍රී දළදා මාළිගාවේ වැඩ සිටින ශ්‍රී දන්ත ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමට අවස්ථාව ලැබුණා. මම භාග්‍යවන්ත වුණා ඒ උතුම් කටයුත්ත වෙනුවෙන් ගීතයක් ගායනා කරන්න. මම ආඩම්බර වෙනවා මම මහනුවර ඉපදුණ කෙනෙක් විදිහට එවැනි දෙයක් ඉටුකරන්න ලැබීම ගැන.

මා මුලින් සඳහන් කළාක් මෙන් සංගීතයට මම දැඩි ලෙස ඇලුම් කරනවා. මගේ ආසාවක් තිබෙනවා ගීත ඇල්බමයක් නිකුත් කරන්න. මේ දිනවල ඒ සඳහා සූදානම් වෙනවා. මේ මාසයේ එය එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම මම නිර්මාණය කළ මියුසික් වීඩියෝ කිහිපයක් ඉදිරියේදී එළිදැක්වෙන්න තියෙනවා. ලංකාවේ ජනසංගීතය සමඟ ඇෆ්‍රෝ පොප් සංගීතය මිශ්‍ර කරල ගීත කිහිපයක් හදලා තිබෙනවා. ඒ සඳහා මම රැප් ගායකයෙක් සම්බන්ධ කර ගත්තා.

මට මගේ හැකියාවන් වර්ධනය කරගෙන මෙපමණ දුරක් එන්න මගේ පවුලේ අයගෙන් විශාල සහයක් ලැබුණා. මගේ පියා ගිය වසරේ ජීවිතයෙන් සමුගත්තා.

මගේ අම්මා සහ අක්කා ගෙන් සහයෝගයක් ලැබෙනවා. සංගීතය සමඟ දිගටම රැඳී සිටින්න මම බලාපොරොත්තු වෙනවා. මා කෙසේ හෝ අපේ සිංහල සංගීතය නව ආරකින් ලෝකෙට ගෙන යනවා.

අපේ රටට අවශ්‍ය මෙවන් කලාකාමී තරුණයන්ය. දියුණු වෙන ලෝකයත් සමඟ උරෙන් උර ගැටෙමින් නිර්මාණකරණයේ දෙයෙන මෙවන් තරුණයන් ගැන කතා කළ යුතුයි. ඔවුන්ගේ නිර්මාණශීලි හැකියාවට ඉඩදිය යුතුයි. ප්‍රසිද්ධවීමට උත්සාහ නොකරන සංජුල සංගීත ක්ෂේත්‍රයට හරවත් ගුණාත්මක යමක් කිරීමට නොපැකිළව ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටී. ඒ සඳහා ඔහුට දොරටු විවෘත වී හමාරයි. සංගීත ක්ෂේත්‍රය තුළ විවිධ අත්හදා බලමින් නිර්මාණකරණයේ යෙදෙන සංජුල ඔබට තවත් බොහෝ කාලයක් සංගීත ක්ෂේත්‍රයේ නියැලීමට හැකියාව ලැබේවා.

Copied: https://sarasaviya.lk/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b7%93%e0%b6%ad%e0%b6%ba-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a%e0%b6%ba%e0%b6%a7-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1-%e0%b6%ba%e0%b7%8f-%e0%b6%ba%e0%b7%94/

සෝණා හෙට සිට දිවයින පුරා

ශාන් ජයරත්න අධ්‍යක්ෂණය කළ සෝණා චිත්‍රපටයේ ප්‍රචාරක පටය හා ගීත එළිදැක්වීම පසුගියද නවලෝක ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.
මහිතරු නිෂ්පාදනයක් වන සෝණා චිත්‍රපටය වසන්ත කුමාරවිලගේ නිෂ්පාදනයකි.

