රත්නපුර මහ සමන් දේවාලයේ නැවතුන වැඩ…ආණ්ඩුවේ පත් කිරීමකට එන දැඩි විරෝධය……

https://www.youtube.com/embed/3XyQNQ-S2tM?si=ACLkNUKuxC6uZ-Kv” title=

මහ මැතිවරණයේ වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ට නඩු පැවරීමට පියවර

මහ මැතිවරණයට අදාළව ආදායම් වියදම් වාර්තා ලබානොදුන් අපේක්ෂයින් සම්බන්ධයෙන් වන ලිපිගොනු සම්පූර්ණ කර නීතිමය කටයුතු සඳහා හැකි ඉක්මනින් පොලීසියට ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට දැනුම් දී තිබෙනවා.

ආදායම් වියදම් වාර්තා භාරදීම සඳහා සහන කාලයක් ලබා දී තිබූ අතර, එම කාලය අවසන්ව ඇතත් අපේක්ෂකයින් පිරිසක් ආදායම් වාර්තා ලබා දී නොමැති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතින බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට නව දිස්ත්‍රික් ලේකම්වරයෙක් පත් කරයි

ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් / දිසාපති පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ලෙස කටයුතු කළ චාමින්ද හෙට්ටිආරච්චි මහතා 2025-01-01 දින සිට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම හේතුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් / දිසාපති තනතුර පුරප්පාඩු වී පවතින බවයි සඳහන් වෙන්නේ.

එම තනතුර සඳහා දැනට ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කරනු ලබන, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ඩබ්ලිව්.ජී.එම්. හේමන්ත කුමාර පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

677cf7c90a184

Starlink පැකේජ 05 ක් සඳහා TRCSL අනුමැතිය

Starlink සේවාවට අයත් පැකේජ කිහිපයක් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව Starlink පැකේජයන් 05 ක් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

Residential (Fixed), Residential Lite (Fixed), Priority (Fixed), Roam (Mobility), Mobile Priority (Mobility) ලෙස මෙම පැකේජ නම් කර තිබෙනවා.

අදාළ පැකේජ ගාස්තු සම්බන්ධ විස්තර පහතින්.

677ce8a95f364pdf_page_0

ජපානයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩ මූල්‍ය සහ තාක්‍ෂණික සහාය

ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබාදෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) උප සභාපති HARA Shohei පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති අතර ජනාධිපති කාර්යාලයේ අද (07) පැවති හමුවේදී මේ බව සඳහන් කර තිබෙනවා.

ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පර්යන්තයේ සංවර්ධන කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇති අතර, JICA ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක සියලු ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ද එහිදී සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

677cddabd0092pdf_page_0

මගීන් බස්සවා යළි හැරී ගිය බස් රථයේ බලපත්‍රය අත්හිටුවයි

Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ සිදුකළ රථවාහන පරික්ෂාවක් අතර මොරටුව ප්‍රදේශයේදී බස් රථයක් මගීන් අතරමග බස්සවා ආපසු හැරී යාම සම්බන්ධයෙන් එම බස් රථයේ ධාවන බලපත්‍රය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මේ බව සඳහන් කර සිටියා.

Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ පොලීසිය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් බස් රථ සේවකයින් සහ බස් සංගම් නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කෙරේ

ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම පරිදී මෙලෙස දේවාලය යළි විවෘත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයාගේ ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව, ආගමික කටයුතු දෙපාර්තමේන්තුව විසින් තාවකාලිකව වෙනත් පුද්ගලයෙකු පත් කිරීමට විරෝධය පළ කරමින් එහි කපු මහතුන් දේවාලය වසා දැමීමට මින් පෙර තීරණය කර තිබුණා.

කටුනායකට පැමිණි ගුවන් යානා 04 ක් මීදුම නිසා ආපසු හරවා යවයි

කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද (07) අලුයම පැවති දැඩි මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් එහි ගොඩබැස්වීමට පැමිණි ගුවන් යානා 04 ක් වෙනත් ගුවන්තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළේ ධාවන පථය නිසියාකාරව නොපෙනීම හේතුවෙන් එම ගුවන් යානා මත්තල ගුවන්තොටුපොළට සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන්තොටුපොළ වෙත යොමු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඩුබායි, චීනය, ඉන්දියාව සහ තුර්කියේ සිට පැමිණි ගුවන් යානා මෙලෙස හරවා යවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඉන්දියාවෙන් HMPV වෛරසය ආසාදිත බිළිඳෙක් වාර්තා වෙයි

චීනයේ ව්‍යාප්ත වන නව වෛරසය වන Human metapneumovirus හෙවත් HMPV ආසාදනය පළමු වරට ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා.

ඒ් අනුව ඉන්දියාවේ බැංගලෝර් හි මාස 08 ක් වයසැති බිළිඳකුට මෙම වෛරසය ආසාදනය වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

පෙනහළු සහ ශ්වසන මාර්ගයට බලපාන ශ්වසන වෛරසයක් වන HMPV කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අයට වැඩි අවදානමක් ඇති කරන බවයි සඳහන් වෙන්නේ.

ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ වෛරසය එහි වර්තමාන ස්වරූපය අනුව දරුණු ආසාදන ඇති කිරීමට ඉඩක් නොමැති බවත්, එය කලබලයට පත්විය යුතු තත්ත්වයක් නොවන බවයි.

Clean Sri Lanka එකෙන් ගොවියාගේ අමුඩෙත් ගලවලා තමයි පස්ස බලන්නේ – හෙක්ටර් අප්පුහාමි

වත්මන් ආණ්ඩුව එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර බරපතල සාපයක් ඇති කරාවිදැයි සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පවසනවා.

ඒ අනුව ඊළඟ සිංහල හින්දු අලුත් අවුරුද්ද වන විට ජනතාවට හාල් කිලෝ එකක් රුපියල් 300 කට ලබා ගැනීමට වන තත්ත්වයක් නිර්මාණය වන බවයි අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

Clean Sri Lanka වැඩසටහන යටතේ ත්‍රීරෝද රථයේ බුදු පිළිමය ගැලවීමේ සිට, අවසානයේ ගොවියාගේ අමුඩයත් ගලවන තැනට පත්වනු ඇති බවද ඔහු සඳහන් කළා.

රටට වාහන ගෙන්වීමට කටයුතු කරන්නේ මිනිසුන්ට ආදරයකට නොව, අයවැය හිඟය පියවා ගැනීමට අවශ්‍ය කරන ආදායම පෙන්වීම සඳහා බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි වැඩිදුරටත් සඳහන් කළේ.