මේ ආණ්ඩුවට පිං කිරීමත් ලොකු ප්‍රශ්නයක් වෙලා – නාමල්

Clean Sri Lanka බවට පවසමින් පාරේ ත්‍රීරෝද රථ සහ බස් රථ මෙන්ම පාරේ වෙළඳාම් කරන ජනතාව Clean කිරීම හරහා සිදුවන්නේ දෛනික වැටුප් ලබන ව්‍යවසායකයාට බඩට පහරක් වැදීම නම් එය වැරදි ක්‍රියාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

නීති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික විය යුතු බවයි අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ආණ්ඩුව හරි මඟට ගෙන ඒම සඳහා තමන්ටද වගකීමක් ඇති බවත් ආණ්ඩුව රට Clean කරන්න යන අතරේ, ආණ්ඩුව Clean කරදීමට ඔවුන්ට වගකීමක් ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ.

වර්තමාන ආණ්ඩුව යටතේ පිං කිරීමත් ගැටලුවක් බවට පත්ව ඇති බවත් සමහර දේශපාලන පක්ෂ පිං කරනවාට කැමැත්තක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මෙහෙම ගියොත් පුංචි ඡන්දෙදි ජනතාව ආණ්ඩුවට හොඳ සංඥාවක් දේවි – නලීන් බණ්ඩාර

ආණ්ඩුවට දින 100 ක් ගතවීම යනු තමන්ගේ හැකියාවන් පෙන්වීම සඳහා ආණ්ඩුවට ප්‍රමාණවත් කාලයක් ලැබීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසනවා.

ඒ අනුව ආණ්ඩුව මෙලෙසම ඉදිරියට ගියහොත්, ජනතාව එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් ලබාදෙනු ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

හොරු අල්ලන කටයුත්ත සඳහා කොන්දේසි විරහිතව ආණ්ඩුවට ඕනෑම සහයෝගයක් ලබාදෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කළා.

රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයෙන් විශේෂ චක්‍රලේඛයක්

විදෙස් රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන, ශ්‍රී ලංකාවේ පිහිටි විදේශීය දූත මණ්ඩලය සහ එතෙර පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සමග රජයේ අමාත්‍යාංශ සහ ආයතන පවත්වනු ලබන අන්තර් ක්‍රියා සම්බන්ධව ජනාධිපති කාර්යාලය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ නේවාසිකව සිටින තානාපතිවරු සහ දූත මණ්ඩල ප්‍රධානීන් විසින් මෙරට සංචාරයේ නිරතවන නියෝජිත කණ්ඩායම් සඳහා මෙරට අමාත්‍යවරු, ප්‍රභූවරු සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවීමට සෘජු වේලාවක් වෙන් කරගැනීම සිදුකරන ආකාරය සම්බන්ධව මෙහිදී අවධානයට ලක්ව තිබෙනවා.

එය පිළිගත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාපටිපාටියට පටහැනි බැවින් මින් පසු එම නියෝජිත කණ්ඩායම් සඳහා අවශ්‍ය වැඩසටහන් සම්බන්ධයෙන් විදේශ කටයුතු විෂය භාර අමාත්‍යාංශයේ සන්ධාන අංශයට ප්‍රථමව දැනුම් දිය යුතු බවත්, ඒ අනුව සන්ධාන අංශය විසින් මෙරට බලධාරීන්ගෙන් ඒ සඳහා සුදුසු වේලාවක් වෙන් කර ගැනීමේ කටයුතු සිදුකරනු ඇති බවත් එහි සඳහන්.

අදාළ චක්‍රලේඛය පහතින්.

677ba5313ce28pdf_page_1 677ba5312659fpdf_page_0

දෙමෝදර දී දුම්රියක් පීලි පනී

බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වූ මිශ්‍ර දුම්රියක් දෙමෝදර ප්‍රදේශයේදී පීලිපැනීමට ලක්ව තිබෙනවා.

ඒ අනුව බදුල්ල – මහනුවර දුම්රිය ගමනාගමනයට බාධා සිදුව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රයක් පිටවෙයි

උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගයට අදාළ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ පිටවී තිබෙනවා.

ඒ් අනුව මේ හේතුවෙන් උතුරු මැද පළාතේ පාසල්වල අද (06) දින පැවැත්වීමට තිබූ අවසන් වාර විභාගය කල් දැමීමට කටයුතු කළ බව උතුරු මැද පළාත් අධ්‍යාපන සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන සඳහන් කළා.

ඒ අනුව අද උදෑසන වනවිට කලාප 08ක කොට්ඨාස 30කට අයත් පාසල් 600කට අධික ප්‍රමාණයක අදාළ ප්‍රශ්න පත්‍රය බෙදාහැරීම නවත්වා තිබෙනවා.

අනුරාධපුර මුලස්ථාන පොලීසිය වෙත සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

159 ක් මන්ත්‍රී ධූර හම්බවුනාම මේ ගොල්ලෝ ඉන්නේ පොලොවටත් අඩි දෙකක් උඩින් – රෝහණ බන්ඩාර…..

https://www.youtube.com/embed/qdE18B0kXwg?si=jiVjR8RANtAPWb9M” title=

“ප්‍රහාර වලට අපි බය නැහැ” Clean Sri lanka වැඩසටහනට විවේචන කරන අයට ඇමති නලින් හේවගේ කියපු දේ……

https://www.youtube.com/embed/5hqaMEfULqw?si=vS7ewXuGEno0nn-V” title=

ජනතාවට වස විස පොවනවා..පුළුවන් තරම් බදු ගහනවා ආණ්ඩුවට තිස්ස සැරටම දෙහි කපයි…..

https://www.youtube.com/embed/twlhJ8GniV0?si=RXMKUxYqz4A007OP” title=

ඔස්ට්‍රේලියාව ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

ඉන්දියාව පරදා තරග 5 කින් යුත් බෝඩර් – ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 3-1 ක් ලෙස ජය ගනිමින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (05) සමත් වුණා.

ඒ, සිඩ්නි හීදී පැවැති ඉන්දු-ඔස්ට්‍රේලියා අවසන් ටෙස්ට් තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමත් සමඟයි.

ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීම පිළිබඳ බලාපොරොත්තු අත්හැරීමට ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට සිදු වුණා.

ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ජූනි 11 වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

SL vs NZ 1st ODI : නවසීලන්තයට කඩුලු 9 ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගය කඩුලු 9 කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 42 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 178 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 56 ක්, ජනිත් ලියනගේ ලකුණු 36 ක් හා වනිඳු හසරංග ලකුණු 35 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායායම වෙනුවෙන් Matt Henry කඩලු 4 ක් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම 26 වන පන්දුවාරයේදී එක් කඩුල්ලක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Will Young නොදැවී ලකුණු 90 ක් ලබා ගැනීමට සමත් වුණා.