රුසියානු තානාපති කාර්යාලය අසළ ලැප්ටොප් පරිගණකයක් තබා යෑමේ සිද්ධියට ජර්මන් ජාතික තරුණියක් අත්අඩංගුවට

රුසියානු තානාපති කාර්යාලය අසල සැක කටයුතු ලෙස ලැප්ටොප් පරිගණකයක් තබා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ජර්මන් ජාතික තරුණියක් කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

භාෂා පරිවර්තකයෙකු මාර්ගයෙන් එම සැකකාර තරුණියගෙන් පැය 05කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ලැප්ටොප් පරිගණකයේ මුරපදය තරුණිය විසින් පොලීසියට ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඇය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු අය කිරීමට එරෙහිව ගොනුකළ පෙත්සම කැඳවීමට දින නියමවෙයි

ශ්‍රී ලංකා ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් වශයෙන් කාණ්ඩගත කිරීමට සහ එය පදනම් කරගෙන රඳවා ගැනීමේ බදු අය කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා ලබන 15 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

එමෙන්ම මෙම ගැටලුව නිරාකරණය කිරීමට හැකියාවක් තිබේදැයි වග උත්තරකරුවන්ගෙන් උපදෙස් ලබාගෙන, මීළඟ දින අධිකරණය දැනුවත් කරන ලෙස ද වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ වෙත විනිසුරු මඩුල්ල විසින් දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරඹේ

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා තිබෙනවා.

විකිණීමට නියමිත වාහන සඳහා 1991 සිට 2016 දක්වා වූ විවිධ වර්ෂවල නිෂ්පාදිත වාහන ඇතුළත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

මෙම වාහන අතර BMW මෝටර් රථ 02ක්, ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ 02ක්, හුන්ඩායි ටෙරකන් ජීප් රථ 01ක්, ලෑන්ඩ් රෝවර් ජීප් රථ 02ක්, මිට්සුබිෂි මොන්ටේරෝ රථ 01ක්, නිසාන් පෙට්‍රල් රථ 03ක්, නිසාන් වර්ගයේ මෝටර් කාර් 02ක්, Porsche කේයින් මෝටර් රථ 01ක්, රෙක්ස්ටන් වර්ගයේ ජීප් රථ 05ක්, ලෑන්ඩ් කෘසර් සහරා වර්ගයේ ජීප් රථ 01ක්, ටොයෝටා V8 රථ 06ක්, සහ මිට්සුබිෂි රෝසා වර්ගයේ වායු සමීකරණය කළ බස් රථ 01ක් වන බවයි සඳහන් වෙන්නේ.

මීට අදාළ ටෙන්ඩර් පත්‍රිකා මැයි 14 වැනිදා දක්වා කාර්යාල දිනයන් හිදී පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා ජනාධිපති කාර්යාලයේ, සෙමා ගොඩනැගිල්ලේ, දෙවන මහලේ පිහිටි මූල්‍ය අංශයෙන් ලබා ගත හැකි අතර, මැයි 14 වැනිදා දක්වා අංක 93, ජාවත්ත පාරේ පිහිටි සළුසල ආයතන පරිශ්‍රයේදී එම වාහන පරීක්ෂා කිරීමට ද අවස්ථා සලසා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

news images

වීසා කාලය අවසන්ව මෙරට රැඳී සිටී බංගලාදේශ ජාතිකයන් 34 දෙනෙක් අත්අඩංගුවට

වීසා කාලය ඉක්මවා, නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලාදේශ ජාතිකයන් 34 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් ඊයේ සීදුව ප්‍රදේශයේ නවාතැන්පොළක රැඳී සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අවුරුදු 19 – 54 අතර වයසේ පසුවන මොවුන්, වැලිසර ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයත් රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති අතර, ඔවුන් කඩිනමින් බංගලාදේශය වෙත පිටුවහල් කිරීමට කටයුතු කරන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ සැකකරුවන් හඳුනාගැනේ

ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවකදී සාක්ෂිකරුවන් විසින් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවලගේ නියෝගයකට අනුව මෙම පෙරෙට්ටුව අද (09) පැවැත්වූ අතර, එහිදී සාක්ෂිකරුවන් තුන්දෙනෙකු විසින් මෙම සැකකරුවන් දෙදෙනා හඳුනාගත් බවයි සඳහන් වෙන්නේ.

ඉන් අනතුරුව අදාළ සැකකරුවන් ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.