කළු ගගෙන් මතුවෙන කිඹුල් තර්ජන..වලං සේදීමට ගිය කාන්තාවක් කිඹුල් ප්‍රහාරයකට ලක්ව මියයයි……

https://www.youtube.com/embed/tjxPzAQIsFQ?si=FM8l2CWm8k1A_VSK” title=

මේ වසරේ සංචාරක පැමිනීම ලක්ෂ 20 ඉක්මවයි දිවයිනට පැමිනි ලක්ෂ 20 වෙනි සංචාරකයා වෙනුවෙන් උත්සවයක්….

https://www.youtube.com/embed/FVuTgYS7nEg?si=pYTT74E-yxT1bsKC” title=

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම අද ආරම්භ කෙරේ

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම අද (27) ආරම්භ වන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

ඒ අනුව මධ්‍යම පළාතේ මහජන අදහස් විමසීම මහනුවර දිස්ත්‍රික් ලේකම් ලේකම් කාර්යාලයේදී අද සිදු කෙරෙන බව එම කොමිසම සඳහන් කළේ.

මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් පැවසුවේ ඌව පළාතේ මහජන අදහස් විමසීම ලබන 30 වැනිදා සිදු  කිරීමට නියමිත බවයි.

හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි

හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 92 වැනි වියේ පසු වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

නවදිල්ලියේ රෝහලක කලක් ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද (26) පස්වරුවේ ඇතිවූ හදිසි රෝගී තත්ත්වයකින් මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

කොටස් වෙළෙඳපොළ අදත් ඉහළ යයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (26) ඒකක 232.13කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 15,400.53ක් ලෙස සටහන්වී තිබෙනවා.

අද දිනයේ වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 7 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අස්වැසුම හිඟ මුදල් ගෙවීම හෙට සිට ආරම්භ කෙරේ

අස්වැසුම ප්‍රතිලාභ පවුල් සඳහා ගෙවීමට ඇති හිඟ මුදල් හෙට (27) දිනයේ සිට අදාළ බැංකු ගිණුම් මගින් ලබාගත හැකි බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ අනුව අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ පවුල් 212,423ක් සඳහා මෙතෙක් ගෙවීමට ඇති හිඟ මුදල් මෙලෙස බැංකු ගත කිරීමට පියවර ගෙන ඇති බවයි එහි සභාපති ජයන්ත විජේරත්න සඳහන් කළේ.

රුපියල් 1,314,007,750.00කට අධික මුදලක් අදාළ හිඟ මුදල් ගෙවීම සඳහා ගිණුම්ගත කිරීමට සුබසාධක ප්‍රතිලභ මණ්ඩලය විසින් පියවර ගෙන තිබෙනවා.

ගංවතුර නිසා ගොවිබිම් අක්කර 80,000 ක් හානිවෙයි

අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය නොවැම්බර් මස ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගොවිබිම් අක්කර 80,000කට ආසන්න ප්‍රමාණයක් හානි වී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

2024/25 මහ කන්නයේ 2024 නොවැම්බර් මස ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් වගා හානි සිදු වූ වගාවන් පරීක්ෂා කිරීම මේ වනවිටත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහයෙන්, ගොවි සංවිධානවල සහභාගිත්වයෙන් සිදු කරන බවයි සඳහන් වෙන්නේ.

ඉන් පොලොන්නරුව, වවුනියාව, මුලතිව්, මන්නාරම යන දිස්ත්‍රික්කවල වගා හානි පරීක්ෂාව මේ වනවිට අවසන් වී ඇති අතර එම දිස්ත්‍රික්කවලට අදාළ අවසන් වාර්තා ලද පසුව වන්දි ගෙවීමට කටයුතු කරන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

මීට අමතරව මඩකලපුව, අම්පාර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රිකවල වගා හානි පරීක්ෂාව එළැඹෙන 29 වනවිටත්, අනුරාධපුරය, කුරුණෑගල, මාතලේ යන දිස්ත්‍රික්කවල වගා හානි පරීක්ෂාව දෙසැම්බර් මස 30 වනවිටත් අවසන් කිරීමට නියමිතයි.

හැටන් බස්රථ අනතුරේ රියදුරු යළි රිමාන්ඩ්

හැටන් ප්‍රදේශයේදී අනතුරට ලක්වු පෞද්ගලික බස් රථ රියදුරා ලබන වසරේ ජනවාරි මස 07 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරු හැටන් මහේස්ත්‍රාත්වරයා හමුවට අද (26) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

පසුගිය 21 වනදා හැටන් සිට මහනුවර දක්වා ධාවනයවු පෞද්ගලික බස්රථය හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලිමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

පාතාලයෙන් වැටුප් ලබන පොලිස් නිලධාරීන් ඉන්නවා – සුනිල් වටගල

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම තුළ වැටුප් ලබන පොලිස් නිලධාරීන් සිටින බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල පවසනවා.

ඒ අනුව රුවන්වැල්ලේ සම්පූර්ණ පොලීසියම සහ අවිස්සාවේල්ලේ ඇතැම් නිලධාරීන් බුද්ධි තොරතුරු මත මාරු කිරීම් සිදුකළ බවයි අද (26) පැවති වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමට ගෙන ඇති ඇතැම් පියවර මාධ්‍ය ඉදිරියේ හෙළි කිරීමට අපහසු බවයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.