මෙවර පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙයි

2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට ගත් තීරණයට රජයට සිය ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති, පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසා තිබෙනවා.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි හා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක‍ගේ සහභාගීත්වයෙන් 2025 රාජ්‍ය පොසොන් උත්සවය පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව පවසා සිටියා.

‘අනුබුදු දහමින් ලොවම නිවේවා’ යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාව වන අතර, රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව ජුනි මස 01 වැනිදා සිට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන ලබා දෙමින්, විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

පොසොන් සතිය ජුනි 07 වැනිදා සිට ජූනි 13 වැනිදා දක්වා පැවැත්වෙන අතර, එම කාල සීමාව තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුරාසැල් වසා දැමීමටද මෙම සාකච්ඡාවේදී තීරණය වී තිබෙන බවයි සඳහන් වන්නේ.

පොසොන් උත්සවය පැවැත්වෙන කාල වකවානුව තුළ අනුරාධපුරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාව සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

හෙට ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

හෙට (23) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව හෙට පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා පැය 10ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශය, කැලණිය, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

සත්‍යය වෙනුවෙන් කතා කරපු උතුරේ තරුණයෝත් විරුවෝ – වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන

යුද්ධය නැතිවීම යනු සාමය ඇතිවීම නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන පවසනවා.

සත්‍යය, යුක්තිය, සාධාරණත්වය වෙනුවෙන් කතා කරන ලද දකුණේ තරුණයන් විරුවන් බවත්, එසේම සත්‍යය හ‍ා යුක්තිය වෙනුවෙන් කතා කරන ලද උතුරේ තරුණයින් ද විරුවන් බවයි අද (21) පාර්ල‍ිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

තමන් හට කඳුළු සැලෙන්නේ දකුණේ තරුණයින් මැරෙන විට පමණක් නොවන බවද, උතුරේ තරුණයින් මැරෙන විටද තමන්ට කඳුළු සැලුණු බවද, තම ප්‍රතිපත්තිය වන්නේ එය බවද ඔහු ප්‍රකාශ කළා.

යුද්ධයෙන් විශාල පිරිසක් මියගිය අතර, ඔවුන් අනුස්මරණය කළ යුතු බවත්, උතුරේ තරුණයින් ද මියගොස් ඇති බැවින්, ඔවුන් සැමරීම ද සිදුකළ යුතු බවත්, එහි කිසිඳු වරදක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.

ජාතික ජන බලවේගය යනු ජාතිවාදී පක්ෂයක් නොවන බවත්, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 159 ගේ එක ‘මයිලක්’ හෝ ජාතිවාදී නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

දැන් කියන්න වෙන්නේ, ලුණුත් නැතුව බත් හැන්දක් කමුකෝ රත්තරං කියලා – ගම්මන්පිල

ජනතාවගේ අවම ආහාරය ලෙස සැලකුවේ ලුණු සහ බත් බවත්, එය නන්දා මාලනිය විසින් ගයන ගීතයක “ලුණුයි, බතුයි කාලා අපි ඉඳිමු රත්තරං” ලෙස ප්‍රකාශ කර ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.

නමුත් දැන් ජනතාවට ප්‍රකාශ කිරීමට සිදුව ඇත්තේ “ලුණුත් නැතුව බත් හැන්දක් කමුකෝ රත්තරං” ලෙස බවයි අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

වත්මන් ආණ්ඩුව, අවම ආහාරය වන ලුණු හා බත් පවා කෑමට නැති කරන ලද ආණ්ඩුවක් බවද, ගෙදරක ලුණු නැතිවීම ගෙදරට වගතුවක් නොමැති බවට ජනවහරේ ඇති බවද, රටට ලුණු නැතිවීම යනු ආණ්ඩුවෙන් රටට වගතුවක් නැතිවීම බව ආණ්ඩුව විසින්ම ඔප්පු කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

පසුගිය දිනවල නොනවත්වා වර්ෂාව ලැබුණ බව සත්‍ය බවත්, නමුත් නොනවත්වා වර්ෂාව ලැබුණු පළමු අවස්ථාව මෙය නොවන බවත්, 2019 වසර අග සහ 2020 වසර මුල මේ ආකාරයෙන් වර්ෂාව ලැබුණු බවත්, නමුත් ලුණු හිඟයක් නොතිබූ බවත්, එවක තොග කළමණාකරණය නිවැරදිව සිදුවූ බවයි ඔහු සඳහන් කර සිටියේ.

