පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

2023 මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා අවලංගු කිරීමට සහ අලුතින් නාමයෝජනා කැඳවීමට හැකි වන පරිදි පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මීට පුළු මොහොතකට පෙර එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ පිළිබඳ විවාදය සිදුකිරීමෙන් අනතුරුව එම පනත සම්මත කර ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඉදිරි තෙවසර තුළ ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සංවර්ධනයට

මෙරට ජීවත්වන ජනතාවට ගුණාත්මක, ප්‍රශස්ත සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබා දීම සඳහා ඉදිරි තෙවසර තුළදී ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ මෙරට සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ආයුර්වේද වෛද්‍ය සභාවට සාමාජිකයන් පත් කිරීම වෙනුවෙන් ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙරට ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගත කිරීම සදහා දැනට පවතින ආයුර්වේද ක්ෂේත්‍රය සංවර්ධනයට පියවර ගැනීම මෙන්ම බටහිර, ආයුර්වේද, සිද්ධ, යුනානි, හෝමියෝපති, පාරම්පරික සහ දේශීය වෛද්‍ය ක්‍රමයන් පිළිබඳවත්, පවතින කාලීන ගැටලු පිළිබඳවත් මෙහිදී කරුණු විමසූ අමාත්‍යවරයා විසඳුම් ලබාදිය හැකි යැයි හඳුනාගත් ගැටළු රාශියකට කඩිනම් විසඳුම් ලබාදීමට එම අවස්ථාවේදීම කටයුතු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

දේශීය වෛද්‍ය ක්‍රමය මනා ලෙස සංවර්ධනය කරමින්, අනාගත ඉලක්කගතව, එම වෛද්‍ය ක්‍රමයට ගම්‍යවූ සුවිශේෂතා හඳුනාගනිමින්, එම සුවිශේෂතා සංචාරක ව්‍යාපාරය හා බද්ධ කර සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම ද රජයේ ප්‍රමුඛතම අරමුණක් බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ලංකාව ලබාගෙන ඇති සමස්ත ණයවලින් 70% ක් අරගෙන තියෙන්නේ ණයවල පොලිය ගෙවන්න – ධනනාත් ප්‍රනාන්දු

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති සමස්ත ණයවලින් 70% ක් ලබාගෙන ඇත්තේ ලබාගත් ණය වාරිකවල පොලිය ගෙවීමට බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව 2010 වසරේ සිට 2023 වසර දක්වා වන වසර 13 ක කාලය තුළ ශ්‍රී ලංකාව ලබාගත් ණයවලින් 47% ක් ලබාගෙන ඇත්තේ ඊට පෙර වසරවල ලබාගත් ණයවල පොළිය ගෙවීමට බවයි සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු සඳහන් කළේ.

ඊට අමතරව 26% ක් රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් එයද ණයවලට එකතු වී ඇති බවත්, ඒ අනුව දළ වශයෙන් ලබාගත් ණයවලින් 70% ක් ලබාගෙන ඇත්තේ පෙර ණයවල පොලිය ගෙවීමට බවද ඔහු සඳහන් කළා.

පත්වන ඕනෑම රජයකට පෙර පැවති රජයට වඩා ණය ලබා ගැනීමට සිදුවන බවත්, මෙය පාලනය කර ණය ගෙවීමට නම් ආදායම් එකතු කර ණය ගෙවිය යුතු බවයි ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු සඳහන් කළේ.

ගෝඨා​ගේ චිත්‍ර ඇඳිල්ලයි, අනුර කුමාරගේ දිසානායකගේ Clean Sri Lanka එකම ලයින් එකේ යන්නේ – අජිත් පී. පෙරේරා

වැඩබලන පොලිස්පතිවරයාට තනතුරත් අහිමිවන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි වැඩබලන පොලිස්පතිවරයා කටයුතු කර ඇති බවත් ජනාධිපතිවරයාගේ සැලැස්ම සහ දින වකවානු මොනවාදැයි ඇසීමට ඔහුට නොහැකි බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයේ චිත්‍ර ඇඳීම සහ අනුර කුමාර දිසානායකගේ Clean Sri Lanka ව්‍යාපෘතියයි එකම මට්ටමක පවතින බවයි  පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ලබන වසරේ සිට විභාග කාලසටහන සාමාන්‍ය පරිදි පැවැත්වීමට පියවර

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන විභාග සැලැස්ම ලබන වසරේ සිට පෙර පැවැති පරිදි සාමාන්‍ය තත්ත්වයට පත් කරගැනීමට හැකි බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඒ අනුව 2026 වර්ෂයේ සිට පෙර පැවැති පරිදි සාමාන්‍ය ආකාරයට විභාග පැවැත්විය හැකි අතර, කොවිඩ් ආරම්භයට පෙර පැවැති ආකාරයට විභාග නිසි කාලය තුළ සිදුකිරීමට හැකි බවයි අගමැතිවරිය සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරිය මේ බව සඳහන් කළා.

තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජපානයේ සහාය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ පවසා තිබෙනවා.

එමෙන්ම, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නව පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ද කඩිනම් කිරීමට අපේක්ෂා කරන බවයි පාර්ලිමේන්තුවේදී කථානායක ජගත් වික්‍රමරත්න හමුවූ අවස්ථාවේදී ඔහු සඳහන් කර ඇත්තේ.

එමෙන්ම, ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාව පිළිබඳව සිහිපත් කළ ජපාන තානාපතිවරයා, ඉදිරියටද එම සම්බන්ධතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය සහාය ලබාදෙන බවද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

TRCSLහි ලියාපදිංචි නොකළ ජංගම දුරකථන භාවිතය තහනම් කිරීමට පියවර

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී නොමැති ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ මෙරට තුළ භාවිතය ඉදිරියේදී තහනම් කරන බව එම කොමිෂන් සභාව පවසනවා.

සන්නිවේදන උපකරණ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒම නතර කිරීම මෙහි අරමුණ බවයි එහි අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් සඳහන් කළේ.

ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් මෙම මස අවසානය වන විට හඳුන්වාදීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, දැනට භාවිත කරන ජංගම දුරකථනවලට මෙම නව වැඩපිළිවෙල මඟින් බාධාවක් සිදුනොවන බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ආණ්ඩුව මේ වගේ මෝඩ තිරනයක් ගනියි කියලා හිතුවේ නැහැ” පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන කියපු දේ……

https://www.youtube.com/embed/drvNn0r9p_k?si=I16l_3NW5PkHAwLY” title=

කාටත් අමතක වෙලා ගියපු X-PRESS PEARL සිදුවීම…නැවේ වන්දියට වුනේ මොකක්ද ?

https://www.youtube.com/embed/3ajgDHjBSOg?si=CUSvs-GinmSZe24x” title=

“උදව් කරන්න ඔනේ විදිහ මම ඉස්සරහට කියන්නම්” ඇමති නලින්ද ප්‍රශ්නයට දුන්න උත්තරේ…..

https://www.youtube.com/embed/LJ29KyKEEr0?si=o3WQ5Z9O14DNCpce” title=