https://www.youtube.com/embed/A09NpV0iW2I?si=B2awYmImaMrrhAE2″ title=
Author: Supun
“කියපු දේවල් අනිවාර්යයෙන් කරනවා” ජාතික ජන බලවේගයට සහය දෙන කලාකරුවන් කියන කතාව……
https://www.youtube.com/embed/D90_IcxGNXU?si=rGO4OzrjjnRhNojE” title=
රන්ජන් රාමනායකව ඊලග ජනාධිපති කරනවා කියන මයික් එකේ අය…….
https://www.youtube.com/embed/A09NpV0iW2I?si=fHw-1od9Em7tpTAJ” title=
රනිල්ට ලගදී ඥානා අක්කාව වත් සෙට් වෙලාද ? ලාල් කාන්ත අහයි…..
https://www.youtube.com/embed/MaeAyAhIyM4?si=1c__Oj8SSpnkWpDu” title=
වංචා දූශන ගැන කතා කරද්දි එතුමාලට රිදුනට අපිට කරන්න දෙයක් නැහැ – ධනංජය නාරංබැද්ද…..
https://www.youtube.com/embed/C__HV0iky7s?si=tZjOiwwbG5nxV4d4″ title=
“වහන්න යනවා කියන ෆැක්ටරිය අන්න වැඩ” අනුරාධපුරය හෙල්ලූ වසන්ත සමරසිංහ කියපු දේ……
https://www.youtube.com/embed/Qpp42EnrFc4?si=6zEvoY47ihAo8tCg” title=
නුවරඑළියේ ඉදිවුන විශාලම වානිජ ගොඩ නැගිල්ල විවෘත කිරීමට අධිකරණයෙන් වැට බැදෙයි….
https://www.youtube.com/embed/PceeMvRstZs?si=SJHWh72JoNHxnFLy” title=
වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට
අම්බලංගොඩල ඌරවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔවුන් දෙදෙනා වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තා වෙයි.
පොලීසිය පැවසුවේ එම වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් පළාගොස් ඇති බවය.
රුපියල් කෝටි හතරක කුෂ් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත.
තායිලන්තයේ සිට මෙරටට පැමිණි 58 හැවිරිදි මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු එලෙස අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඔහුගේ අත්බෑගයේ ඉතා සූක්ෂම ලෙස අසුරා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5කට ආසන්න තොගයක් මෙහිදී සොයාගෙන ඇත.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය විමර්ශන කාර්යංශය වෙත භාරදුන් බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
SL vs NZ 1st T20: ශ්‍රී ලංකාවට කඩුලු 4 ක ජයක්
සංචාරක නවසීලන්ක කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය කඩුලු 4 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 135 ක් පමණයි
පන්දුවට පහරදීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Michael Bracewell ලකුණු 27 ක් හා නොදැවී පන්දුවට පහරදුන් Zakary Foulkes ලකුණු 27 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 2 ක්, නුවන් තුෂාර කඩුලු 2 ක්, මතීෂ පතිරණ කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.
තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 ක් අවසනායේ කඩුලු 5 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට වෙනුවෙන් කුසල් පෙරේරා හා කමිඳු මෙන්ඩිස් ලකුණු 23 බැඟින් හා, චරිත් අසලංක නොදැවී ලකුණු 35 ක් ලබා ගත්තා.
තීරණාත්මක දෙවන විස්සයි විස්ස තරගය හෙට (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
