ජනපති සහ චීන ජනපති අතර නිල සාකච්ඡා ආරම්භ වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන ජනාධිපති Xi Jinping අතර නිල සාකච්ඡා මීට සුළු මොහොතකට පෙර ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව අදාළ සාකච්ඡා එරට වේලාවෙන් පස්වරු 5.00 ට පමණ චීන මහජන ශාලාවේදී ආරම්භ වී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම නිල සාකච්ඡාවලින් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට ද නියමිතව තිබෙනවා.

දේශපාලනයේ වයස ගිය අයට කරන්න තියෙන හොදම දේ පෝය දවසේ දයාසිරි කියලා දෙයි….

https://www.youtube.com/embed/J4KYzlagPwM?si=kb3fXAO5NYypa_yK” title=

පොහොට්ටුවේ දේශපාලන ගැන ආන්ඩුවේ තත්වය ගැන කියපු තිස්ස කුට්ටිආරච්චි….

https://www.youtube.com/embed/SfPwvOEh1BM?si=l-LRV3Oz7n9T24_f” title=

සිව්දින නිල සංචාරයක් සදහා ජනපති අනුර දිසානායක චීනය බලා පිටත් වුන අයරු…..

https://www.youtube.com/embed/JggDsZrP_1g?si=xT2oFTdLlho0kQX9″ title=

වැඩබලන අමාත්‍යවරු 05 ක් පත්කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශය 03 සඳහා මෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හා ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ අමාත්‍යවරුන් පහතින්.

6785cdc9e2afepdf_page_0

ඩිජිටල් හැඳුනුම්පත කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා – එරංග වීරරත්න

ඩිජිටල් හැඳුනුම්පත කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසනවා.

අලුතින් ලබාදෙන සියලුම හැඳුනුම්පත් ඩිජිටල් කිරීමට බලාපොරොත්තු වන බවයි අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතිය සකස් කිරීමට රු බිලියන 20ක් වැනි පිරිවැයක් දැරීමට සිදුවන බැවින් ඉන් අඩක් හෝ ඉන්දීය ආධාර යටතේ ලබාගැනීමට තීරණය කර ඇති බවද ඔහු සඳහන් කළා.

ඩිජිටල් ජාතික හැඳුනුම්පතට අදාළ ජෛවමිතික දත්ත එකතු කිරීම ඉන්දියානු සමාගමකට ලබාදී ඇතැයි ඇතැමුන් සිදුකරන පදනම් විරහිත ප්‍රකාශවලට නොරැවටෙන ලෙසත් ඩිජිටල් පද්ධතිය මුල් අවස්ථාවේ සකස් කරදීම උදෙසා පමණක් ඉන්දියානු සමාගමක් සම්බන්ධ කරගන්නා බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක්

කොළඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (13) දිනට කොළඹ වරායෙන් බහාලුම් 459ක් නිදහස් කර ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ සඳහන් කළේ.

රේගුවෙන් දිනකට පරීක්ෂා කර බහාලුම් 500ක් පමණ නිදහස් කළ හැකි වුවත් නිෂ්කාශන නියෝජිතයින්ගේ හා ලොරි රථ රියදුරන්ගේ පැමිණීම අඩු වූ නිසා නිදහස් කළ හැකි ප්‍රමාණය මෙසේ පහත මට්ටමක පැවතුණු බවයි සඳහන් වෙන්නේ.

අද (14) උදෑසන වනවිට දොරටු අවසරපත් නිකුත් කොට එහෙත් භාණ්ඩ පරීක්ෂණ අංගන වෙත නිදහස් කිරීමට වරාය තුළ බහාලුම් 496ක් ඉතිරි වී ඇති බවත් අද නිවාඩු දිනයක් වුවත් රේගුව සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන බහාලුම් නිදහස් කිරීමේ කටයුතුවල යෙදෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන උපයෝගිතා කොමිසමේ අවසන් තීරණය සිකුරාදා

විදුලි ගාස්තු සංශෝධනයට අදාල සිය අවසන් වාර්තාව එළඹෙන සිකුරාදා නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

ඒ සඳහා මහජන අදහස් විමසීම ඉකුත් 10 වනදායින් අවසන් වු බවයි එම කොමිසම සඳහන් කළේ.

සෑම පළාතක්ම නියෝජනය වන පරිදි මහජන අදහස් ලබාගත් විමසීම සිදු කෙරුණු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

දිනකට නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 2,500 දක්වා වැඩි කිරීමට පියවර – මහජන ආරක්ෂක ආමාත්‍යාංශය

දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500 බැගින් නිකුත් කිරිමට පියවර ගෙන ඇතැයි මහජන ආරක්ෂක ආමාත්‍යාංශය පවසනවා.

මීට පෙර දිනකට ගමන් බලපත්‍ර 1,200 නිකුත් කළ බවයි අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ.

ඇතැම් පුද්ගලයින්ට ගමන් බලපත්‍ර ලබා ගැනීමට මාස 03ක පමණ කාලයක් බලා සිටීමට සිදුව ඇති බවත් කිසියම් කෙනෙකුට හදිසියේ විදේශගත වීමට අවශ්‍යනම් ඒ සදහා ගමන් බලපත්‍ර ලබාගැනීමට වෙනම කවුළුවක් විවෘත කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ගොඩගැසී ඇති නඩු ගැන අධිකරණ ඇමති වාර්තාවක් කැඳවයි

අධිකරණවල ගොඩගැසී ඇති නඩු හැකි ඉක්මණින් විසඳීමට වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව නඩු ගොනු විශාල ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවයි අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර සඳහන් කළේ.

ගොඩගැසී ඇති නඩු ගොනු සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත තොරතුරු අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බව අමාත්‍යවරයා සඳහන් කළා.