https://www.youtube.com/embed/SZXddcQnzvE?si=0zcqhMoeSNkuCK8r” title=
Author: Supun
මන්නා රමේෂ් දැඩි ආරක්ෂාවක් සමග බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශයට……
https://www.youtube.com/embed/Q7iEiKDcnKw?si=7Pmt-SMDmOTV0jEI” title=
දින 15 ට පසු කුලියාපිටියේදී අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා ගැනෙයි….
https://www.youtube.com/embed/BIJBO4kn99E?si=mWdVVGnGDCf9lYiN” title=
අමරවීර, අලගියවන්න හා දුමින්ද දිසානායක තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලීමේ වාරණ නියෝගය 15 වනදා දක්වා දීර්ඝ කෙරේ
මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔවුන් විසින් දැරූ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝගය මේ මස 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කරනු ලැබුවා.
මෙම පැමිණිල්ල අද (08) කැඳවූ අවස්ථාවේදී ඊට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස වගඋත්තරකාර පාර්ශ්වය ඉල්ලා සිටි අතර, ඒ අනුව අදාළ විරෝධතා තිබේ නම් ඒවා ගොනුකරන ලෙස නියෝග කළ අධිකරණය නඩුව නැවත ලබන 15 වනදා කැඳවන ලෙස නියෝග කළා.
කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව තමන් දැරූ තනතුරුවලින් ඉවත් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසක් ගනු ලැබූ තීරණය නීතිවිරෝධී බවට තීන්දු කරන ලෙස ඉල්ලා මෙම පිරිස කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
සාමාන්‍ය පෙළ සිංහල ප්‍රශ්න පත්‍රයේ දෝෂ පිළිබඳව සොයා බලනවා – විභාග දෙපාර්තමේන්තුව
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී ලබාදුන් සිංහල ප්‍රශ්න පත්‍රයේ දෝෂ ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් සොයා බලන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
පිළිතුරු පත්‍ර ලකුණු කිරීමේදී ප්‍රශ්න පත්‍රය පුළුල් ලෙස අධ්‍යයනය කරන ලෙස තමන් උපදෙස් දුන් බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ.
යම් හෙයකින් ප්‍රශ්න පත්‍රයේ වැරදි ඇත්නම්, විභාග අපේක්ෂකයින්ට අසාධාරණයක් නොවන අයුරින් කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
සාකච්ඡා මඟින් ස්ථිර විසඳුමක් නොලැබුණොත් වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරනවා – විශ්ව විද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය
අද (08) පැවැත්වෙන සාකච්ඡා මගින් ගැටළු සඳහා ස්ථිර විසඳුමක් නොලැබුණහොත්, දැනට සිදුකරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට සිදුවන බව විශ්ව විද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය පවසනවා.
වැටුප් කප්පාදුව පිළිබඳව කැබිනට් පත්‍රිකාව අද සාකච්ඡා කර ඉදිරියේ දී එයට විසඳුමක් ලබාදෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි විශ්ව විද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමයේ අනුශාසක, කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධීකාරී සම්පත් උදයංග සඳහන් කළේ.
මෙම වැඩ වර්ජනයට සමගාමීව අද දිනයේ දී උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ජනාධිපති අරමුදලෙන් නව ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක්
ජනාධිපති අරමුදල මගින් දැනට ක්‍රියාත්මක කරනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන්වලට අමතරව තවත් නව ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා.
පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීලමාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මෙන්ම, අ.පො.ස (උසස් පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය, විෂයයක් ලෙස හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා 2024 මැයි මස සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
අදාළ නිවේදනය පහතින්.

රිය අනතුරක් සම්බන්ධ සිද්ධියකට ඒ.එච්.එම්. ෆවුසි මන්ත්‍රීවරයාගේ පුත්‍රයා අත්අඩංගුවට
රිය අනතුරක් සම්බන්ධ සිද්ධියකට පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසිගේ පුත්‍රයා කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මුදාහැර තිබෙනවා.
කොල්ලුපිටිය පාසල් මාවත ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අනතුරට ලක්කර, ඉන් අනතුරුව අනතුරට ලක්වූ පුද්ගලයාට පහරදීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය පරීක්ෂණ සිදුකර, ඒ.එච්.එම්. ෆවුසි මන්ත්‍රීවරයාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත මුදාහැර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
තම පෙම්වතිය හමුවීමට යාමෙන් පසුව අතුරුදහන්වී සිටි කුලියාපිටිය – කබැල්ලෑව පදිංචිකරුවෙකු වන සුජිත් ජයවංශ (අවු:31) යන අයගේ සිරුර දින 15 කට පසුව 07 වැනිදා දහවල් මාදම්පේ පනිරෙන්දාව වනාන්තරයේ තිබී පොලීසිය විසින් සොයා ගෙන ඇත.
තම පෙම්වතිය හමුවීමට යාමෙන් පසුව අතුරුදහන්වී සිටි කුලියාපිටිය – කබැල්ලෑව පදිංචිකරුවෙකු වන සුජිත් ජයවංශ (අවු:31) යන අයගේ සිරුර දින 15 කට පසුව 07 වැනිදා දහවල් මාදම්පේ පනිරෙන්දාව වනාන්තරයේ තිබී පොලීසිය විසින් සොයා ගෙන ඇත.
ඉකුත් 22 වැනිදා කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තම පෙම්වතිය මුණ ගැසීමට ගොස් ඇත.එතැන් සිට ඔහු අතුරුදහන්වී සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 06 වැනිදා අත්අඩංගුවට ගෙන ඇති සැකකුරවෙකුගෙන් ලද තොරතුරු මත ඝාතනයට ලක්වූ අයගේ සිරුර සොයා ගැනීමට විමර්ශණ කටයුතු සිදු කරණ කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශණ අංශ්‍ය සමත්වී තිබුණි.
ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 150 ක් පමණ දුරින් මිය මිය ගොස් ඇති තරුණයාගේ සිරුර හමු විය.ඊට මීටර් 25 ක් පමණ දුරක තිබී මිය ගොස් ඇති අයගේ ඇදුම් කීපයක්ද පොලීසිය විසින් සොයා ගෙන තිබුණි.
හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් සසිත ද සිල්වා මහතා සිරුර තිබූ ස්ථානයට පැමිණ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන ලදි.හලාවත මහා රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වරුණ වන්නිආරච්චි මහතාද පැමිණ නිරීක්ෂණ කටයුතු සිදු කරන ලදි.

ග්‍රාම සේවක පුටු හිස්වෙදීදී තනිව මහජන සේවය කල පලුගස්වැව ග්‍රාම නිළධාරීවරයා….
https://www.youtube.com/embed/PclDr0CI-yE?si=OmW24fKbUiRDuIyM” title=
