ජනාධිපති අරමුදලෙන් මුදල් ගත් මැති ඇමති ප්‍රභූන් පිළිබඳව නලින්ද ජයතිස්සගෙන් හෙලිදරව්වක්

2005 -2024 කාලය තුළ ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු අමාත්‍ය නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවේදී හෙළි කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව එම අරමුදලින් විවිධ ගෙවීම් ලබාගත් මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකගේ නම් මෙලෙස හෙළිදරව්වක් සිදු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නම් ලැයිස්තුව පහතින්.

පී. හැරිසන්

පියසේන ගමගේ

සුමේධා ජයසේන

මනෝජ් සිරිසේන

පී. දයාරත්න

එස්.ඊ. මුතුකුමාරණ

වාසුදේව නානායක්කාර

සරත් අමුණුගම

එස්.බී. නාවින්න

දයාසිරි ජයසේකර

පියල් නිශාන්ත ද සිල්වා

සුසිල් ප්‍රේමජයන්ත

ඉසුර දේවප්‍රිය

එස්.ඒ. ජගත් කුමාර – ලක්ෂ 10

කේ.පී.එස් කුමාරසිරි – රු. 953,430

ජයලත් ජයවර්ධන –  ලක්ෂ 10

නාමල් ගුණවර්ධන – ලක්ෂ 10

ධර්මදාස බණ්ඩා –  ලක්ෂ 10

විදුර වික්‍රමනායක – ලක්ෂ 15

විමලවීර දිසානායක – ලක්ෂ 30

ලකී ජයවර්ධන – ලක්ෂ 16.2

බී. චන්ද්‍රසේකරන් – ලක්ෂ 14

ජෝන් අමරතුංග – ලක්ෂ 40

ජෝසප් මයිකල්- ලක්ෂ 27

ටී.බී. එ්කනායක –  ලක්ෂ 48

ඩබ්.එම්.එස්. ෆොන්සේකා – ලක්ෂ 55

නීතිඥ ජයන්ත වීරසිංහ – ලක්ෂ 90

ඇලික් අළුවිහාරේ – ලක්ෂ 22

රංජිත් අළුවිහාරේ – ලක්ෂ 8.6

රාජිත සේනාරත්න – ලක්ෂ 100

කෙහෙළිය රඹුක්වැල්ල – ලක්ෂ 110

එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන – ලක්ෂ 112

රංජිත් සොයිසා – ලක්ෂ 188

දි.මු. ජයරත්න – ලක්ෂ 300

පාතාල නායකයින්ටත් STF ආරක්ෂාව දෙනවා, රට බේරගත්ත නායකයාගේ ආරක්ෂාවට දෙන්නේ පොලීසියේ හැ​ටයි – ඩී.වී චානක

හිටපු ජනාධිපතිවරුන් සියලු දෙනාට එකම ප්‍රමාණයේ ආරක්ෂාවක් ලබාදීමට සිදුකළ තක්සේරුව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක පවසනවා.

ඒ අනුව පාතාල නායකයින්ටද විශේෂ කාර්යබලකා වාහන දෙකක් ලබාදෙන විට රට බේරාගත් නායකයාගේ ආරක්ෂාවට ලබාදෙන්නේ පොලිස් නිලධාරීන් 60 ක් පමණක් බවයි අද (17) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

රටේ සාමාන්‍ය පොලිස් නිලධාරීන්ට හිටපු ජනාධිපතිවරයාව ආරක්ෂා කිරීමට හැකිදැයි ගැටලු සහගත බවයි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

2024 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථික​ය 5.5% ක වර්ධනයක් වාර්තා කරයි

2023 වර්ෂයේ තෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ රුපියල් මිලියන 2,987,544 ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය 2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දී රුපියල් මිලියන 3,151,941 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව 2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 5.5%  ක ධනාත්මක වර්ධනයක් ලෙස වාර්තා වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දී කෘෂිකාර්මික ආර්ථික කටයුතු, කර්මාන්ත ආර්ථික කටයුතු හා සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් 3.0% ක් හා 10.8% ක් සහ 2.6% ක් වශයෙන් ධන වර්ධනයන් වාර්තා කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඉස්සර හොරු පස්සේ එළවපු ජනතාව අද අහන්නේ අධ්‍යාපන සුදුසුකම් ගැන – හර්ෂණ නානායක්කාර

ඉස්සර පාර්ලිමේන්තුවේ සිටින හොරුන්, වංචාකරුවන් සම්බන්ධයෙන් ප්‍රශ්න කළ ජනතාව අද වනවිට අධ්‍යාපන සුදුසුකම් ගැන ප්‍රශ්න කිරීමට පටන්ගෙන ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.

ඒ අනුව එය ජාතික ජන බලවේගය ලැබූ විශාල ජයග්‍රහණයක් බවත් ප්‍රජාතන්ත්‍රවාදය යුරෝපීය මට්ටමට ඔසවා තැබීමට හැකි සංවේදී ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සමත්වී ඇති බවයි අද (17) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ජනතාව වෙනස්වී ඇති බවත් ඉස්සර හොරු පසුපස එළවූ ජනතාව අද අධ්‍යාපන සුදුසුකම් ගැන ප්‍රශ්න කිරීම යහපත් කාරණාවක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

හෙට උදෑසනම මගේ සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා – සජිත්

තමා සතු සියලුම අධ්‍යාපන සුදුසුකම් හෙට (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ අනුව අද (17) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, තමා හෙට උදෑසනම එම සුදුසුකම් සභාගත කිරීමට කටයුතු කරන බවයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කළා.

ආණ්ඩුවේ දූෂණ වංචා නොමැති නිසා මැති ඇමතිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන හොයනවා – අගමැති

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් සම්බන්ධව විපක්ෂය සෙවීමට උත්සාහ කරන්නේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ සොරකම් ගැන සෙවීමට නොහැකි නිසාවෙන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

පෙර පැවැති රජයන්වල මන්ත්‍රීවරුන්, ඇමතිවරුන්ගේ සොයන ලද්දේ දූෂණ වංචා බවයි අද (17) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අගමැතිවරිය සඳහන් කළේ.

ආණ්ඩුව ඇතුලේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සුදුසුකම් සෙවීමට විශාල උනන්දුවක් ඇතිවී ඇති බවත් එම උනන්දුව දියුණුවක් ලෙස ගැනීමටද හැකියාවක් ඇති බවයි අගමැතිවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

වැටුනොත් රට හදනවා හැදුවොත් ඊට වඩා හොදට හදනවා – නාමල් රාජපක්ෂ…

https://youtube.com/watch?v=IcWZEP-FOlU%3Fsi%3Dnf3wg3nbwqzzJocJ

ඔය සෙල්ලම් දානකොට පරිස්සමෙන් දාන්න ස.ජ.බ මන්ත්‍රී රෝහණ ආණ්ඩුවට දුන්න පනිවිඩය…..

https://youtube.com/watch?v=OKETjOU7ZcM%3Fsi%3DHXNLqC5kjSrqXCkI

උනුසුම් පිලිගැනීම් මැද ජනපති අනුර දිසානායක ඉන්දියාවේ නව දිල්ලි නුවරට…….

https://youtube.com/watch?v=4jez2M7LHyE%3Fsi%3DQzVR951utg-YJMQJ