සිරකරුවන් පිරිසකට අද රාජ්‍ය සමාව හිමිවෙයි

77 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් අද (04) සිරකරුවන් පිරිසකට විශේෂ රාජ්‍ය සමාව හිමිවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව  පුරා බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 285ක් අද (04) දිනයේදී නිදහස් කිරීමට නියමිතව ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විශේෂ රාජ්‍ය සමාවට සුදුසුකම් ලබන පිරිමි සිරකරුවන් 279ක් ද, කාන්තා සිරකාරියන් 6 ක් සිටින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ව්‍යාජ ලෙස එකලස් කළ මෝටර් රථ 05 ක් රත්නපුරයෙන් සොයා ගැනේ

කූඨ ලේඛන සකස් කර එකලස් කරන ලද කෝටි 07 ක් වටිනා මෝටර් රථ 05 ක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් රත්නපුර – කලවාන ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙනවා.

ඒ අනුව කලවාන – පොල්කොටුවේ ගඩ්ඩා නමින් හදුන්වන කෝටිපති වාහන අලෙවිකරුවෙකු, ව්‍යාජ එන්ජින් අංක සහ චැසි අංක කොටා කූඨ ලේඛන සකස් කර වාහන අලෙවිකරන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මේවා සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ මෝටර් රථ 05 ස්ථාන තුනක සූක්ෂම ලෙස සඟවා තිබියදී සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

රේගු පරීක්ෂාවෙන් තොරව කන්ටේනර් නිශ්කාෂණය කළ බවට පළවන වාර්තා විමර්ශනයට කමිටුවක්

ආනයනික කන්ටේනර් 323 ක් රේගු පරීක්ෂාවෙන් තොරව නිශ්කාෂණය කළ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය විසින් විමර්ශනයට කමිටුවක් පත්කර තිබෙනවා.

අදාළ විමර්ශන කමිටුව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ. කේ සෙනවිරත්නගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන බවයි සඳහන් වෙන්නේ.

කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ අතිරේක ලේකම් එස්. බී ජයසුන්දර, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.පී කුමාර, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. පී කුරුම්බලපිටිය සහ ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සපුමල් ජයසුන්දර කටයුතු කරන බවයි සඳහන් වෙන්නේ.

නිදහස් දින සැමරුම හෙට

‘ජාතික පුනරුදයට පෙළගැසෙමු’ තේමාව යටතේ 77 වැනි නිදහස් උත්සවය නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී හෙට (04) පැවැත්වීමට නියමිතව තිබෙනවා

අඩු පිරිවැයකින්, මහජනතාවට සිදු වන පීඩා අවම වන අන්දමින් හා වැඩි ජන සහභාගිත්වයකින් යුතුව මෙවර නිදහස් දින උත්සවය පැවැත්වීමට නියමිත බවයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව හමුදා සාමාජිකයන් 1,873කට හමුදා පෙළපාළිය සීමා කර ඇති අතර ගිය වසරට සාපේක්ෂව හමුදා පෙළපාළියේ සාමාජිකයන් සංඛ්‍යාව 1,511කින් අඩු කර තිබෙන බවයි සඳහන් වෙන්නේ.

මෙවර පෙළපාළිය සඳහා ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ ආදිය යොදා නොගැනී­මටත්, ගුවන් යානා තුනක් පම­ණක් යොදා ගැනීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

හෙට සුරාසැල් වැ​සේ

හෙට (04) සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

77 වන ජාතික නිදහස් සමරු උත්සවය වෙනුවෙන් මෙලෙස සුරාසැල් වසා තැබෙන බවයි සඳහන් වෙන්නේ.

අදාළ නීතිය කඩකරන පිරිස් වෙත නීතිමය පියවර ගන්නා බවයි සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන් 4,943 ක් හඳුනාගැ​නේ

ජනවාරි මාසය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව ජනවාරි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 4,943 දෙනෙකු වාර්තා වී ඇති බවත් ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 1,382 ක් ලෙසයි සටහන් වෙන්නේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 764ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 315ක් ඩෙංගු රෝගීන් හඳුනාගෙන තිබෙන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.

පවතින තත්ත්වය මත තම අවට පරිසරය පිරිසිඳු කර ගැනීමට කටයුතු කරන ලෙසයි ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

සුප්‍රසිද්ධ ව්‍යාපාරි​ක හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රසිද්ධ කර්මාන්තකරුවෙකු සහ ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 82 වන වියේ පසුවූ බවයි සඳහන් වෙන්නේ.

හැරී ජයවර්ධන Distilleries Company, Aitken Spence, Lanka Milk Foods, Melstacorp, Balangoda Plantations, Browns Beach Hotels, HNB Bank, DFCC Bank ඇතුළු සමාගම් රැසක කොටස් හිමියෙක් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු හා සභාපතිවරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.

තවමත් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පන වුනත් දෙන්න පුළුවන් කියන මන්ත්‍රී රෝහිත…

https://www.youtube.com/embed/UgbF7SkEJL4?si=io4SiOiZ1rVRX25G” title=

ජනාධිපති යන අස්සේ නියෝජය ඇමති නාමල්ට ලැබුන කාන්තා ප්‍රතිචාරය…

https://www.youtube.com/embed/3jr_tTpS0KI?si=tnmKIVwQNv2U6szt” title=