අත්හිටවු බස්නාහිර පළාත් පාසල් විභාග අද යළි ආරම්භ වෙයි

School-van-v1

තාවකාලිකව අත්හිටුවා තිබූ බස්නාහිර පළාතේ පාසල්වල 10 සහ 11 ශ්‍රේණිවල අවසාන වාර පරීක්ෂණ කටයුතු අද (06) දිනයේ සිට යළි පැවැත්වීමට නියමිතව තිබෙනවා.

වාර විභාගයේ මෙතෙක් නොපැවැත්වූ විෂයන් සඳහා විභාග කටයුතු පැවැත්වීමට නියමිතව ඇති බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්ලමේන්තුව ප්‍රකාශ කළේ.

විභාගය පැවැත්වීමට පෙර විද්‍යාව, ඉංග්‍රීසි සහ ගණිතය යන ප්‍රශ්න පත්‍ර  සමාජ මාධ්‍ය වෙත නිකුත් වීම හේතුවෙන් 10,11 ශ්‍රේණිවල විභාග කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබුණා.