
Author: Supun
ජාතික ජන බලවේගයේ වෙසක් දින පණිවිඩය
ජාතික ජන බලවේගයේ වෙසක් දින පණිවිඩය
ක්‍රි.පූ. 06වැනි සියවසේ උපත ලබා අදටද ජීවමානව පවතින ආගමික දර්ශනයකට නායකත්වය ලබා දුන් බුදුන් වහන්සේගේ ජීවිතයට අදාළ තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහොය දිනය අදට (23) යෙදී තිබේ.
බුද්ධ කාලීන සමාජීය විෂමතා හමුවේ අවිහිංසාවාදය, සංහිඳියාව හා සමානාත්මතාවය වැනි මිනිස් සමාජය යහපත් ලෙස පවත්වා ගැනීම සඳහා බුදුන් වහන්සේ විසින් ලෝකයට හඳුන්වා දෙන ලද ප්‍රතිපත්ති සමුදාය, වර්තමාන සමාජ ආර්ථික පරිසරය විසින් දුෂ්ටභාවයට ඇද දමන ලද සමාජයටද මඟපෙන්වීමක් ලබා දෙයි. කෙසේ වුවද පවතින තත්වයන් විසින් පුද්ගලයෙකුට බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය වෙතටත්, දර්ශනය වෙතටත් ආධ්‍යාත්මික වශයෙන් සමීපවීමට මානසික හා භෞතික බාධාවන් පමුණුවමින් සිටී. බෞද්ධ බැතිමතුන්ට පවා බුදු දහමින් පෝෂණය වූ ජීවිතයක් ගත කිරීම දිනෙන් දින අසීරු කරනු ලැබෙමින් පවතී.
මේ සියල්ල මධ්‍යයේ පවා පවත්නා දුෂ්ට සමාජ ආර්ථික ක්‍රමය තුළ ගිලී යාමට නොව ඉන් මිදෙන මඟ සෙවීමට බෞද්ධ දේශනාව අපට උගන්වයි. ඒ වෙනුවෙන් වන පෞද්ගලික අධිෂ්ඨානයක් අප සතු විය යුතු අතරම පොදුවේ පවරා ගත යුතු සමාජීය වැඩකොටසක්ද අප හමුවේ පවතී. එනම් බුදුන් වහන්සේගේ වටිනා ඉගැන්වීම් අනුව මිනිස් ජීවිත හැඩගසා ගැනීමට සැබෑ ලෙසම හැකිවන සමාජ ආර්ථික පරිසරයක් සහ එවැනි සමාජයක් ගොඩනගන ජාතික පුනරුදයක් නිර්මාණය කරගැනීම සඳහා හැකි උපරිමයෙන් මැදිහත් වීමය. එම විමුක්ති මඟට පිවිසීමේ අදිටන සහිතව වෙසක් උත්සවය සමරනු ලබන ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට අපේ සුබපැතුම් එක්කරමු!
අනුර කුමාර දිසානායක
නායක
ජාතික ජන බලවේගය
2024.05.23
CCTV එකටවත් පැහැදිලිව නොපෙනුන යතුරුපැදියේ වේගය…..
https://www.youtube.com/embed/C-qRAWLFwpQ?si=-aYMssf9WR7QxSPs” title=
මහරගම අපේක්ෂා සුව මංසලෙන් ඇහෙන හද පාරනා කතා……..
https://www.youtube.com/embed/PIQJmIAAuAo?si=EbD5qGzWAWB1J5JH” title=
රතුපස්වල සිදුවූ ඝාතනයන්ට සාධාරණය ඉල්ලමින් සීනිගම දෙවොල් දේවාලයේදී දේව කන්නලව්වක්…..
https://www.youtube.com/embed/rltUCWaEamo?si=HCSb-85GsxpBM43d” title=
හත් හැවිරිදි දියනියට තුවාල සිදුවී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුන කළුතර කටුකුරුන්දේ වෙඩි තැබීම…..
https://www.youtube.com/embed/K_q21n9fR0A?si=DGh8spc6YMStWcUy” title=
කොළඹ 1500 – 2000 වෙන මිහින්තලේ ගස් යට වැටිලා කුණුවෙන දෙහි.. මෙන්න ඇත්ත..
https://www.youtube.com/embed/RtxhbcDIK_Y?si=YrNfFgZoZ3V75F63″ title=
සුරාසැල් හෙට සහ අනිද්දා වැසෙයි
වෙසක් පුන් පොහොය වෙනුවෙන් දිවයින පුරා සියලුම සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් දින දෙකක් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මැයි 23 සිට 24 යන දෙදින මෙලෙස වසා තැබෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
විරංජිත් තාඹුගල අත්අඩංගුවට
ව්‍යාපාරිකයෙක් වන විරංජිත් තාඹුගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
තද සුළං පිළිබඳ කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60- 70 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කල්පිටියේ සිට කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 දක්වා ඉහළ යා හැකි බවයි.
නිරිත දිග මෝසම් සුළං ප්‍රවාහයේ වැඩි වීම හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුර, උතුර මැද, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල සුළඟේ වේගය පැයට කිලෝමිටර 50 – 60 දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