නමුත් මෙවර රජය විසින් ලුණු ආනයනය කිරීමට තීරණය කරන්නේ මැයි 15 වැනිදා බවත්, ඒ රටේ ලුණු හිඟයක් ඇති වී, ජනතාවට එය දැනෙන්නට වූ පසුව බවයි උදය ගම්මන්පිල වැඩිදුරටත් ප්‍රක‍ාශ කළේ.

අපිට ඡන්දය නොදුන්න ජනතාවටත් කඳුලක් එන්න අපි රට හදනවා – දේවානන්ද සුරවීර

පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ආයතන 266 ක ජයග්‍රහණය ලබාදෙන්නේ, ජනතාව සිය පක්ෂ‍ය කෙරෙහි දක්වා ඇති විශ්වාසය මත බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසනවා.

ඒ අනුව පරාජිත කණ්ඩායම් විවිධ වූ ‘සද්ද’ දැමූවද, තමන්ගේ පළාත් පාලන ආයතනය සංවර්ධනය කළ යුතු යැයි සිතන පිරිස ජාතික ජන බලවේගය සමග එක්වනු ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඡන්දය ලබා නොදුන් ජනතාවගේ පවා ඇසට කඳුලක් එන තරමටම රට සෑදීමට කටයුතු කරන බවද ඔහු පවසා සිටියා.

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට කටයුතු කරන බවත්, ව්‍රායි කැලී බල්තසාර් එහි නගරාධිපතිනිය වනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

ඉස්සරහට මේ සිදුවන සිදුවීම් ඩබල් වෙන්න පුළුවන් – චමල් රාජපක්ෂ

දැනට සිදුවෙමින් පවතින අපරාධ ක්‍රියා ඉදිරියේදී දෙගුණ විය හැකි බව හිටපු කථානායක චමල් රාජපක්ෂ පවසනවා.

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් දිනපතා සිදුවන සිදුවීම් වලින්ම වටහා ගත හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

සියලු දෙනා මේ සම්බන්ධයෙන් අවදියෙන් සිටිය යුතු බවද රණවිරු සැමරුමකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළා.

Miss World තරගාවලියේ Head 2 Head Presentations තරගය සඳහා අනුදි සහභාගී වෙයි

අද (21) පැවති Miss World තරගාවලියේ Head 2 Head Presentations තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනුදි ගුණසේකර සහභාගී වුනා.

තමන්ගේ ජීවන අරමුණ වන්නේ ධම්ම පදයෙහි ඇති “සබ්බ පාපස්‌ස අකරණං – කුසලස්‌ස උපසම්පදා – සචිත්ත පරියෝ දපනං – ඒතං බුද්ධාන ශාසනං” ලෙස දක්වා ඇති පරිදි යහපත් ලෙස ජීවත්වීම බවයි ඊට තරග වදිමින් සිදුකළ කතාවේදී ඇය සඳහන් කළේ.

භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව ලෝක සිතියමෙහි පහසුවෙන් සොයා ගැනීමට නොහැකි කුඩා රටක් වුවද, තමන්ගේ රටේ ජනතාවගේ හදවත්, ආත්මයන් සහ බලාපොරොත්තු ඉතා විශාල බවත්, රටක් ලෙස අපගේ රට, ස්වභාවික විපත්, වසංගත සහ ආර්ථික අර්බුදයන්ට මුහුණ දුන්න ද, තම රටේ ජනතාව ඉතා ශක්තිමත් බවද ඇය එම කතාවේදී සඳහන් කළා.

එසේම තමන් ප්‍රජා සේවය අරමුණු කර ගනිමින් “සහේලි” නමින් පදනමක් ආරම්භ කර ඇති බවත්, එම පදනම හරහා ශ්‍රී ලංකාවේ ඔසප් අධ්‍යාපනය, ඔසප් සෞඛ්‍යය සඳහා ප්‍රතිපත්තිමය උපදේශනය සැපයීම සහ පරිත්‍යාග සිදු කිරීම අරමුණු කර ගෙන ඇති බවද ඇය එහිදී සඳහන් කළා.

ලෝක රූ රැජින තරඟයට සහභාගී වීම යනු ඊට තරගවදින සියල්ලන් දැනටමත් ලබා ඇති ජයග්‍රහණයක් බව ඇය විශ්වාස කරන බවත්, ඒ හරහා තමන්ට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට හැකිවූ බවත් ඇයගේ කතාවේදී වැඩිදුරටත් සඳහන් කළා.

