රට කිසිඳු බාධාවකින් තොරව ස්ථාවර ගමනක ගමන් කරනවා – වජිර

wajira-abewardhana

දිනෙන් දින කඩා වැටුණු ආර්ථිකය ශක්තිමත් කරමින් නව මාවතකට පිවිස ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

ඒ අනුව රට කිසිඳු බාධාවකින් තොරව ස්ථාවර ගමනක ගමන් කරමින් ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යනු ආසියාවේ සහ මෙම කලාපයේ සිටින දේශපාලන පළපුරුද්ද වැඩියෙන්ම ඇති නායකයා බවයි වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.