පසුගිය මාස දෙක තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 341 ක් මරුට

nihal-thalduwa

මෙම වසරේ මුල් මාස දෙක තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 341 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පවසනවා.

ඒ අනුව මෙම වසරේ ජනවාරි 01 වනදා සිට මාර්තු මස 01 වනදා දක්වා කාලය තුළ මාරක රිය අනතුරු 324 ක් වාර්තා වී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

එම අනතුරුවලින් පුද්ගලයින් 641 ක් බරපතල තුවාල ලබා ඇති බවත් පුද්ගලයින් 341 දෙනෙකු මිය ගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

යතුරුපැදි ත්‍රීරෝද රථ ධාවනය කිරීමේදී විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත්, පදික මාරුවේදී ද පදිකයින් මාරුවන අවස්ථාවේදී වාහන හිමියන් කල්පනාකාරී විය යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.