සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව තෙල් සංස්ථාවෙන් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය

sapugaskanda

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් වෙන් වූ රාජ්‍ය ව්‍යවසායයක් ලෙස ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ එකම ඉන්ධන පිරිපහදුව වන සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව 1969 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර, පිරිපහදු කළ ඛනිජතෙල් නිෂ්පාදන සඳහා වන දේශීය ඉල්ලුමෙන් 25%ක් පමණ එම පිරිපහදුව විසින් සපයනු ලබන බවයි සඳහන් වෙන්නේ.

අදාළ පිරිපහදුව යාවත්කාලීන කර තවත් වසර 25ක පමණ කාලයක් භාවිත කිරීම පිණිස තීරණාත්මක ආයෝජනයක් සිදු කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇති අතර, ඒ සඳහා අවශ්‍ය ආයෝජනයන් දේශීය සහ විදේශීය පුද්ගලික අංශ මඟින් සපයා ගැනීමට හැකි වන පරිදි සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වෙනම රාජ්‍ය ව්‍යවසායයක් ලෙස ස්ථාපනය කිරීම යෝග්‍ය බව පෙනී ගොස් ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.