Visa ප්‍රමාදය ගැන ගුවන්තොටුපොළේ නිලධාරීන්ට බැන වැදුණු තරුණයා පොලීසියට කැඳවයි

visa-person-shouted

පසුගිය මැයි 01 වැනිදා දින කටුනායක ගුවන්තොටුපොළේ Visa නිකුත් කිරීමේ දී ඇති වු ප්‍රමාදයක් හේතුවෙන් එහි නිලධාරීන්ට දෝෂාරෝපණය කරමින් බැන වැදුනු තරුණයා අද (06) උදෑසන ගුවන් තොටුපොළ පොලීසිය වෙත කැඳවා තිබෙනවා.

වෘත්තියෙන් නීතිඥවරයෙකු වන සඳරුවන් කුමාරසිංහ නැමති අදාළ තරුණයා අද උදෑසන 10.00ට පමණ ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ වන විටත් අදාළ තරුණයා ප්‍රකාශයක් ලබාදෙමින් ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.