මධ්‍යම අධිවේගයේ කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීම පිළිබඳව වාර්තාව නිකුත් වේ

m-highway

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකරමින් පැවතුන කොටසක කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීම පිළිබඳව සිදුකළ පරීක්ෂණයේ වාර්තාව නිකුත් වී තිබෙනවා.

ඒ අනුව අදාල ඉදිකිරීම් ප්‍රමාදවීම මෙම කොන්ක්‍රීට් බාල්කය කඩාවැටීමට මූලික හේතුවක් බවයි විමර්ශණවලදී හෙළිවී තිබෙන්නේ.

බාල්ක අතරේ යොදා තිබෙන රබර් පටි කාලගුණ තත්ත්වයන්ට නිරාවරණය වී තිබීමද තවත් හේතුවක් ලෙසින් දැක්වෙන අතර මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ අදාල රබර් පටි ආවරණය වී තිබිය යුතු වුවත්, අව්, වැසි වලට නිරාවරණය වීමෙන් එහි ගුණාත්මක තත්ත්වය පහත වැටී ඇති බවයි.

ටොන් 80 ක පමණ බරකින් යුතු කොන්ක්‍රීට් බාල්ක කොටස ඇද වැටීමට දෙදරීමක් හේතු වන්නට ඇතැයි වාර්තාවෙන් පෙන්වා දෙන අතර, මෙම ප්‍රදේශය ආශ්‍රිතව ගල්කොරියක වැනි දෙදරීමක් වූවාදැයි සැක කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.