බුද්ධිමය දේපල පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ලෝක බුද්ධිමය දේපළ සංවිධානය විසින් පරිපාලනය කරන මැඩ්රිඩ් සන්ධාන පත්‍රයට ප්‍රවේශ වීමේ කටයුතු ඉදිරියට සිදු කිරීම හා ඒ සඳහා 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතට අවශ්‍ය සංශෝධන සිදු කිරීම පිණිස 2020-02-12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබූ බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව, සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත මෙතෙක් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර නොමැත. ඒ අතරතුර, වෙළෙඳ සහ සේවා ලකුණු ජාත්‍යන්තරව ලියාපදිංචි කිරීම හා ආශ්‍රිත තවත් සංශෝධන කිහිපයක් එකී පනත් කෙටුම්පතට ඇතුළත් කිරීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇති බවයි සඳහන් වෙන්නේ.

එම සංශෝධන ද ඇතුළත් කරමින් 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත සකස් කිරීමේ කාර්යය කඩිනමින් නිම කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

67a34babd3904

මාස 34 කට පසු කොටස් වෙළෙඳපොළේ දරුණුතම කඩාවැටීම අද වාර්තා වෙයි

අද (05) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත කඩා වැටීමක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 500.39 කින් පහළ ගොස් ඒකක 16,456.10 ක් ලෙසින් සටහන් වී ඇති බවයි සඳහන් වෙන්නේ.

එය 2022 අප්‍රේල් මස 26 වන දිනෙන් පසු මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් ඇතුළත කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය වැඩිම ඒකක ගණන ලෙසයි වාර්තා වෙන්නේ.

අද දිනයේ S&P SL20 මිල දර්ශකය ද ඒකක 167.18 කින් පහළ ගොස් ඒකක 4,898.04 ක් ලෙස සටහන් වූ අතර අද ගණුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 6.35 ක් වාර්තා වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 ම ක්‍රියාත්මක කිරීමට තීරණයක්

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී ඇතිවී තිබෙන ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දිනකට විදෙස් ගමන් බලපත්‍ර 4000 ක් නිකුත් කිරීමට නියමිත බවයි අද (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.

එම සේවය ලබාදීමට අවශ්‍ය අමතර කාර්යමණ්ඩලය සපයා ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ලබා ඇති නිලධාරීන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාව මත කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීමට ගත් යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

67a3314be23f6

නාවලපිටිය කලබමින් සැමියා අතින් බිරිදගේ ජීවිතය අවසන් වුන පවුල් ආරවුල……

https://www.youtube.com/embed/ASRuromBLHg?si=RrJ47bcokcz__c_d” title=

ආප්පෙට මතක නැහැ තාච්චිය හිටපු විදිහ ඇමති නාමල්ට අමතක වුනා කියන දේ….

https://www.youtube.com/embed/o_–8Fh2_oY?si=ewLlmfPz-ia28Rsu” title=

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කළ යුතුයි – මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්

යුද්ධයේ මුවාවෙන් රට තුළ බිහි වූ ඒකාධිපති වියරුව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මරු පහරක් බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පවසනවා.

ඒ අනුව පවතින දූෂිත ක්‍රමවේදය වෙනස් කර රටට සැබෑ නිදහස උදාකර දීම වෙනුවෙන් වහාම වත්මන් ව්‍යවස්ථාව අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස ජනපති ඇතුළු වත්මන් රජයෙන් ඉල්ලා සිටින බවයි දිව්‍ය පුජාවට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ.

ඒකාධිපති ක්‍රමයට පාර කපා දුන් නීති රාමුව තුළ නායකයින් තමන්ට ලැබුණු අසීමිත බලය අවභාවිත කළ බවත් රටේ නුතන ප්‍රජාතන්ත්‍රවාදය ලෙයින් තෙත් කළ භීෂණ සංස්කෘතියේ උල්පත ලෙස ලෙසද ඒකාධිපති ව්‍යාවස්ථාව හැඳින්විය හැකි බවද අගරදගුරු තුමන් සඳහන් කළේ.

