දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි

දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදට (13) යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ අදවන් දුරුතුපුර පසළොස්වක පොහොය දිනක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

සුමන සමන් දෙවියන්ගේ ආරාධනයකට අනුව බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කර ඇති බවත් නැවත දඹදිවට වැඩ කිරීමට ප්‍රථම උන්වහන්සේ ලක්වාසී බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීම සඳහා කේෂ ධාතූ මිටක් ලබා දී ඇති අතර එම ධාතු නිදහන් කොට මහියංගන චෛත්‍ය ඉදිකර තිබෙනවා.

බිම්බිසාර රජු විසින් බුදුරජාණන් වහන්සේ ඇතුලු මහ සඟරුවනට වේලාවනාරාමය පුජා කර ඇත්තේ දුරුතු පොහොය දිනක බවද ශාසන ඉතිහාසයේ සඳහන්.

දුරුතු පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආමිස සහ ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.

“ඒ පුද්ගලික ජීවිතයෙන් අපිට වැඩක් නැහැ” මන්ත්‍රිනී නිලන්ති කොට්චචි ගැන නාමල් රාජපක්ෂ කියපු දේ……

https://www.youtube.com/embed/6iNgUOuy_jc?si=pSKpe37lvp_dD-XE” title=

ගායන ශිල්පී අජිත් බණ්ඩාරට මැර ප්‍රහාරයක්. විදේශ රැකියා එජන්සිකරුවෙකුගේ පුත්‍රයෙක්ට චෝදනාවක්

https://www.youtube.com/embed/sTEt1Cxt3-8?si=oc7oCXnF8Wmx4Xaf” title=

මහදිවුල්වැව දකුණු සොරොව්වේ ජල කාන්දුව හා ගිලා බැස්ම තාවකාලිකව වසා දැමෙයි….

https://www.youtube.com/embed/A8_nKqJDsiI?si=BbrGLB91tgRs_Hgc” title=

ඉන්ධන සඳහා අයකරන බදු එලෙසම පවත්වාගෙන යාමට රජය තීරණය කරයි

ඉන්ධන සඳහා අයකෙරුණු බදු එලෙසම පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2024 ජනවාරි 01 වනදා සිට පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 72 ක්, සුපිරි ඩීසල් ලීටර් ලීටරයක් සඳහා රුපියල් 57 ක සහ ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 50 ක බද්දක් අයකර තිබුණා.

ඒ අනුව එම බදු ප්‍රමාණයන් එලෙසම පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

දවුලගලදී පාසැල් සිසුවිය පැහැර⁣ගෙන ඇත්තේ ඇයගේ පියාගේ සහෝදරියකගේ පුත්‍රයෙක් – පොලීසිය

මහනුවර – දවුලගල ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණ පාසල් සිසුවියක් පැහැර ගැනීම සිදුකර ඇත්තේ දැරියගේ පියාගේ සහෝදරියකගේ පුත්‍රයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.

මෙම දැරියගේ සහ එම සැකකාර තරුණයාගේ විවාහය සඳහා දෙපාර්ශවයේ කැමැත්ත මුලින් ප්‍රකාශ කර තිබී ඇති අතර පසුව දැරියගේ පියා විසින් අකමැත්ත ප්‍රකාශ කර ඇති බව සඳහන් වෙන්නේ.

ඒ අනුව, ඇතිවූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් සැකකරු විසින් මෙම දැරිය පැහැරගෙන ගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනය අනුව අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.

දැරිය සොයා ගැනීමට සහ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 03 ක් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

නායයාම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ලවූ ඔහිය සහ ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයද යළි සාමාන්‍ය පරිදි සිදුකරන බවයි සඳහන් වෙන්නේ.

පවතින කාලගුණික තත්ත්වය මත ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන  අතර සිදුවූ නායයාම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා සිදුව තිබුණා.

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් දිවුරුම් දෙයි

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම්දී තිබෙනවා.

ඒ අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්.එම්.එස්.රාජකරුණා මහතා, මේනකා විජේසුන්දර මහත්මිය, සම්පත් බී. අබේකෝන් මහතා සහ එම්.එස්.කේ.බී.විජේරත්න ජනාධිපතිවරයා ඉදිරියේ මෙලෙස නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් ලෙස  දිවුරුම්දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

678361431c2d8pdf_page_0

උඩරට දුම්රිය මාර්ගයේ නායයාමක් හේතුවෙන් ගමනාගමනයට බාධා

පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් ඔහිය සහ ඉදල්ගස්ඉන්න දුම්රිය ස්ථාන අතර නායයාමක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බවයි සඳහන් වෙන්නේ.

මේ වනවිට දුම්රිය කාර්ය මණ්ඩල යොදවා අදාළ ස්ථානයේ පස් ඉවත් කිරීමේ කටයුතු සිදුකරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

වාහන මිල සම්බන්ධයෙන් ගණනයක් කළ හැක්කේ ආනයනයෙන් පසුවයි – වාහන ආනයනකරුවන්

වාහන ආනයන බදු 400% ත් 500% ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

මේ වනවිට වාහන සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව එහි අඩංගුවන්නේ එක බදු වර්ගයක් පමණක් බවත් මෙයට තවත් බදු වර්ග 4 ක් එක්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසන්නේ.

පැරණි වාහනවල මිලට වඩා නව වාහනවල මිල ඉහළ යන තත්ත්වයක් පෙන්නුම් කරන බවත් තවමත් නිවැරදි ගණනය කිරීමක් සිදු කළ නොහැකි නිසා පෙබරවාරි 1 වනදා වාහන ආනයනය කරන තෙක් ඉවසීමෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළා.

වාහන ආනයනයෙන් පසුව වාහනවල මිල සම්බන්ධයෙන් අදහසක් ලබාගැනීමට හැකි බවත් එතෙක් කිසිඳු පුද්ගලයෙකුට අත්තිකාරම් මුදල් ගෙවීමෙන් වළකින ලෙසයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.