නව වසරේ අලුත් පරිවර්තනයකට ලක්කිරීමේ අභියෝගය රජය සතුව තිබෙනවා – ජනපති

නව වසරේ අලුත් පරිවර්තනයකට ලක්කිරීමේ අභියෝගය රජය සතු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව එම අභියෝගය ඉටු කිරීම වෙනුවෙන් මුළු දේශපාලන අධිකාරියම පෙනී සිටින බවයි Clean Sri Lanka ජාතික වැඩසටහන ආරම්භ කිරීමේ උත්සවය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

නව දේශපාලන සංස්කෘතියක් තුළින් නව වසර ආරම්භ කර ඇති බවද නීතිය හා විධානයේ ආධිපත්‍යය යළි තහවුරු කිරීම වෙනුවෙන් රජය විශාල වෙහෙසක් දරමින් සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

දුෂණය හා වංචාව නතර කිරීමට රාජ්‍ය ආයතන තමන්ට පැවරී ඇති වගකීම නිසි පරිදි තේරුම් ගෙන, ඒ සඳහා සහාය ලබාදිය යුතු බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ගුවන් තොටුපළේ අතහැර දමා ගිය ගමන් මලු විකිණීම ගැන ප්‍රචාර අසත්‍යයි

නිල නොවන සමාජ මාධ්‍ය පිටු සහ වෙබ් අඩවි හරහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙස පෙනී සිටිමින් ගමන් මලු අලෙවි කිරීමේ ජාවාරම්වලට නොරැවටෙන ලෙස ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ගුවන් තොටුපළේ අතහැර දමාගිය ගමන් මලු විකිණීමට ලබාදීම පිළිබඳ සමාජ මාධ්‍ය පළ කිරීම් වාර්තා වී තිබෙන බවයි සඳහන් වෙන්නේ.

මෙම තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

67750f81ad1a1

අනුරාධපුර – තන්තිරිමලය මාර්ගය ඔයාමඩුවෙන් අවහිර කර දුක කියූ ඔයාමඩුව ගොවීන්……

https://www.youtube.com/embed/_P5BxOTJeEA?si=V6VuNQw6BijNIVRY” title=

තියෙනවා තියෙනවා කිව්වට ගම්වල නැති කැකුළු හාල්…ප්‍රශ්නය එක දෙක වෙයිද ?

https://www.youtube.com/embed/6q-HA0B-Zyo?si=Ai2-nFB4kNYPX7Nt” title=

බිංගිරිය ඇගළුම් ආයතනයේ සිදුවීම ගැන විරෝධයට මැදිවූ මාලිමා මන්ත්‍රී විජේසිරි බස්නායක කියන කතාව…..

https://www.youtube.com/embed/10fBGsnesDY?si=Qz5FiVYF-JoQYy0V” title=

අගබෝ නිසා උනුසුම් වුන තිරප්පනේ…ජාතික ජනබලවේග කාර්යාලය ඉදිරියේ උනුසුම් තත්වයක්……

https://www.youtube.com/embed/1Zu_G_PMtWM?si=AKDWb5735481PZQW” title=

දූෂණ විරෝධි පනත සංශෝධනය කිරීමට කමිටුවක්

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතට අනුව විමර්ශන, නඩු පැවරීම, පරිපාලනමය සහ අධිකරණමය කටයුතු සිදු කිරීමට යාමේදී අල්ලස් කොමිසමට සැලකිය යුතු නෛතික අර්ථ නිරූපණ හා තාක්ෂණික ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබෙනවා.

ඒ අනුව දූෂණ විරෝධි පනතේ ඇතැම් වගන්ති සංශෝධනය කිරීමට සහ අලුතින් වගන්ති කිහිපයක් ඇතුළත් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් යෝජනා කර තිබෙනවා.

ඒ අනුව අත්‍යවශ්‍ය ලෙස සංශෝධනය කළ යුතු වගන්ති හා ඇතුළත් කළ යුතු නව වගන්ති පිළිබඳව නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස කමිටුවක් පත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

6773cccf8d296

තිළිණ ගමගේ ඇතුළු මහේස්ත්‍රාත්වරු තිදෙනෙකුට ස්ථාන මාරු

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි පත් කර තිබෙනවා.

ඒ අනුව, හිටපු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මොරටුව දිසා විනිසුරුවරයා ලෙස පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු මහේස්ත්‍රාත්වරිය පත්කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ආනයනික සහල් මෙට්‍රික් ටොන් 79,000 ක් නිශ්කාෂණය කර අවසන් – රේගුව

අද (31) දින දහවල් 12.00 වනවිට ආනයනය කර රේගුවෙන් නිශ්කාෂනය කර ඇති සමස්ත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 79,000ක් බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

ආනයනය කර ඇති සහල් ප්‍රමාණය අතුරින් කැකුළු සහල් ටොන් 31,000ක් ද තැම්බූ සහල් ටොන් 48,000ක් ද වන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ සඳහන් කළේ.

එමෙන්ම රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ගෙන්වූ ටොන් 780ක් ද මෙම තොගය තුළ අඩංගු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

2025 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

2025 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2024-11-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති 2025 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්‌වෙන්නේ.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් නියමිතයි.

අදාළ කැබිනට් තීරණය පහතින්.

6773b60b1702b