අස්වැසුම හිමි පවුල්වල දරුවන්ට පාසල් ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට වන දීමනාව බැංකු ගිණුම් වෙත යොමු කෙරේ

අවදානමට ලක්වූ පවුල්වල දරුවන්ට පාසල් ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව පාසල් අධ්‍යාපනය ලබන, අස්වැසුම හිමි පවුල්වල ළමුන් සඳහා ලිපි ද්‍රව්‍ය ලබා ගැනීමට එක් ළමයෙකුට රු. 6,000.00 ක වටිනාකමින් යුත් දීමනාවක් ලබාදීමට නියමිත බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

එම ප්‍රතිපාදන පසුගිය 27 වනදා අස්වැසුම බැංකු ගිණුම් හරහා ගෙවීමට භාණ්ඩාගාරය කටයුතු කර ඇති බවද සඳහන්.

එසේම, අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවන අනෙකුත් සුදුසු පාසල් ළමුන් සඳහා ද එක් ළමයෙකුට රු. 6,000.00 ක වටිනාකමින් යුත් ලිපිද්‍රව්‍ය ලබා ගැනීමට මෙම දීමනාව ලබා දීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2025 වර්ෂයේ දී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කිරීමට අපේක්ෂා කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

67726d27e03a7

පසුගිය පැය 24 තුළ රථවාහන වැරදි කළ 7,676 කට නීතිමය ක්‍රියාමාර්ග

අද (30) උදෑසන 6.00 න් අවසන් වූ පැය 24ක කාලය තුල සමස්ත රථවාහන වැරදි සම්බන්ධයෙන් 7,676 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව පොලීසිය පවසනවා.

ඒ අතර බීමත් රියදුරන් 413 දෙනෙකු සිටින බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කළේ.

අපරික්ෂාකාරී ලෙස සහ අන්තරාදායක ලෙස රිය ධාවනය කළ රියැදුරන් 49 කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

6772736d46aed

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව, පත්වී මාස තුනක් ගතවන විට රට ස්ථාවර කිරීමට සමත් වුණා – නලින්ද ජයතිස්ස

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පත්වී මාස තුනක් ගතවන විට රට ස්ථාවර කිරීමට සමත්ව ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පත්වීමෙන් පසු ඇතැමුන් සිතා සිටියේ ආර්ථිකය කඩා වැටී, රට තිබුණු තැනටත් වඩා අර්බුදයකට ලක්වනු ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ජාත්‍යන්තරය ද මේ වන විට ශ්‍රී ලංකාව ස්ථාවර ගමනක් යමින් ඇති බවට පිළිගෙන ඇති බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ජිමී කාටර්ගේ අභාවය පිළිබඳ​ව ජනපති ශෝකය පළ කරයි

අමෙරිකානු හිටපු ජනාධිපති ජිමී කාටර්ගේ අභාවය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ පිරිසට සහ ඥාතීන්ට, ජනාධිපති අනුර කුමාර දිසානායක සිය බලවත් ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

ජිමි කාටර් මහතා සිය ජීවිතය පුරා මානව හිමිකම් සහ මානුෂීය කටයුතු වෙනුවෙන් නොසැලෙන කැපවීමකින් කටයුතු කර ඇති බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

ඒ වෙනුවෙන් ඔහුට 2002 දී නොබෙල් සාම ත්‍යාගය හිමි වූ බව ද ජනාධිපතිවරයා සිහිපත් කර තිබෙනවා.

67726d5c3004d

පාත්තරේ වුන මිල සූත්තරේ විදුලි පාරිබෝගික සංගමයෙන් ආණ්ඩුවට සැර කතාවක්….

https://www.youtube.com/embed/7ak3mLNHiVY?si=OmM3-d0KVuQWcT1C” title=

සතොසේ සහල් ටෙන්ඩර් ප්‍රතික්ෂේප වීම ගැන කමන්ත තුෂාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යයි……

https://www.youtube.com/embed/SCQhGkSh8Zs?si=p2oOtSUOda2B5QUU” title=

බාල ඖෂද ලෝකේ නැහැ කියපු අයට විශේෂඥ වෛද්‍ය චමල් සංජීව උත්තර දෙයි….

https://www.youtube.com/embed/Ou5p6v7WOfI?si=FMJBcM6WmlkGmoiY” title=

ශවේන්ද්‍ර සිල්වා ජනවාරි 01 වනදා සිට විශ්‍රාම ගනියි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා 2025 ජනවාරි 01 වනදා සිට සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත බව සඳහන් වනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වාට ජූනි මස 1 වන දා සිට 2024 දෙසැම්බර් 31 වනදා දක්වා සේවා දිගුවක් ලබාදීමට පියවර ගෙන තිබුණා.

දකුණු කොරියානු ගුවන් අනතුරින් මියගිය පිරිස 122ක් දක්වා ඉහළට

දකුණු කොරියාවේ Muan ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට උත්සාහ කළ පුද්ගලයින් 181 දෙනෙකු රැගත් මගී ප්‍රවාහන ගුවන්යානයක් අද (29) උදෑසන අනතුරට ලක්වී එහි ගමන්ගත් පිරිසෙන් 122 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Jeju ගුවන් සේවාවට අයත් බෝයිං 737 – 800 වර්ගයේ මගී ප්‍රවාහන ගුවන්යානය, තායිලන්තයේ බැංකොක් නුවර සිට දකුණු කොරියාවේ Muan ගුවන්තොටුපොළ බලා අද අලුයම ගමන් කර තිබුණා.

යානය Muan ගුවන්තොටුපොළට ගොඩබස්වමින් සිටියදී එහි වේගය පාලනය කරගැනීමට නොහැකිව ධාවන පථය ඔස්සේ ඇදීගොස් එහි තාප්පයක ගැටී අනතුරට ලක්ව ඇති අතර අනතුරත් සමඟ යානය පුපුරා ගිනිගැනීමට ලක්ව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

සහල් මෙට්‍රික්ටොන් 75,000 ක් ආනයනය කර නිෂ්කාශනය කර අවසන් – රේගුව

අද (29) පෙරවරුව වනවිට සහල් මෙට්‍රික්ටොන් 75,000ක් මෙරටට ආනයනය කර නිෂ්කාශනය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

ඒ අනුව ඉන් මෙට්‍රික්ටොන් 32,000ක් කැකුළු සහල් වන අතර, මෙට්‍රික්ටොන් 43,000ක් නාඩු සහල් බවයි සඳහන් වෙන්නේ.

සහල් ආනයනය සඳහා ලබා දී තිබූ කාලය එළැඹෙන ජනවාරි මස 10 දින දක්වා දීර්ඝ කිරීමට රජය පසුගිය දා පියවර ගෙන තිබුණා.