එම ව්‍යවස්ථාව වහා අහෝසි කර රට තුළ ආගමික, සංස්කෘතික හා සමාජීය නවෝදයක් ඇති කළ හැකි දුෂණයට, භීෂණයට හා අවනීතියට කිසිදු ඉඩක් ලබානොදෙන සියලු ජන කොටස් එක මවකගේ දරුවන් මෙන් එකතු කරන්නට ඉඩ සලස්සන්නට නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බවයි අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පැමිණිලි බාර නොගෙන ප්‍රතික්ෂේප කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර

පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණෙන පාර්ශවයන්ගේ පැමිණිලි බාර නොගෙන ප්‍රතික්ෂේප කරන නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

ඒ අනුව විනය ක්‍රියාමාර්ගවලට අමතරව පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව එවැනි නිලධාරීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද හැකියාව පවතින බවයි චක්‍රලේඛයක් නිකුත් කරමින් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කරන්නේ.

පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පැමිණෙන පාර්ශවයන්ගේ පැමිණිලි වාර්තා නොකර නොයෙකුත් කරුණු ඉදිරිපත් කරමින් එකී පැමිණිලි ප්‍රතික්ෂේප කරනු ලබන බවට තමා වෙත ලිඛිතව සහ වාචිකව පැමිණිලි ලැබී ඇති බවයි වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ.

පොලිස් ස්ථාන වෙත වාර්තා වන පැමිණිලි සටහන් කිරිම සහ විමර්ශනය කිරීම පොලිස් නිලධාරීන්ගේ යුතුකමක් හා වගකීමක් වන බව ද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

ඩිජිටල් ගෙවීම්වල නව යුගයක් සනිටුහන් කරමින් GovPay පෙබරවාරි 7 එළිදකී

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස GovPay පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එම සමාරම්භක උත්සවය පෙබරවාරි 7 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදු කෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය මෙමඟින් අපේක්ෂා කෙරෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

67a0838d30ccfpdf_page_0

රටට ආර්ථික සමාජීය, සංස්කෘතික නිදහස පූර්ණ ලෙස දිනාගැනීමේ මෙහෙයුම තුළ අප සැම එකම අරගල බිමක අරගලකරුවන් – ජනපති

නූතන පුරවැසියන් ලෙස අභිමානවත්ව ජීවත්වීමට අවශ්‍ය නිදහස නිර්මාණය කර ගැනීම වෙනුවෙන් එක්ව යා යුතු ගමනක් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

රටට ආර්ථික සාමාජීය හා සංස්කෘතික නිදහස පූර්ණ ලෙස දිනා ගැනීමේ මෙහෙයුම තුළ ඔබ අප සියලු දෙනා එකම අරගල බිමක අරගලකරුවන් වන බව මතක තබා ගත යුතු බවයි නිදහස් දිනයේ ජාතිය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ගෝලීය ආර්ථික පද්ධතිය තුළ දුබලයෙකු නොවී ආර්ථික තලය තුළ අපගේ නිදහස සාක්ෂාත් කර ගැනීම සඳහා අප සියලු දෙනා එක්ව මාතෘ භූමිය වෙනුවෙන් කැපවිය යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව ආර්ථික නිදහස වෙනුවෙන් සිදුකරන අරගලය තුළ සමාජීය හා සංස්කෘතික නිදහස කිසිඳු ලෙසක දෙවැනි කොට තැකීමට සූදානම් නොමැති බවත් මේ සඳහා  රටේ විවිධ ක්ෂේත්‍රවලට වගකීම් පැවරී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

අනාගත පරපුරට තමා විසින් භාරදෙන රට තමාට ඉතිහාසය විසින් භාරදුන් රට නොව, ජීවත්වීමට ආසා කරන පුරවැසි අභිමානය ගරු කරන දියුණු සංස්කෘතික රටක් වන බවට සපථ කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.