රතු නිවේදන නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා කුඩු සළිඳුගෙන් පෙත්සමක්තමන්ට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සළිඳු මල්ෂිත හෙවත් කුඩු සළිඳු සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම සඳහා ජූලි 03 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (21) නියෝග කර තිබෙනවා. මෙම පෙත්සම අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න අධිකරණයේ කරුණු දක්වමින්, මෙම පෙත්සම පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවත්, පෙත්සම්කරු 2023 වසරේ මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ බවත්, ඉන්පසුව රඳවා තබා විමර්ශන සිදුකළ බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර තිබෙනවා. ඉන්පසු සැකකරු මුදා හැරීමෙන් අනතුරුව, ඔහු රටින් පලාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා රටින් පලා ගොස් සිටින පුද්ගලයෙකුට මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කළ නොහැකි බවයි පෙන්වා දී ඇත්තේ. එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ, තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව වසරක කාලයක් රැඳවුම් භාරයේ තැබූ අතර මාස හතක් පමණ රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි බවයි. ඉන්පසුව තම සේවාදායකයාට එරෙහිව සෘජු සාක්ෂි නොමැති බවට රජයේ නීතිඥවරයා විසින් දැනුම්දීමෙන් පසුව ඔහු ඇප මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළ බවත්, ඉන් අනතුරුව විවිධ පුද්ගලයින් මුදල් ඉල්ලා තම සේවාදායකයාට බරපතළ තර්ජන එල්ල කළ බවත්, සිය ජීවිතය පිළිබඳ ඇතිවූ බිය නිසා ඔහු රටින් පලාගොස් ඇති බවයි සඳහන් කර ඇත්තේ. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජූලි මස 03 වැනිදා කැඳවන ලෙස නියෝග කර තිබෙනවා.

තමන්ට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සළිඳු මල්ෂිත හෙවත් කුඩු සළිඳු සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම සඳහා ජූලි 03 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (21) නියෝග කර තිබෙනවා.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න අධිකරණයේ කරුණු දක්වමින්, මෙම පෙත්සම පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවත්, පෙත්සම්කරු 2023 වසරේ මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ බවත්, ඉන්පසුව රඳවා තබා විමර්ශන සිදුකළ බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර තිබෙනවා.

ඉන්පසු සැකකරු මුදා හැරීමෙන් අනතුරුව, ඔහු රටින් පලාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා රටින් පලා ගොස් සිටින පුද්ගලයෙකුට මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කළ නොහැකි බවයි පෙන්වා දී ඇත්තේ.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ, තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව වසරක කාලයක් රැඳවුම් භාරයේ තැබූ අතර මාස හතක් පමණ රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි බවයි.

ඉන්පසුව තම සේවාදායකයාට එරෙහිව සෘජු සාක්ෂි නොමැති බවට රජයේ නීතිඥවරයා විසින් දැනුම්දීමෙන් පසුව ඔහු ඇප මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළ බවත්, ඉන් අනතුරුව විවිධ පුද්ගලයින් මුදල් ඉල්ලා තම සේවාදායකයාට බරපතළ තර්ජන එල්ල කළ බවත්, සිය ජීවිතය පිළිබඳ ඇතිවූ බිය නිසා ඔහු රටින් පලාගොස් ඇති බවයි සඳහන් කර ඇත්තේ.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජූලි මස 03 වැනිදා කැඳවන ලෙස නියෝග කර තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර රෝහල දිගින් දිගටම අලාභ ලබන බව කෝප් කමිටුවේදී අනාවරණය වෙයි

ශ්‍රී ජයවර්ධනපුර රෝහල දිගින් දිගටම අලාභ ලබන තත්ත්වයේ පවතින බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අදාළව 2022 – 2023 විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට COPE කමිටුව විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ බව අනාවරණය වී ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙසේ අලාභ ලැබීමට හේතු ගණනාවක් පවතින බවත්, මෙහිදී ඇතැම් රෝගීන් රෝහල්ගත වී ප්‍රතිකාර ලබා ගත්තද ඊ‍ට අදාළ ගෙවීම් සිදුකොට නොමැති බව නිරීක්ෂණය වන බවත්, ඇතැම් රෝගීන්ගෙන් අය කරගත යුතු මුදල් කපා හැර ඇති බවත් කෝප් කමිටුව පෙන්වා දී ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම විශේෂඥ සේවා පවත්වාගෙන ගිය ද, එමගින් ප්‍රමාණවත් ආදායමක් රෝහලට ලැබී නොමැති බවද දැක්වෙනවා.

කඩිනමින් මෙම අවිධිමත් තත්ත්වයන් මග හරවා ගැනීමට අවශ්‍ය ක්‍රමවේද සකස් කරන ලෙසට කෝප් කමිටුව විසින් නිර්දේශ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

රමිත් රඹුක්වැල්ල ජූනි 03 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල ජුනි 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි නියෝග කර තිබෙනවා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (21) අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.