ජනපතිගේ පරිවාරක හෙලිකොප්ටරයක් හදිසියේ ගොඩබස්වයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගමන් ගන්නා හෙලිකොප්ටරයට පසුපසින් පැමිණෙන පරිවාරක හෙලිකොප්ටරය කාර්මික දෝෂයක් හේතුවෙන් හදිසියේ ගොඩබස්සා තිබෙනවා.

එප්පාවල කටියා ප්‍රදේශයේ වෙල් යායට ඊයේ (14) සවස එම හෙලිකොප්ටරය ගොඩබස්සා ඇති බවයි වාර්තා වෙන්නේ.

ජීවිත හෝ දේපල හානී කිසිවක් සිදුව නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත්වෙනවා.

ඒ අනුව අද පෙරවරු 9.30 සිට දහවල් 12.15 දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන අවට ශබ්ද විකාශන යන්ත්‍ර යොදා මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු නොකරන ලෙසයි විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර ඉල්ලා සිටින්නේ.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 323,879 දෙනෙකු පෙනී සිටින බවත්, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2849 කදී විභාගය පැවැත් වෙනවා.

හැට පැනපු නායකයෝ රට මංඥං කරනවා වනවාසී රාහුල හිමියන්ගෙන් සැර ප්‍රකාශයක්..

https://www.youtube.com/embed/jtTjQIrOdyg?si=gWvp5jV9miNf4wlw” title=

මාලිමාවට ඡන්දේ දෙන්න බැහැ කිව්වට පුද්ගලයෙක්ට ඉදුරුවේදී හෙල්මන්ට් පහරක්….

https://www.youtube.com/embed/DtDWF2Azut0?si=aQZhfIHndSYDpiUa” title=

මාලිමාව ගැන මම මොනවා කියන්නද ? අහපු ප්‍රශ්නෙට ජනපතිගේ උත්තරේ…

https://www.youtube.com/embed/yrHI-dE7PWA?si=aPnPpvrJ7CXqxTBl” title=

ගිලෙන බෝට්ටුවල නැගලා සියදිවි නහගන්න ඔනේ නැහැ – ගීතා කුමාරසිංහ….

https://www.youtube.com/embed/okXxO_T8kaw?si=QbhGqqsDVNP6kHuA” title=

මේ සිද්ධ වෙන්න යන්නේ ලංකාවේ විශාලතම දේශපාලන පරිවර්ථනය – අනුර

ශ්‍රී ලංකාවේ සිදුවීමට යන්නේ සාමාන්‍ය දේශපාලන හුවමාරුවක් නොව ලංකාවේ විශාලතම දේශපාලන පරිවර්ථනය බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

රට පොහොසත් බවට පත් කිරීම සඳහා ජාතික ජන බලවේගයට අරමුණක් ඇති බවයි අද (13) මොනරාගල ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළා.

ඒ සඳහා වන ශක්තිමත් වැඩපිළිවෙළක් නිර්මාණය කර ඇති බවත් එය ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් මිනිසුන් කණ්ඩායමක්ද තමන් සමඟ සිටින බවයි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මාලිමාව ඇතුළු අනුර කුමාරට අවස්ථාවක් ලබා දීමට ගොස් අනාගතය අඳුරු කර ගන්න එපා – ජනපති

මාලිමාව ඇතුළු අනුර කුමාරට අවස්ථාවක් ලබාදීමට ගොස් තමන්ගේ අනාගතය පිළිබඳ තිබෙන අවස්ථාවන් අහිමි කර නොගන්නා ලෙස ජනාධිති රනිල් වික්‍රමසිංහ මෙරට තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

නැවත පෝලිම් යුගයක් නිර්මාණය කරන අනුර කුමාරගේ ආර්ථික ප්‍රතිපත්ති ගැන තමා විමසු නමුත් දින 03ක් ගත වී තිබුණද ඔහු තවම එයට පිළිතුරු ලබා නොදුන් බව පැවසූ ජනාධිපතිවරයා තමන්ගේ අනාගතය ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති මාලිමාවට භාරදිය යුතුද කියා තරුණ තරුණියන් තීරණය කළ යුතු බවයි අද (13) පස්වරුවේ පුත්තලම නගරයේ පැවති “රනිල්ට පුළුවන්” රැළිය අමතමින් සඳහන් කළේ.

රටේ විදේශ විනිමය සංචිතය ශක්තිමත් වී තිබෙන නිසා මෝටර් රථ සහ යාන්ත්‍රික නොවන මෝටර් රථ අමතර කොටස් ආනයනය සඳහා පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

66e4400049558pdf_page_2 66e43ffec8d90pdf_page_1 66e43ffea50a0pdf_page_0