වියට්නාම් ජාතික සභාවේ නියෝජ්‍ය කථානායක යෙන් ඩක් හායිගේ ප්‍රධානත්වයෙන් යුත් වියට්නාම නියෝජිත පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්නගේ ආරාධනයකට අනුව ඔවුන් සිව්දින නිල සංචාරයක් සඳහා මෙහි පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.
ඔවුන් කථානායක ජගත් වික්‍රමරත්න, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, නියෝජ්‍ය කථානායක රිස්වි සාලි ඇතුළු තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හමුවීමට නියමිතව තිබෙනවා.