වී මිලදී ගැනීම සඳහා සහනදායී ණය ක්‍රමයක්

සහනදායි පොලී අනුපාතයක් යටතේ රාජ්‍ය බැංකු හරහා ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

වී අස්වනු සඳහා සාධාරණ මිලක් සහතික කිරීමේ හා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් ශක්තිමක් කිරීම මේ තුළින් අපේක්ෂා කරන බවයි සඳහන් වෙන්නේ.

පසුගිය කන්නවලදී මෙම වැඩසටහන ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව නිරීක්ෂනය වී ඇති බැවින් 2024/25 මහ කන්නයේ සිට සෑම කන්නයකදීම එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බව හඳුනාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව නිශ්චිත නිර්ණායක කිහිපයකට යටත්ව උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙට්‍රික්ටොන් 25 ක් දක්වා වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙත රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා මෙම සහනදායි ණය ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අදාළ කැබිනට් තීරණය පහතින්.

6773b585e3459

රජයේ මුද්‍රණාලයාධිපති ලෙස කේ. ජී. පී. පුෂ්පකුමාර පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

කේ. ජී. පී. පුෂ්පකුමාර රජයේ මුද්‍රණාලයාධිපති ලෙස පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඔහු ජාතික අයවැය දෙපාර්තුමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස කටයුතු කරන බවයි සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

67739cd773193

මම ඡන්දෙට ආවේ පරදින බව දැනගෙන – ගම්මන්පිල

තමන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වුණේ පරදින බව දැනගෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 87 ක් මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවට තීරණය කළේ, ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය දැකීමෙන් පසු බවයි රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

නමුත් තමන් මැතිවරණයට තරග කරන බවට තීරණය කළේ, ජාතික කඳවුරට ඡන්දය ලබාදීමට සිටින පිරිසට ඡන්දය දීමට තැනක් නැතිව ඔවුන්ද මාලිමාවට ආකර්ෂණයවීමට හැකියාව තිබූ නිසා බවයි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ගැන දැනුම්දීමක්

රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 වසරේ දී පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේ දිනය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල පන්ති ආරම්භය ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා දින සිදුකරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

67739c5ca55a1

“මම යකඩ ගැහැනියක්.. ඔටුන්නකට පොර බැදුවා නෙමෙයි” ගැලවුන කිරුල නැවත හිමිවුන පුෂ්පිකා කියපු දේ….

https://www.youtube.com/embed/uSAHt3nbi-c?si=yO9zbAG_g8erMzev” title=

අනිත් අයගේ ඇද හොයන එක දැන්වත් නවත්තන්න – නාමල්ගෙන් ආන්ඩුවට අපූරු උපදෙසක්……

https://www.youtube.com/embed/pmzmCwEFCn0?si=UiQstJmONemHaka2″ title=

මහජනතාවගේ ඊලග සුනාමිය එන්නේ දේශපාලකයාට නෙමෙයි රාජ්‍ය සේවයටයි ඇමති ලාල් කාන්තගේ රතු එලිය…

https://www.youtube.com/embed/1S2dPBz4jeY?si=nM6tSSTlqHKm-jaD” title=

ඉතිහාසයේ පළමු වතාවට කිරිබතක් සෑදීමකින් තොරව නව වසරක් ආරම්භ කිරීමට වත්මන් ආණ්ඩුව අවස්ථාව උදාකරලා – සාගර කාරියවසම්

ඉතිහාසයේ පළමු වතාවට කිරිබතක් සෑදීමකින් තොරව නව වසරක් ආරම්භ කිරීමට වත්මන් ආණ්ඩුව අවස්ථාව උදාකර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

2024 වසර පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අමිහිරි අත්දැකීම් රැසකට මුහුණදුන් වසරක් බවයි අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

එසේම 2024 වසර ජනතාව වැඩියෙන්ම රැවටුණු වසර ලෙසද ඉතිහාසගත වනු ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

දැන් ආණ්ඩුවට දින 100 ට වැඩියි, මේක ලාබාල ආණ්ඩුවක් නෙවෙයි – ජනක වක්කුඹුර

ජනතාවට අසත්‍ය පවසා බලය ලබාගත් පසු ඔවුන්ට එය කිරීමට නොහැකි බව ජාතික ජන බලවේග ආණ්ඩුවට තේරුම් ගොස් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක වක්කුඹුර පවසනවා.

ප්‍රාදේශීය සභාවක් කිරීමට නොහැකි පිරිසකට රටක් කිරීමට නොහැකි බවට මීට පෙර තමන් ප්‍රකාශ කළ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

වත්මන් ආණ්ඩුවට දින 100 කට වැඩි බවත්, දැන් මෙම ආණ්ඩුව ලාබාල ආණ්ඩුවක් නොවන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක වක්කුඹුර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පළපුරුදු අය නැති නිසා අද ජනතාව බරපතළ ඛේදවාචකයක​ට මුහුණදෙමින් ඉන්නවා – වජිර

පළපුරුදු පුද්ගලයින් පාර්ලිමේන්තුවට නොයැවීම නිසා ජනතාව අද වන විට බරපතළ ඛේදවාචකයකට මුහුණ දෙමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසනවා.

සහල් ටොන් ගණනක් මැතිවරණ කොට්ඨාසවලට නොමිලේ බෙදා හැරීමට කටයුතු කළ බවටත්, එවිටද මෙම ප්‍රධාන සහල් මෝල් හිමියන් සිටි බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

පොල් සම්බන්ධ ගැටලුවක්ද මතුව ඇති බවත්, රිලවුන් නිසා පොල් නැති බවට ප්‍රකාශ කළද, පසුගිය වසර දෙකහමාරක කාලය තුළ රිලවුන්ද සිටි බවත්, රනිල් ද සිටි බවත්, පොල් ද තිබුණු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කළේ.