සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා ලෙස සුනිල් ජයරත්න පත් කෙරේ

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස සේවය කළ සුනිල් ජයරත්න පත්කර තිබෙනවා.

අද (04) කටුනායක පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේ දී ඔහු වැඩ භාරගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

සුනිල් ජයරත්න වසර 37ක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති අතර, එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ ඔස්ට්‍රේලියාවේ කැන්බරා විශ්ව විද්‍යාලයේ රේගු නීතිය සහ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙක් වනවා.

ලොහාන්ගේ බිරිඳ ලබන 07 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ ලබන 07 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) දින නියෝග කර තිබෙනවා.

මිරිහාන පිහිටි ඇයගේ මවගේ නිවසේ නවතා තිබූ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව මෙලෙස නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බන්ධනාගාර ගත කර ඇති අතර අසනීප තත්වයක් හේතුවෙන් ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

රනිල්ට පුළුවන් නම් ඡන්දෙට එන්න කියන්න ඇමති විජිතගේ අභියෝගය…..

https://www.youtube.com/embed/ybtXffFL6fQ?si=Zzth6dRsGcg5GWs9″ title=

ගම්මන්පිලගෙන් ආණ්ඩුවට නැවතත් සැර ප්‍රහාරයක්..රවී හා ශානි රකින් හේතුව ගැනත් කියයි….

https://www.youtube.com/embed/BwzSQpaY8Zg?si=JmdQkkiAAr0C4qqY” title=

“මහජන නියෝජිතයෝ වෙන්න වත් සුදුසු නැහැ” සාගලගෙන් අගමැතිනියට සැර ප්‍රහාරයක්..

https://www.youtube.com/embed/66L4_2EtHGc?si=fg1dbKw1j3O75q-q” title=

රාජගිරියේ ගින්න වාර්ථා කරන්න ගිය මාධ්‍යවේදීයාට ආපු තර්ජනය…

https://www.youtube.com/embed/yF24133MO7E?si=vHXc6TA9IvffdJCp” title=

Hong Kong Sixes: තරගාවලියේ ශුරතාව ශ්‍රී ලංකාවට

Hong Kong International Sixes ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කඩුලු 4 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්ථාන කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 5 යි පන්දු 2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 72 ක් පමණයි.

තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 5 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

Hong Kong Sixes: ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

Hong Kong International Sixes ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(3) සමත් වුණා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 6 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 103 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 5.5 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

ඒ අනුව තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අද පස්වරු 2:15 ට පැවැත්වීමට නියමිතයි.

ලොහාන් රත්වත්තේ කොළඹ ජාතික රෝහලට මාරු කෙරේ

අසනීප තත්ත්වයක් හේතුවෙන් හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව බන්ධනාගාර වෛද්‍යවරයාගේ නිර්දේශ මත ඊයේ (02) ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර – කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගත් ඔහු ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පසුගියදා නියෝග කෙරුණා.